අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත්විය. මෙය ධර්මාශෝක විද්‍යාලයේ පස්වැනි පූර්ණ ජයග‍්‍රහණයයි.
ජයග‍්‍රහණයේ නියමුවා වූ ධර්මාශෝක විද්‍යාලයේ රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 70 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලූ 4 ක් බැගින් සමස්ත තරගයේම 103 කට කඩුලූ 12 ක් දවාලීමට සමත්විය.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 181
(කේෂාන් විජේරත්න 53, තාරුක රාජගුරුගේ 35, දමිත් පෙරේරා 31, රමේෂ් මෙන්ඩිස් 70/8)
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 141
(අදීශ තිලංචන 50, රමේෂ් මෙන්ඩිස් 16, රවීන් තරින්ද්‍ර නොදැවී 29, තිනෙත් මනිෂ්ක 12/3, කුසල් ද සිල්වා 31/2)
මලියදේව විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 109
(මිනෝද් රණසිංහ 63, යොහාන් ද සිල්වා 50/5, රමේෂ් මෙන්ඩිස් 33/4)
ධර්මාශෝක විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 150
(තනුර හෙළඹගේ 50, හසිඳු විමර්ශන 21, අදීශ තිලංචන 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 17, චන්දිම බණ්ඩාර 46/4, සරින්ද්‍ර දිසානායක 20/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම්, දම්සෝ ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට. තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.(ස)
ඇයි සමන් ජයන්ත (ස)
හරිම සන්තෝෂයි. (නි)
නියමයි ධර්මාශෝක (දී)
ඔබ විශිෂ්ටයි (දී)
නියමයි, කාටද ආඩම්බර (දී)
ධර්මාශෝකෙ අජිත් ද සිල්වා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට දායාද කල පාසැලක්. (නදී)