පොකිරිස්සන් බිත්තර දමන හා වර්ධනය වන පෙබරවාරි, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම්ය. එහෙත් තහනම් කාලය අවසන් වන තුරු පොකිරිස්සන් මුහුද මැද යකඩ කූඩුවල රඳවා සිටිය දී දක්ෂිණ නාවික හමුදාවේ ද සහායෙන් සොයාගත් බව හම්බන්තොට ධීවර පරීක්ෂක එල්.ටී.ජී. චන්දන මහතා කියයි. රුපියල් ලක්ෂ දහයක් වටිනා පොකිරිස්සන් 1350 ක් හම්බන්තොට මහේස්ත‍්‍රාත් නියමයෙන් යළි මුහුදට මුදා හැරිණි. යකඩ කූඩු හිමියන් සොයාගෙන නැත..jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොකිරිස්සෝ ඔක්කොම ඇත්තටම මුහුදට දැම්මද..නැත්නම් ටිකක් දැම්මද? (ස)
හිල්මි,අපේ පැත්තේ නම් මුස්ලිම් අය ගඟේ මුහුදේ දෙකේම මාළු අල්ලනවා...නැ කියන්නේ කොහොමද?(ස)
ලෝකෙන්ම උතුම් රට ලංකාවයි... ශ්‍රී ලංකාවයි! (නි)
අපේ හාමුදුරුවරු මේ ගැන මුකුත් කියන්නෙ නැද්ද ? (නි)
ඔය ලංකාවෙන් අල්ලන පොකිරිස්සෝ සුද්දන්ටයි කන්න දෙන්නේ. ලංකාවේ පොකිරිස්සෝ හිටියට ලංකාවේ මිනිස්සුන්ට ඕවා කන්න ලැබෙන්නේ නැහැ. මිල අධිකයි. ලංකාවේ තියෙන තරු 5 හේ හෝටල් වල හදන පොකිරිස්සෝ ටික ඇරුණහම අනිත් ඔක්කොම ටික යන්නේ ඇමරිකාවට , ජපානෙට , යුරෝපෙට... (නි)
ඔබ සියළු දෙනා ට ඕන වටේ කරකැවිලා අන්තිමට මුස්ලිම් අයට විරුද්ධව ජාතිවාදය ඇති කරන්නද? මුස්ලිම් අය පොකිරිස්සෝ තියා මාළු අල්ලන්නවත් නොයන අය. ගොඩට ගෙනාපුවම ඕනම වැඩි මිලක් ගෙවල හරි ඕන කරන දේ ගන්නවා. එයාල ළඟ සල්ලි තියෙනවා (ස)
පොතට විතරක් සීමා වන නීතියක් (ස)
නීතිය පොතේ තියෙන බව ඕන කෙනෙක් දන්නවා ප්‍රනීත්... ඒත් ඒ නීති සියළු දෙනාට 1 හා සමානව ක්‍රියාවට නංවන්නෙ නැති නිසයි මේ සියළුම විනාශයන්ට මුල. (ස)
හැම දෙටම ජාතියට බනින්න, ගරහන්න එපා. ඔය නිසා තමයි අපේ ජාතිය නැතිවෙන්නේ..(ස)
හරි දැන් හොදටම විස්වාසද මේ අය එකම එක පොකිරිස්සෙක්වත් ඔතනින් හොරෙන් ගෙදර ගෙනිච්චේ නෑ කියලා...(ස)
වෙනත් නම් වලින් පෙනීසිටිමින් අදහස් පළකිරීම ලැජ්ජා නැති ක්‍රියාවකි. (දී)
කාට හෙණ ගැහුවත් මොකද මගේ බඩ කට පිරෙනවා නම්(ස)
එතකොට අපේ මුහුදේ පිටරට ධිවරයෝ අල්ලන මාළු ...(ස)
අනේ හොදයි (දී)
ඕනෑම දෙයකට නීතියක් තියෙනවා... (ස)
ඒක හොද වැඩක් (දී)
පොක්රිස්සෝ මුහුදට අත්හැරලා ආව නම් ඉවරයි.. පොකිරිස්සා සුපුරුදු ස්ථානයේ ජීවත්වන සත්වයෙක්..මෙහෙම නුපුරුදු තැන්වලට අත්හැරීමෙන් සිදුවෙන්නේ සතා මැරෙන එකයි..(ස)
මෙහෙම දාලා ආයිත් අල්ලගනීවිද? (නි)
ඉතින් ඒ අයට තිබුන නේද පොකිරිස්සන් ගොඩට ගෙන්නේ නැතිව මුහුදෙම මුදා හරින්න.. ලකුණු දා ගන්න ගේන්න ඇති. (ස)
මෙතන ජාතිය පිළිබද ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ තණ්හාව. (නි)
පද්මා, ඒක ඇත්ත. ඒත් ඔය අතරේ ඉන්නවා ආත්මාර්තකාමියෝ පාවාදෙන්නියෝ...(ස)
වරුණ හරි.. හැබැයි අපිලු උතුම්ම ජාතිය..(ස)