කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක වන ඌරුබොක්කේ හීගොඩ අචලා ප්‍රියදර්ශනීගේ (23) වම් අත කපා දැමීමට සිදුවූයේ අත බේරා ගැනීමට නොහැකි වූ නිසා යැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බව ඔහු ද, ඇය දෙවැනි වරට ප්‍රතිකාර ගත් මාතර රෝහලේ අධ්‍යක්ෂිකා දොස්තර සමින්දි සමරකෝන් ද කියති.
සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් අරඹා ඇති බවත්, පරීක්ෂක කණ්ඩායමක් සඳුදා මාතර පැමිණීමට නියමිත බවත් ඇය කියන්නීය.
පසුගිය 17 වැනිදා ගමේදී පඩිපෙලකින් වැටී හීගොඩ රෝහලට ඇතුළු කළ ඇය එතැනින් මාතරට යොමු කළ බවත්, පසුගිය 18 වැනිදා කොළඹ රෝහලට එවූ බවත් දැනගන්නට ඇත.
ඇය ජාතික රෝහලට ඇතුළු කරන විට අත නිල් වී ‘මැරී‘ තුබූ බව වෛද්‍යවරු කියති.
මාතරදී ඇයට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බැන්ඩේජය දමා තිබිණි. බැන්ඩේජය දැමූ පසු ටික වේලාවකින් අත හිරිවැටී නිල් වූ බව ඇය කියන්නීය. ඇය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කිරීමට මුලින් අදහස් කළත් එහි වෛද්‍යවරයා නොසිටි නිසා අධිවේගී මාර්ගයෙන් කොළඹට යැවූ බව මාතර රෝහල් අධ්‍යක්ෂිකාව කියන්නීය.
ඇගේ මව ලෙබනනයේ රැකියාවකට ගොස් සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අකුරට (දී)
සොයුරිය ඔබට සියළු ශක්තියද , වරද කරුවන්‍ට දඬුවම්ද ලැබේවා! (දී)
ඒ ළමයාගේ මුළු අනාගතයම ඉවරයි (දී)
මේ වැඩේට නීතිමය පියවර ගන්න ඕනේ (දී)
මේ දියණිය වහාම පිටරටකට යවා ඉක්මනින් අතක් බද්ධ කරවන්න (ස)
පව්, අසරණ කෙල්ලෙක්. මුළු ජිවෙතේම ඉවරයි (දී)
අසරණ කමක තරම (දී)
කට්ටිය එකතු වෙලා එයාට කෘතිම අතක් ලබා දෙන්න ...................(ස)
නීති ශිෂ්‍යයාවක් වෙලත් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (දී)
මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
ඉක්මන් සුවය පතනවා අක්කේ ඔයාට (ස)
වෛද්‍ය වරු දෙවි වරු ලෙසයි අපි.සලකන්නේ ඒත් මේ වගේ වැඩ දකින කොට අපිටත් කල කිරෙනවා (දී)
ඉක්මන් පරික්ෂණයක් තියන්න (දී)
ලෝකෙ තියන උසස්ම වෘතියක්, කතා දෙකක් නෑ. ලංකාවේ වෛද්‍යවරන්ගෙ සේවයත් පැසසිය යුතුයි. ඒකෙත් දෙකක් නෑ. ඒත් නිබන්ධන කොපි කර විභාග වංචා කර වෛද්‍යවරුන් වෙන කට්ටියත් නැතුවාම නොවේ නෙද ? (ස)
සොයුරිය, දැන් තමයි ඔබට හොදම අවස්ථාව ලැබී ඇත්තේ. පසුබට නොවන්න. ඔබට තවත් අතක් ඇත. එය හිතේ තබාගෙන ඔබ හදාරන වෘත්තිය හොදින්ම හදාරන්න. එයම පිහිටට ගෙන ඔය නොසැළකිලිමත් වෛද්‍යවරුන් නිතිය හමුවට පමුණුවන්න. ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. මළමිනියටත් පණදිය හැකි ආයුර්වේද හෙළ වෙදකමක් තිබු අපේ රට මේ බටහිර විද්‍යාවෙන් සහතික ලබාගත් වෛද්‍යවරු කිහිප දෙනෙක්ගේ තිබෙන හීනමානය නිසා ඔබලාට අපට මේ ඉරණම අත්වි ඇත්තේ. මෙයම ඔබට ඉදිරිගමනට හොද පන්නරයක් වේවා !!!!!
