සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අතිරූ නව කෘති‍්‍රම ධාවන පථයේ කඩතොළුවීමක් හෝ වෙනත් අඩු පාඩුවක් පිළිබඳව පිළිගත් පාර්ශවයකින් පැමිණිල්ලක් ලැබී නැතැයි එහි ඉදිකිරීම් බාරව කටයුතු කළ දේශිය නියෝජිත ආයතනය වන ‘ගහ කොළ ලැන්ඞ් ස්කීපින්’ ආයතනයේ උපදේශක ධර්මසිරි රාහුබද්ධ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඔහු එහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් චෝදනා කරන සමරුන්ට ධාවන පථය පිළිබඳව නිසා වැටහීමක් නොමැති බවයි.
රාහුබද්ධ මහතා මෙසේ ද පැවසීය. ‘‘ධාවන පථය ප‍්‍රමිතියට සකස් කර අවසානයේදී ඊට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ තත්ත්ව සහතිකය අරගෙන දෙන්නත් අපි කටයුතු කළා. ඉදිකිරීම් කළ ජර්මනියේ ‘ස්ටොක්මියර් උරෙතානෙස්’ ආයතනය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් මීට පෙර ධාවන පථ කීපයක්ම ඉදිකළ ආයතනයක්’’
දුෂ්කරතා රැුසක් මැද දින 120 කින් එහි කෙටි කාලයකින් අපි සුගතදාස පිටියේ ධාවන පථයේ ඉදිකිරීම් අවසන් කරන්න සමත් වුණා. දැන් ප‍්‍රශ්නය ධාවන පථයේ නඩත්තුව නිසි ලෙස පවත්වා ගෙන යන්නට සමත්ව තිබෙනවා යන්නයි. වෘත්තිය මට්ටමේ ධාවන පථ සකස්කරන්නකුගේ සේවය නඩත්තු කටයුතු සඳහා ලබාගත යුතුය.
‘‘උත්සව අවස්ථාවලදී කම්කරුවන් ධාවන පථය දිගේ යකඩ කණුත් ඇදගෙන යනවා. කඩුලූ පැනීමට යොදා ගන්නා කඩුලූ සකස් කරගන්නෙත් ක‍්‍රීඩකයන් විසින්මයි. ඔවුන් බොහෝ දෙනකුට ධිවන පථය ගැන දැනුමක් නැති කමින් ඊට හානි වියහැකියි’’
‘‘අපිට මේ ගැන කියන්න තියෙන්නේ මේක හැදුවේ තරග තියන්න මිසක් පුහුණුවීම් සඳහා නොවන බවයි. නමුත් දැන් ධාවන පථයේ කරන්නේ පුහුණුවීම්, වෙනත් රටවල පුහුණුවීම් සඳහාම ධාවන පථ අතුරන්නේ තරග පවත්වන ධාවන පථවල නිසි ප‍්‍රමිතිය පවත්වාගෙන යන්න බවයි අප විශ්වාස කරන්නේ’’
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධාවන පථය හැදුවේ පුහුණුවීම්වලට නොවෙයි
වරුණ Tuesday, 08 January 2013 10:55 AM
මේවා ඉතින් ගණු දෙනු විතරයි (ස)