(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැන් කතා කරන අය ඉන්න පක්ෂය සහ එල්.ටී ටී.ඊ සංවිධානය රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කලින් නඩු තීන්දුව කියවන්න.ඔය දැන් කතා කරන අය ඉන්න පක්ෂය සහ එල්.ටී ටී.ඊ සංවිධානය රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක්.ඒ නෝනලා මහත්තුරු තමයි අපට දැන් උපදෙස් දෙන්නේ.

අද රටේ වර්තමාන ආර්ථික පසුබිම එක්ක ජනතාව ඉන්නේ ගොඩක් අමාරුවෙන්. දරිද්‍රතාවය සියයට 25- 30 අතර ප්‍රමාණයකට වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.ජීවත් වෙන්න විදියක් නැතුව මිනිස්සු රත්තරන් බඩු උගස් තියෙනවා.ව්‍යවසායකයෝ අසරණ වෙනවා. විදුලි බිල ගෙවා ගන්න විදියක් නෑ.ආණ්ඩුව ඒ සඳහා ගත්ත ක්‍රියා මාර්ග මොනවාද?යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.