ඌරුබොක්ක නගරයට අංග සම්පුර්ණ රෝහලක් තිබුණා නම් නිති සිසුවියට මෙවැනි අපරාධයක් වෙන්නේ නැහැ. (නි)
ඌරුබොක්ක ඡාතික පාසලින් නිති විදුහලට ඉතා අමාරුවෙන් ඉතා දුෂ්කර ගමකින් පැමිණි ඇයට අත්චු ඉරණම ගැන රටම කම්පා වෙනවා. ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඇයට උදවු කරමු. (නි)
දුප්පත් මිනිස්සුන්ට වෙන මෙහෙම අසාධාරණ සමහර වෙලාවට හෙළිවෙන්නෙත් නැහැ. (නි)
දැන් දොස්තරලා වැඩිපුරම ඉන්නේ එක්කෝ, සුපර් මාර්කට්ටුවේ. නැත්නම් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල. (නි)
සුනිමල්, මොනවද කියන්නේ? දොස්තරලා හැමවිටම බලාපොරොත්තු වෙන්නේ ලෙඩෙක් සුවපත් වෙනවා දකින්නයි. (නි)
මේ ඛේදවාචකය ඇතිකර සැමට දඩුවම් දෙන්න (ස)
මොන දේ කළත් තිබුණු අත ආයෙත් දෙන්න බැහැනේ. (නි)
වරද කොතැනද? සොයා දඩුවම් දෙන්න. (නි)
රෝගියෙකුට බෙහෙත් නියම කරනකොට ඒ සඳහා ක්‍රමවේදයක් දොස්තරලාට කියලා තියෙනවා. කිසිම කෙනෙක් ලංකාවේදී ඒක කරන්නේ නැහැ. වාඩිවෙන්නත් කලින් බේත් ලියලා "ඊළඟ එන්න" කියනවා. මේ අයම පිටරට ගිහින් සර්, මැඩම් කියලා බෙහෙත් දෙනවා. මේක දොස්තරලාගේ හීනමානයම තමයි. වෛද්‍ය ශිෂ්‍යයින් දැන් කරන්න ඕනෑ "මාලඹේ වේද කඩේ එපා කියන එකද? නැතිනම් හොර වෙද්දු එපා කියන එකද? මේ වගේ අත්වැරදීම වෙනවා නම් ඉතින් ආණ්ඩුවේ වෛද්‍ය පීඨ වලත් තත්ත්වය හිතාගන්න පුළුවන් නේද? දැන්වත් ඔය අනුන්ට ඊර්ෂ්‍යා කරන එක නවත්වලා තමුන්ගේ රස්සාව හරියට කරන්න ඉගෙනගන්න. (නි)
අපේ රජයේ රෝහල් වල ලෙඩාට ඇහුම්කන් දීම නම් සිදුවන්නේ බොහොම අඩුවෙන්. (නි)
මේ ඔබේම අසල්වැසි දියණියකි. ඔබේම නීති ශිෂ්‍යාවකි. ආරක්ෂක ලේකම්තුමනි. වහාම පරීක්ෂණයක් කරන්න. මෑත කාලයේ දකුණේ අපේ හදවත් සසල කළ මහා අපරාධයක් මේ. දයාබර සොයුරියේ, නුඹට මතුදිනක නීතියේ ඉහළටම නැගගන්න ඔය දෙපා ඇති. ඔසවන්නෙමු අපි මුළු දකුණේම දෑත්වලින්. (නි)
මගේ කණගාටුව නැගණියේ ඔබට! සුභ අනාගතයක් ලැබේවා! (නි)
ඉර්ෆාන් ධර්මා -ඇමෙරිකාව, ඔයා මගේ අදහස කොපිකළා නේද? ඔයා ඇමරිකාවේ ඉඳලත් මේ වගේ දේවල් කරනවද? (නි)
දැන් රෝහල් වල ඉන්නේ ඔලුව උදුම්මවාගත් දොස්තරලා. (නි)
සුනිමල් මේ ගැන කතා කරන්නෙ හරියට මේක නියපොත්තක් කැපිච්ච ගානට. හරිනම් මේ වගේ දොස්තරලට එරෙහි වෙන්න ඕනි දොස්තරලමයි තමන්ගෙ උතුම් සේවය හෑල්ලු කලාට.(ස)
තවත් කෙනෙකුට මෙහෙම අසාධාරණයක් නොවෙන්න අදාල අයට නිසි උපරිම දඩුවම් දියයුතුයි. (නි)
කවුරු වැරදි වුණත් මොනවා කිවුවත් ඒ අහිංසක කෙල්ලගේ ලස්සන ජීවිතයයි විනාශ වුණේ. (නි)
මළමිනියටත් පණදිය හැකි ආයුර්වේද හෙළ වෙදකමක් තිබු අපේ රට...? (නි)
මේ වගේ දේවල් වලට සමාව දෙන්න එපා. මෙය වාර්තා වුණු සිදුවීමක් වුවත් මෙලෙස වාර්තා නොවුණු සිදුවීම් කොපමණ ඇද්ද? (නි)
