වසර 30ක් තිස්සේ අතුරුදහන්ව සිටි සුරතල් ඉබ්බකු බ්‍රසීලයේ ජෙනෙයිරෝ නුවර නිවෙසකින් සොයාගැනීමට හාම්පුතාගේ දරුවෝ සමත් වූහ. ඒ වන විට හාම්පුතා මියගොසිනි. නිවෙස අලුත් වැඩියා කිරීමේන් අනතුරුව වසා දැමූ ගබඩා කාමරයට ඇතුළු වී සිටි මනුවෙල්ලා නම් ඉබ්බා සොයා ගන්නා විට හොඳ සනීපයෙන් සිටියේය. 1982 වසරේ මෙම ඉබ්බා අතුරුදහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පාපයක්ද, හිරේ දාලා වගේනෙ.(නදී)
නියමයි.(නදී)
ගල් ඉබ්බෙක්ද?(නදී)
ප්‍රවෘත්තියනම් හොදයි , හෑබයි ගබඩා කාමරයේ හිලක් තිබුනද කියන එකත් දන්න්නේ නෑ. මොකද මෑනුවෙල්ලා ඉබ්බට ගෑඩවිල්ලෙක්වත් කන්න නෑතිව හිටි එකේ රහසත් හොයා ගත්තනම් හරියට හරි.(නදී)
හාම්පුතා මනුවෙල්ලව ගබඩා කාමරයට දාන්න ඇත්තේ කෑම බීමත් එක්ක. ඒවා මොකුත් නැතිව හිටියනමි මනුවෙල්ලගේ නම ගිනස් පොතට යන්න ඕනේ බඩ ගින්නේ හිටියට.(නදී)
මැනුවෙල්ලා කන්න ඇත්තේ දූවිලිද?(නදී)
හොද වෙලාවට අපේ වන ජීවී නිලධාරීන්ට ආරංචි වෙලා නැත්තේ. සත්ත්ව හිංසාවට හාම්පුතා මියගියත් පවුලේ අයට ඩු පවරයි. මැනුවෙල්ලා බාරදෙයි. (නදී)
කතාව නම් ඇත්ත.. ඒත් ටිකක් පරණ පුවතක්..!(නු)
හා පෝ පරන කතන්දරයක් නෙ (නු)
අවුරුදු 30 ක් මෙයා කෑවෙ ගල්ද?(නු)
ඕකත් පුදුමයක්ද? අපි කව්රුත් ගබඩා කාමරවලට ඉබ්බෝ දානවනේ.(නදී)
මේක අපි සති කිහිපයකට කලින් ඇහුවේ.(නදී)
හොද ප්‍රවෘත්තියක්. (නි)
පිටතින් ලැබුන ආහාරයක් හෝ ජලය නොමැතිව වසර තිහක් ගබඩා කාමරයක් තුල සිටීම ජීව විද්‍යාත්මක ගැටළුවක් නේද?(නදී)
මේකා නැතිවුන ඉබිබද වෙන එකෙක්ද කියලා කොහොමද දන්නේ? මෙයාට උප්පැන්න හෝ හැදුනුම්පත් තියෙනවාද? අනික ඌට කතා කරන්නත් බැහැ.(නදී)
පරන කතාවක් උනත් අපි දන්නේ මේකෙ පලවුනාට පස්සෙනේ, ලංකාදීපයට ජය!(නදී)
අයියෝ ! ඔයාලා දැන්ද ඕවා ගැන දන්නේ.(නදී)