ඌරන්, කුරුල්ලන් හා කියුලෙක්ස් මදුරුවාගෙන් බෝවෙන ජැපනීස් එන්සෙපලයිටිස් රෝගයෙන් පසුගිය නොවැම්බරයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ නව දෙනකු මිය ගොස් 46 දෙනකු හඳුනාගෙන ඇතැයි සබරුගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියයි.
වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කුරුවිටිනි.
බංගොඩ, කිරිඇල්ල, රත්නපුර හා ගොඩකවෙලින් ද රෝගීන් වාර්තා විය.
රත්නපුර දිස්ත්‍රික්යේ ගම් උරන් 2400කට එන්නත් කිරීම අරඹා ඇත.
මාස නමයත් අවුරුදු 10ත් අතර දරුවනට එන්නත් දීමට ද යයි.
එම වයසේ දරුවන් 96000න් දැනට 26000කට එන්නත් දී ඇත.
2003දීත් මේ රෝගය දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දස වසරකට පසු රත්නපුරෙන් සෙපලයිටිස් මතුවෙයි
අජිත් Friday, 08 February 2013 06:41 AM
සිරස් තරලය දැක්ක ගමන් මට හිතුනේ තවත් ඛනිජ සම්පතක් කියලා.(නදී)
ඉෂාර Friday, 08 February 2013 08:12 AM
මදැයි මැණිකක් බලන්න ආවා.(නදී)
නිත්‍යා Friday, 08 February 2013 09:53 AM
කෙසේ හෝ මෙම රෝගය ව්‍යාප්තවීම වලක්වන්න පියවර ගන්න (ස)
ඉසුරන්දි Friday, 08 February 2013 10:44 AM
මම මේක දැක්ක ගමන්ම හිතුනේ රත්නපුරේට තවත් ඉල්ලමක් පෑදිලා කියලයි (ස)
ඉසුරන්දි Friday, 08 February 2013 10:45 AM
රත්නපුරේට පුදුම පුදුම ඉල්ලම්නේ කාලෙන් කාලෙට මතුවෙන්නේ. (ස)
බන්දුල Thursday, 07 February 2013 09:24 PM
හෙඩිමේ හැටියට සේපල්යිටිස් කියන්නේ මැණික් ගල් ජාතියක් කියලයි මම හිතුවේ (නි)
කුරුවිට Thursday, 07 February 2013 09:47 PM
අපේ පලාතේ සිටින අගනා වෛද්‍යවරයෙකි.(නදී)