සිංහල වෙදකමට අනුව කොයි තරම් පහසු දෙයක්ද, පුදුම ඛේදවාචකයක්... (ස)
ඌරුබොක්ක ඡාතික පාසල බුද්ධිමතුන් ගොඩක් බිහිකරපු ලංකාවේ සුන්දරම පාසලක් මේ නගරයට අංග සම්පුර්ණ රෝහලක් මේ දියණිය නමින් ලබාදෙන්න බලධාරීන්‍ගේ ඇස් ඇරේවා 1993/94 උසස්පෙල ආදි සිසු කණ්ඩායෙමේ ඉල්ලීමක් (ස)
අපරාදෙනේ ජීවිතේ. මේ අය දොස්තරලද ?? (ස)
අසාධාරණයට එරෙහි වෙන්න (දී)
ලස්සන තරුණියක් වන ඔබ අතක් නැතිවුණා කියලා සැළෙන්න එපා. (නි)
නිමල් හරියටම හරි. (නි)
නොසැළකිල්ලක් හෝ අත් වැරදීමක් වෛද්‍යවරුන් අතින් වී තිබෙන බව පෙනේ. ඔබට අනාගතයට දිරියෙන් දීමට ශක්තිය ලැබේවා! (නි)
සුරේන්ද්‍ර, ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් අතර ආචාර ධර්ම සහ ආකල්ප වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තිකයන්ට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක තිබෙන බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ පර්යේෂකයෙක් පෙන්වා දී ඇති බව ඔබ ලියා ඇත. එම පරීක්ෂණයේ විස්තර සහ ප්‍රතිපල මුද්‍රණය වී ඇත්තේ කුමන දිනෙක කුමන සගරාවේද? (නි)
ඉක්මන් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)
පරීක්ෂණයක් විතරක් නොවෙයි නීති මගින් කටයුතු කළා යුතුයි (දී)
මෙවන් විපත් යළි නොවන්නට සොයා බලා උපරිම දඩුවම් දෙන්න. (නි)
කඩු පහර වලින් වෙන් වෙලාම ගිය අත් නැවත සකසා සුවපත් කළ වෛද්‍යවරුන් ඉන්නා රටක් මේ. පඩි පෙලකින් වැටිලා අතක් මැරෙන්නෙ කොහොමද? ප්‍රථමාධාරයේ වරදක් වද්ද? (නි)
එම්.බී.බී.එස්. උපාධිය හීනමාන මානසිකත්වයෙන් පෙළෙන ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් සිය මුදුනේ තබාගෙනෙ සිටින්නේ කෙසේද යත් , වෙදනලාව කරේ එල්ලාගෙන සුපර්මාර්කට් වල බඩු මිළදී ගනී. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් අතර ආචාර ධර්ම සහ ආකල්ප වෙනත් දියුණු රටවල වෛද්‍ය වෘත්තිකයන්ට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමක තිබෙන බව එංගලන්තයේ ග්ලාස්ගෝ සරසවියේ පර්යේෂකයෙක් පෙන්වා දෙයි. (නි)
ඒකනම් මහා අපරාදයක් (දී)
තවත් කෙනුකට මේ වගේ දෙයක් වෙන්න තියෙන අවස්ථාව නවත්වමු (දී)
නිවැරදි පරීක්ෂණයක් අවශ්‍යයි (දී)
මේක මහා අපරාධයක්. වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)
ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ කිසිමදෙයක වගකීමක් හරියට ගන්න කෙනෙක් නැතිවීමයි. එක දේශපාලනයේත් ප්‍රකටයි. මොකක් හරි දෙයක් සිදුවූ විට බෝලය එහාට මෙහාට දමමින් සිටිනවා. යම් පරීක්ෂණයක් සිදු වුණත් ටික දවසකට පසු එක්කෝ අමතකයි. එහෙම නැත්නම් ඉතා සුළු දඩුවමක් දී අහවර කරනවා. එක්කෝ දඩුවම් කරන්න බැරි දෙයකට බොලේ පාස් කරනවා. පිටරටවල හැමනෙක්ටම තමුන් කරන දෙයෙහි වගකීමක් තියෙනවා. යම් වරදක් වුණොත් අනිවාර්යයෙන්ම එයට පරීක්ෂණයක් සහ නීතිය අනුව දඩුවමක් තිබෙනවා. ඒක හින්දා හැම කෙනාම තමාගේ රාජකාරිය වගකීමෙන්, කල්පනාවෙන් ඉටු කරනවා. ලංකාවේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ ඉහලින් එන ආදර්ශ ගන්න දැන්. (නි)
