එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සභාපතීත්වය හොබවන බ්‍රිතාන්‍ය ආසියා අරමුදලේ උපදේශකවරයකු ලෙස මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පත් කරනු ලැබ සිටියි.
බ්‍රිතාන්‍ය මහා රැජිනට අයත් වින්ඩ්සර් රජ මැදුරේදී පසුගිය සදුදා එම අරමුදලේ පස්වැනි සංවත්සරය පැවැත්වූ අවස්ථාවේදී ඔහුට එම පත්වීම ලැබිණි.
ඉන්දියාවේ ප්‍රමුඛ ඛනිජතෙල් නිෂ්පාදන සමාගමක් වන රිලයන්ස් කර්මාන්ත සමාගමේ අයිතිකරු වන මුකේෂ් අම්බානි අරමුදලේ ඉන්දියා උපදේශක කමිටුවේ සභාපති ලෙස පත් විය. දොස්තර නෝනිස් ශ්‍රී ලංකා උපදේශක කමිටුවේ සභාපති තනතුරට පත්විය.
බ්‍රිතාන්‍ය ආසියා පදනම චාර්ල්ස් කුමරුන් විසින් පිහිටුවුණ වැදගත් පුණ්‍යායතනයකි.
2007 දී පිහිටුවාගන්නා ලද එම අරමුදල ආසියාවේ වරප්‍රසාද නොලත් ගම්බද ජන කොටසක් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවනෝපාය නංවාලීම උදෙසාත් ඔවුන් අතර ස්වයං පෝෂණය ඇතිකිරීම සඳහාත් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙයි.
ඒ ඒ රටවල අවශ්‍යතාවයන් තෝරා බේරා ගැනීම සඳහා උපකාරීවන තොරතුරු ලබාදීම සහ අනාගත ව්‍යාපෘති යෝජනා කිරීමත් මෙම අරමුදලේ උපදේශක කමිටුවල වගකීම වෙයි.
අලුතෙන් පත්වූ කමිටු සාමාජිකයින් පිළිබඳව තම අදහස් දැක්වූ චාර්ල්ස් කුමරු කීවේ මෙවන් සැලකිය යුතු පිරිසක් ආසියා අරමුදලේ වැඩකටයුතු සඳහා සම්බන්ධකර ගැනීමට ලැබීම භාග්‍යයක් බවයි.
රාජ්‍ය තාන්ත්‍රික සේවාවන්ට අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයේ, අන්තර්ජාතික වැඩකටයුතු, පොදුරාජ්‍ය මණ්ඩල සංවර්ධන කටයුතු, ව්‍යාපාරික කටයුතු, සහ සහන සැපයීමේ වැඩකටයුතු සඳහා දීර්ඝ කාලයක් සම්බන්ධ වෙයි. තමන් ලද අත්දැකීම් මෙම කමිටුවේ ඉදිරි ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වන බව පැවසු දොස්තර නෝනිස් තමන් හට මෙම අවස්ථාව ලබාදීම ගැන ස්තුති කළේය.දොස්තර නෝනිස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තේ නිෂ්පාදන සමාගමක් වන මැක්වුඩ් ආයතනයේ සභාපති වරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතෙක්, ව්‍යාපාරිකයෙක්, ධනවතෙක් අදාල තනතුරට පත්වීම ඉතාමත් සතුටක්. (නදී)
සුභ පැතුම්!(නදී)
අහන්නත් සතුටුයි. දකින්නත් සතුටුයි. (නදී)
මේකට දේශපාලනය නොගෑවීම සතුටට කරුණක්. (නි)
හදවතින්ම සුභ පැතුම්! (නි)
මෙතුමා දක්ෂ, අවංක පුද්ගලයෙක්. (නි)
ඇත්තෙන්ම ඔහුගේ කාර්යභාරය වියයුත්තේ මෙයද? (නි)
කාටද ආඩම්බර (දී)
ලංකාවටනේ ආඩම්බර (දී)
සන්තෝසයි (දී)
ඔහොම යමුකෝ... (නි)
ඔබ අපට ආඩම්බරයක් (දී)
මේ වගේ ය රටට වාසනාවක් (දී)
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
මම කැමතිම පුද්ගලයෙක්. සුභ පැතුම්! (නි)
මේ වගේ වැදගත් උගත් ලාංකිකයින්ට තැනක් දීමෙන් රට වෙනුවෙන් යහපත් කාර්යයන් ඉටුකර ගත හැකියි. (නි)
ඔය වගේ රට වෙනුවෙන් වැඩ කරන්නත් උනන්දුවෙනවනම් තමයි හොද?(නදී)