එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම නවත්වන්නැයි ඕමාන් විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි ඉල්ලීමක් කරයි. ඔහු විශේෂයෙන් ඇමෙරිකාවට දන්වා ඇත්තේ, ඉරානයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන ලෙසටය.

ඇමෙරිකාව  සහ ඉරානය අතර පසුගිය සති කීපයේ වක්‍රාකාරව පැවැති සාකච්ඡාවලට ඕමාන් විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි මැදිහත් විය.

සාකච්ඡා පවත්වා තීන්දු තීරණ ගැනීමටත් පෙර, ඇමෙරිකාව ඊශ්‍රායලය සමග හවුලේ ඉරානයට පහර දීම ගැන තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණු බව ඕමාන් විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි පවසා ඇත.