(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා සහාය දෙනවා නම් ධර්මයේ වේශයෙන් ධර්මය විකෘති කරන බලවේග වලට අතීත රජ දවස ගත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් මාතර දී අද (27) පැවසීය.

සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා ඉතා නොබෝ කාලයක් ඇතුළත නීති සම්පාදනය කරන බවද ජනාධිපතිවරයා එහිදී කීය. රාජ්‍ය වෙසක් උත්සවය තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද (27) පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාවෙන් බදාදා  සිට ජුනි 1 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණ ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍ය  පැවැත්වීමට නියමිතව ඇත.

2570 වැනි බුද්ධ වර්ෂය නිමිත්තෙන් මුදිදර කාර්යාංශය විසින්  සමර මුද්දරයක් සහ වෙසක් සමරු මුද්දර තුනක් ද මෙහිදී නිකුත් කෙරිණි. ඓතිහාසික වටිනාකමැති මාතර සිද්ධස්ථාන කිහිපයක් සඳහා පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණි.