වම් අත කපා ඉවත් කැරුණු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ නීති පීඨයේ අවසන් වසරේ අචලා ප්‍රියදර්ශනී සිසුවිය පුහුණුවන නීති නිලධාරිනියක ලෙස රැකියාවට බදවා ගන්නා බව එලයන්ස් ඉන්ෂුවරන්ස් සමාගම කියයි.
සුවවූ පසුව රැකියාව බාරගන්නැයි එම සමාගමේ පිරිසක් ඉකුත්දා රෝහලට පැමිණ අචලාට දැනුම් දුන්නේය.
අචලා ඊට එකවූ බව ‘අචලාට අතක්‘ සංවිධානයේ සභාපති ජයන්ත දෙහිඅත්තගේ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් පින් (දී)
විදේශයක ජීවත්වන මට ලාංකිකයින් ගැන පුදුම සෙනහසක් දැනෙනවා. (නදී)
ඉතාමත් හොද වැඩක්.(නදී)
අචලාගේ ඉදිරි ගමනට ජය සහ ශක්තිය! (නි)
අදහන්න ඕන වැඩක් (දී)
අපේ රටේ තවමත් මිනිස්සු ඉන්නවා (දී)
අපෙන් සුබපැතුම්, නමුත් වෙච්ච සිද්දිය ගැන දුකයි (දී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දී)
අපි කවුරුවත් නොහිතපු දෙයක් මේක ස්තුති (දී)
ඉතාමත් හොද තීරණයක්. ඔබට ජය! (නි)
වචනයෙන් කියන්න බැරි සේවයක් (දී)
ජපානයේ නම් ආභාදිතයෙක් ආයතනයකින් රැකියාවක් ඉල්ලූ විට එම ආයතනය (සේවකගණන 5 ට වැඩි ආයතන )අනිවාර්යයෙන්ම ආභාදිතයට රැකියාව දියයුතුයි .නැතිනම් ආයතනය වැරදිකරු වේ . (දී)
ඒක පින් සිද්ද වෙන වැඩක් (දී)
ඔබ සියලු දෙනාටම ස්තුති (දී)
නැතිවූ අත නැවත ලබාදිය නොහැකි, නමුත් ශක්තිය ලබා දිය හැක (දී)
මතක තියාගන්න මේක ශ්‍රී ලංකාවයි, (දී)
ආඩමිබරයි ශ්‍රී ලාංකිකයෙක්වීම.(නදී)
ඔබේ දිවිය සාර්ථක වේවා ! (ස)
මාතර දොස්තරලත් මොකක්හරි කරාවි. (නි)
ඇය වැනි අයෙකුට රැකියාවක් දීමෙන් කළේ ලොකු පිනක්. (නි)
හොද වැඩක්. (නි)
සුභ පැතුම් ඔබට! (නි)
අචලා, රැකියාව භාරගනිද්දී කොන්දේසි පත්‍රය හොදින් කියවා බලන්න. (නි)
සැබෑ මිනිසුනේ, ඔබට තුති! (නි)
ගොඩක් හොදයි. තව හොදට ඔයා ඉගෙන ගන්න. (නි)
ඉක්මන් සුවය පතමි. මෙවන් අයට උදවු කිරීමට නීති උපදෙස් සහ ආධාර සංගමයක් හැදුවොත් හොද නැද්ද? (නි)
අපේ රටේ හුගක් රෝහල් වල දොස්තරලා සහ හෙදියන් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ එයාලගේ සෙල්ලම් බඩු කියලයි. (නි)
හරිම හොද දෙයක්.(නදී)
ඉතාමත් පින්වන්ත කටයුත්තක්. (නි)
මේක මහගු පිනක් (දී)
පින ළඟම පව තියෙනවා වගේම පව ළඟම තිබුණ පින නිසානේ අත නැතිවෙන විටම රැකියාවක් ලැබුනේ. මේ දරුවට මේ විපත නොවෙන්නට කොහෙද ඉන්නෙ ,මොකද කරන්නේ කියලා කවුරුත් සොයන්නේ බලන්නේ නැහැනේ. බලන්න ඒකෙත් හැටි. කරදරයක් වෙන්නම ඕනෑද කෙනෙක් දිහා බලන්න. අනේ මන්දා මේ ගැන හිතනවිට මොකක්ද මේ ධර්මතාවය කියලා හිතෙනවා. (නි)
අර ප්ලාස්ටර් දාපු මහත්තයා කීයක් වක් දීලා නැද්ද?(නදී)
ජීවිතයට යම් දෙයක් අහිමි වුවද එය තවත් දෙයකින් සමතුලනය වෙනවා දුවේ. හිතට ධෛර්යය ගන්න. (නි)
මෙම තරුණියගේ දුරකතන අංකය හෝ ලිපිනය ලබාගන්න අපට බැරිවේවිද? අපිට පුලුවන් ඇයට උදවු කරන්න. (නි)
මාර්කටින් එකක් නම් නොවේවා කියායි මේ ප්‍රාර්ථනය ! (නි)