නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුනට අසාධාරණයක් වී යැයි සඟඳහන් කරමින් නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව හා බොදු බල සේනා සංවිධානයේ භික්ෂුහු අද කොළඹ අලුත්කඩේ නීති විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූහු දෙසිය නමක් පමණ ඊට එක් වූහ.
මෙම අවස්ථාවට පැමිණ අසාධාරණය පිළිබඳ නීති විද්‍යාලයේ විදුහල්පති සමග සාකච්ඡා කළ යුතු බව ඔවුහු කීහ.
පොලිසිය නීති විද්‍යාලයේ ගේට්ටු සියල්ල වසා දමා ආරක්ෂාව තර කළහ.
පොලිස් බළඇණියක් එහි කැඳවා තිබිණි.
පසුව ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමකට පමණක් නීති විද්‍යාලයට ඇතුළු වීමට පොලීසිය අවසර දුන් අතර පසුව ස්වාමින් වහන්සේලාගේ ඉල්ලී සලකා බලා නීති විභාග ප්‍රතිඵල අනුව නවක සිසුන් බඳවා ගැනීම තාවකාලිකව දින පහකට කල් තැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග ප්‍රතිඵල වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ. (නි)
දැන් විභාග ලියන එකත් කිසිම තේරුමක් නැති වැඩක් වෙලා (ස)
තමන් මහා සිංහලයින් යැයි කියාගත් ජාතියට දැන් සිංහලයින් වහකදුරු වගෙයි. (නි)
මේ ප්‍රශ්නය කෙසේ විසදෙයිද (දී)
වැඩක් වේවිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
2011 සහ 2012 විභාග ප්‍රතිඵල අහෝසිකර නැවත විභාගය පැවැත්විය යුතුයි. (නි)