මොනවා කියන්නද? කවුරු හරිද? කවුරු වැරදිද? (නි)
පවු අහිංසක සොයුරිය. මේක වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල. (නි)
මිහිපිට දෙවියෝ දොස්තරවරු කල අපරාධයක මහතක හැටි (ස)
අනේ පවු ඒ අක්කා දකිනකොට පුදුම විදිහට දුකක් දැනෙන්නේ. (ස)
සාදාරන පරීක්ෂණයක් කරන්න (දී)
කනගාටු දායක පුවතක් (දී)
මට හරිම කණගාටුයි වෙච්ච දේට . සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා. කෘතිම අත් සම්බන්ධව මා සොයා බලන්නම්. මට ලිපිනය දන්වන්න (ස)
පෙර දිනක අපි දුටුවා කඩු පහරකින් වෙන් වූ අතක් නැවත එකතු කරලා, පුදුම සතුටක් දැනුණා අපටත්. ඒත් දෙවියනේ මේක නම් අපේ හදවත් සසල කළා. දෙවිවරුවන් වෙදදුට රුවනි? වරද කොතනද? කාගේද? පඩිපෙලින් වැටීමද? අහිංසක සොයුරියගේද වරදද? ආදරණීය සොයුරියේ, ඔබට දකුණතට හුරුවෙන්නට ටිකක් අපහසු වේවි. ඒත් දිරිය දියණියක් වෙන්න. ඔබගේ අධ්‍යාපනය පෙරට වඩා සාර්ථකව කරගන්නට ශක්තියක් ධෛර්යයක් කරගන්න මෙය. ඔබම මතු දවසක වරද කරුවන් කවුදැයි සොයා නීතිය හමුවට ගෙනෙනු ඇතැයි විශ්වාස කරමි. (නි)
වගකීම් පැහැර හැරීමෙන් අහිංසක සොයුරියකට වන්දි ගෙවන්න වෙලා. අනාගතය අලුතින් පටන් ගන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා! (නි)
සක්විති, මෙන්න මෙහෙමයිලු වෙලා තියෙන්නේ. මෙම අනතුර සිද්ධ වුණ දවස 17. ග්‍රාමීය රෝහලට රෝගියා අරගෙන යනවා. එතැනින් මාතර මහා රෝහලට යවනවා. 18 වැනිදා මාතර රෝහලේදී අතට බැන්ඩේජ දමනවා. රෝගියා බැන්ඩේජය හිර වැඩි කියල වේදනාවෙන් කෑගසනවා. වේදනාව කියන්නේ මෙම රෝගියාට තිබුන හොඳ අනතුරු හැඟවීමේ රෝග ලක්ෂණයක්. වේදනාවට හේතුව හොයන්නේ නැතුව, එම වේදනාව පාලනය කිරීම සඳහා බෙහෙත් විදීම නිසා මෙම රෝගියාට නින්ද ගියා. වේදනාවෙන් පෙන්නුම් කළේ ශරීරයේ එම කොටසට අවශ්‍ය තරමට රුධිර සංසරණයක් නොමැතිබව. ඉක්මනට රෝගියාට ඇහුම්කන්දී සැලකිළිමත් වුණා නම් වේදනාවට හේතුව අත ඉදිමීම නිසා ස්නායු සහ රුධිර වාහිනී වලට අවහිරවීමක් වෙලා කියල හොයාගන්න තිබුණා. අවශ්‍ය වෙලාවට බැන්ඩේජය ඉවත් කළා නම් ප්‍රතිපලය මෙයට වඩා වෙනස්වීමට ඉඩතිබුණා කියලා මට හිතෙනවා. මෙවැනි දේවල් වලට සාපරාධී නොසැළකිල්ල කියලා කියන්න පුලුවන්ද ?? (නි)
දැක්කහමත් හරිම දුකයි. වේදනාවයි. (නි)
මේක ලංකාවේ වුණ පළවෙනි සිදුවීම නෙමෙයි. (නි)
වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීමේදී මීට වඩා සැළකිළිමත් වියයුතුයි. (නි)
