වැලිවේරිය වෑබොඩ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි සැකපිට නීතීඥවරියක (31) අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් විශේෂ විමර්ශන අංශය කියයි.
නීතීඥවරිය ගම්පහ දිස්ත්‍රික්කයේ උසාවියක සේවය කරන්නීය.
වෑගොඩ පදිංචි තරුණිය මිනුවන්ගොඩ තරුණයකු සමග විවාහ වී ඇති බවත්, 2011 වසරේදී සැමියා දික්කසාද නඩුවක් ගොනු කළ බවත්, දික්කසාදය දීම සඳහා තරුණිය රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ඉල්ලා ඇති බවත් පොලීසිය කියයි.
ඊළග නඩුවාරයේදී උසාවියේදී සැමියා නීතීඥවරියට රුපියල් ලක්ෂ පහ දුන් නමුත් ඇය ඒ මුදල තමාට නොදුන් බව පොලීසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරකදෝරු හොරු (ස)
අපි වරදක් කලාම උසාවි දානවා.. උසාවියේ නෝනා මහත්වරු වරදක් කලාම කා ගාවටද නඩු අහන්න යවන්නේ..! (නු)
හත්වලාමේ! 2011 දීපු සල්ලි වලට දැන්ද පොලිසි යන්නේ? (නි)
ජනප්‍රිය වෙන්න හිතුවද දන්නේනෑ.මොනව උනත් නෝනෙ කතාව ඇත්තනම් වැඩේ කැතයි.ගෑණියෙක් ගැහැනියකුටනේ වංචා කරලා තියෙන්නේ (ස)
මෙයා අනිත් පැත්තේ කෙනෙක්ද? (නි)
නීතිඥවරුන්ට වියදම් කරපු සල්ලි වලට, ඉස්සරහට අපිටත් නඩු දාන්න කාලයක් එයි වගේ. (නි)
අර සෝභිත හාමුදුරුවන්ගෙන් ගුරුකමක්වත් කරගත්තා නම්.... මේ දවස් වල මැඩම්ලාට අපලයි. (නි)
හරියට නොදැන නීති නිලධාරිනිය විවේචනය කරන්න හොද නැහැ.. මොකද සාක්ෂි නැති නිසා... මොකද සේවා දායකයා සත්‍ය කියනවාද කියන්න අපේ සිත දියුණු නැති නිසා.!(නු)
කට්ටිය දැන් මේවත් ඉස්සර කරගෙන විරෝධතා කරන්න ගනීවිද දන්නේ නෑ (ස)
මෙයාට අපහාස කරා කියලා මෙයා වෙනම නඩුවක් දාවිද දන්නේ නෑ (ස)
නඩු ගාස්තුව වෙන්න ඇති ගන්න ඇත්තේ. (නි)
ඔහොම උනොත් නඩු අහන්න කෙනෙක් නැති වේවි (ස)
රටේ වෙන දේවල් ඇහුවහම හොර , බොරු, වංචා අපේ සංස්කෘතික අංගයන් කියලා හිතෙනවා (ස)
ඔතරම් විශාල මුදලක් අධිකරණ රෙජිස්ටාර්වරයා හරහා ගෙවීම කළ යුතුයි නේද? (නි)
අනේ අනිච්චං! කාට කියන්නද මේ අවනඩු? (නි)
ආ!!!ඒ අයත් වංචා කරනවද? (නි)
මෙන්න වැඩ... (ස)
එළවළු ටිකක් කන්න හිතිලා වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ (ස)
දැන දැන වැරදි කරද්දී වැඩි වැඩියෙන් දඩුවම් ලැබෙන බව එතුමියට අමතක වෙලාද? (නි)
පැය 48ක් ඇතුළේ තියාගනීවිද දන්නෙ නැහැ. (නි)