රොහල් සේවයේ දුර්වල කමින් සිදුවී ඇති පාඩුව මිල කල නොහැකියි . බලධාරීන් ඇයට පිහිට විය යුතුයි (ස)
සම්පූර්ණ වරද මාතර රෝහලේ යැයි මූලික විමර්ශනවලදී හෙළි වෙලාලු. (නි)
අනිවාර්යයෙන්ම තියන්න ඕනේ (දී)
ලංකාවෙ මිනිසා හැදිලා නැහැ. නීතියත් එසේමයි. එහෙම රටක දියුණුව මංමාවත්, බිල්ඩින් වලින් මනින්න බැහැ. අනික සෞඛ‍්‍යය විකිනෙන භාණ්ඩයක් බවට පත්වෙලා. මේ අසරණ දරුවගේ දිහා බලනකොට හරියට අපි තාමත් ඇෆ්ගනිස්තානයේ වගේ. මිනිස්කම පිරිහිලා, මුදලට නොමිනිස්කම් රජවෙලා. මේක ද අපේ මහලොකු දියුණුව. නැහැ. කළයුත්තේ, නීතිය දැඩිකොට තරාතිරම නොබලා දඩුවම් දීමයි. (නි)
මෙම සිද්දිය තව දින කීපයකින් පරණ එකක් වෙනවා. වෛද්‍යවරුන් අතින් සහ රෝහල් වලින් රෝගීන්ට මෑත අතීතයේ පමණක් මොනතරම් අකටයුතු සිදුවුණාද? වෛද්‍ය වෘතිකයන්ගේ සාපරාධි සහ වෘත්තීය නොසැළකිල්ල නිසා රෝගීන් මරණයට පත්වීම සහ දුබලතාවයට පත්වීම මීට ඉහතදී කොතරම් සිදුවී ඇත්ද? එවැනි සිදුවීම් පාලනය කිරීමට හෝ වැරදිකරුවන්ට දඬුවම් දීමට බලධාරීන් පියවර ගත් අවස්තා විරලය. මෙයට හේතුව විය හැක්කේ දැනට සිටින වෛද්‍ය පරිපාලකයන්ගේ ඇති අදක්ෂකම සහ අකාර්යක්ෂමතාවය දැයි කෙනෙකුට ප්‍රශ්නයක් මතුවීම සාධාරණය. (නි)
මේ සිදුවීම අතිශය ශෝකජනකය. ඉකුත් දිනවල සිදුවීම් වලින් අනතුරුව අධිකරණ නීති ක්ෂේත්‍රය සම්බන්ධව අසන්නට ලැබුණු ශෝකජනත සිදුවීම් වලින් එකක් ලෙස මේ සිදුවීම මම දකිමි. සිදුවීමට අදාළ වෛද්‍ය ප්‍රතිකාර නිර්දේශ කිරීම් පිළිබඳව තවම නියම පරීක්ෂණයක් සිදු කර තිබේදැයි දැන ගැනීමට නැත. නමුත් මේ දැරියට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා තමන්ගේ ප්‍රතිකාර පිළිබඳව වගකීම දැරිය යුතු යැයි කියමි. තමන්ගේ ප්‍රතිකාර අසාර්ථක වීම නිසාම සිය බාහුව අහිමි වූ මේ උසස් අධ්‍යාපනය ලබන දරුවාගේ අනාගතයට වග කියන්නේ කවුද? වහාම මේ පිළිබඳව නිසි පියවර ගන්නා මෙන් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා සිටින අතර ඒ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ හා ගරු ආරක්ෂක ලේකම්තුමාගේ අවධානය කඩිනමින් යොමුකරන්න යැයි සානුකම්පිතව ආයාචනය කර සිටිමු. (නි)
ඉතා අවාසනාවන්ත සිදුවීමක්. (නි)
මෙහිදී ඇතැම්විට වෛද්‍යවරුන් අත වරදක් තිබිය හැකි වුවත් කිසිම විමසා බැලීමකින් තොරව වෛද්‍යවරුන්ට බැන වැදීම අපේ ඇතැමුන් තුල ඇති හීනමානය නිසා සිදුවන්නක් බව මගේ හැඟීමයි. අනෙක් අතට මෙම වාට්ටුවේ වෛද්‍යවරු මෙවැනි රෝගීන්ගේ අත් පය සහ ජීවිත කීයක් බේරාගෙන ඇත්දැයි නොසිතා එක වරදක් වූ සැනින් අත් කපා දමන්නට කතාකරන්නේ අපේ අයගේ ගෝත්‍රික මානසිකත්වය නිසාය. (නි)
රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගැනීමට යාමෙන් වැළකිය යුතු බවයි මගේ හැගීම. (නි)