විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපතය්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළීමට ඉඩ ඇති හෙයින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල් සිසන් මාතර දී ප්‍රකාශ කළාය. මාතර දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ රැස්වීමකදී ඈ එසේ කීවාය.
ශ්‍රී ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලය බෙදීමේ පිළිබඳ ප්‍රශ්නද ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එහි බලපෑමේ ඌණතාවක් පැවතීම ද දෝෂාභියෝගයෙන් පෙනන බව ද ඇය කීවාය.
ශක්තිමත් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා මහජනයාගේ හා රජයේ අවශ්‍යතා ඉටුකරන ශක්මත් හා කාර්යක්ෂම නීති පද්ධතියක් තිබිය යුතු යැයි ද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළකට ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය ඇමෙරිකා ඩොලර් ලක්ෂ 45ක් රුපියල් (රුපියල් කෝටි 57.6) වැය කරන බව ද ඈ පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරියට හරි ඉන්ද්‍රජිත් (ස)
සිල්වා, ඔයා නම් කාලෙකින් නොදැකපු තරම් මෝඩයෙක්. (නි)
රට ස්වාධින උනාට රට කරන කට්ටිය බාගයක්ම ඇමෙරිකානු පුරවැසි භාවය නිසා මේ කියන දේත් ඇත්තක් තියෙනවා. (දී)
සම්භාදක දැම්මම අපි තමයි වන්දි ගෙවන්න ඕනේ (දී)
ඕකෙන් මේකෙන් වෙන්නේ අසරණ මිනිහව තවත් අසරණ කරන එක තමයි (දී)
අප රට තුල රැස්වීම් පැවැත්වීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද කියා ඔබ සියල්ලන්ටම මෙන් මටද එකවරම සිතට නැගේ. මේ තමා අධිරාජ්‍යවාදීන්ගේ බලය පෙන්වීම. අප රටටත් ඒ අයට සුදුසු ඔලුව නවන නායකයෙකු පත්කරන්න වෑයම් කරන්නේ. ඒ තුලින් අපගේ රට දෙකඩ කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමටයි මාන බලන්නේ. (නි)
ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට දැන්වත් හිස නවන්න ඉගෙන ගනිමු. (ස)
අපි මේ ණය බාලාගෙන ඉන්නෙ..!(නු)
බලයෙන් උදම් වූ විට දෑස් අන්ධ වේ. (නි)
ඕවා ඉතින් ඉල්ලගෙන කන දේවල් විදියටයි අපි නම් දකින්නේ. (නි)
විදේශ තානාපති කෙනෙකුට ස්වාදීන රටක දේශපාලනයට මෙහෙම බලපෑම් කරන්න පුළුවංද?(නු)
මේ අදහස් දක්වන අය දැක්කහම හිතෙනවා ලංකාවේ අය කොච්ච්ච්ර මෝඩද කියලා. උදාහරණයක් විදියට කෙනෙක් ලංකාවේ ආයෝජනය කරනවා නම් රුපියලක් දෙකක් නෙමෙයිනේ ඒකට යොදවන්නේ. ඩොලර් බරගාණක් ආයෝජනයක් කරලා තියෙද්දී අපේ දේශපාලු කෙනෙක් ඒක අයිති කරගන්න ගියොත් එයාලට තියෙන්නේ නීතියේ පිහිට විතරයි. ඒ වගේ දෙයක් වෙයි කියල හිතෙනවා නම් මොළේ තියන අය ආයෝජනය කරන්නේ නැහැ. ඕක තේරුම් ගන්න බැරි අය තමයි නන් දොඩවන්නේ. (නි)
කෝ මේ අපේ අය..!(නු)
ආදාර එපා.. අපි කොස් දෙල් කාලා හරි ජීවත් වෙමු.. ලිබියාව මතක් වෙද්දිත් බයයි..!(නු)
මමනම් එක වචනයක් වත් කතා කරන්නේ නැහැ (දී)
නීතිය සහ ස්වාධිපත්‍යය තහවුරු කරන්න ඇමරිකාව හරි ඉදිරිපත් වෙනවා නම්... (නි)
සමන්,ඇමරිකාවල අසනීපයක්,දරු ප්‍රසූතියක්,හදිසි අනතුරක් සිදුවී රෝහලවෙත ගිය විට පළමුව රක්ෂණ සහතිකය නැතිනම් මුදල් ගෙවා නැතිනම් ලෙඩා ඇතුලටවත් නොගන්නේ නෑ (ස)
ඇමරිකාවෙ ජනගහනය ලෝක ජනගහනයෙන් 7%ක් පරිභෝජනය කරනවා ලෝක සම්පත්වලින් 36%ක් සුඩානයේ සෑම තත්පර 25කට සැරයක් ළමයෙක් මැරෙනවා කන්න නැතිව.. ආදාර දෙයිද අපට.,?(නු)
වෙන රටක තානාපති කෙනෙක් කොහොමද අපෙ රටේ නීතියට බලපෑම් එල්ල කරන්නෙ. (ස)
දැක්ක නේද කාටවත් නොපෙනෙන පැත්තක් (දී)
රැපියල් කෝටි 57ක් ගන්නකොට හිතුවෙ නැද්ද බලපෑම් කරන්න පුළුවංද කියලා..!(නු)
ගජයා, ස්වාධීන රටකට නම් බැහැ. ඒ උනාට ලංකාව දැං ස්වධීන රටක් නෙමෙයිනේ..!(නු)
මෙහෙම විදේශ රටවල තානාපතිලට කතා කරන්න පුළුවං නම්අපයෙත් ඇයි පිටරටවල එහෙම කතා කරන්න බැරි...!(නු)
ඒ කොහොමද (දී)
රවී ඔබ හරි (ස)
ණය ගන්නකොට ස්වාධීන වෙන්නෙ කොහෙද? (නු)
ප්‍රවෘත්තිය හරි හැටි කියවා කමෙන්ට් කරන්න.මේ රැස්වීම ඇමරිකාව ලංකාවේ තියපු එකක් නෙවෙයි.ලංකාවෙ තියපු එකකට එයාට ඇරයුම් කරලා.අනික ලංකාවෙ අධිකරණය ස්වාධීන කරන්න කියලා අපි සල්ලි ඉල්ලන හින්දා තමයි ඒ ගොල්ලො ඊට කලින් ලංකාවෙ පවතින තත්ත්වය ගැන හොයලා බලන්නෙ,අනික ඇමරිකාවෙ ජනතාව ලෝක ජනගහනයෙන් 7% පරිභෝජනය කරනවා කියන්නෙ මොකක්ද?අනික ලිබියාව,ඉරාකය ඇමරිකාව එන්න කලින් සුර පුරයක් වෙලා තිබුනෙ නෑ,ඇමරිකාව නිකන්ම ගිහින් ගැහුවා නෙවෙයිනෙ,ඒ රටවලිනුත් යම් තල්ලුවක් තිබුනා ඒ විදිහට සිද්ද වෙන්න. (ස)
එයාලා ඉරකෙට ලිබියාවට කරපු දේවල් සාධාරණද? ඒ රටවල්වලට ස්වාධීන කම නැතිකරලා අපේ අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන්න..!(නු)
ඇමරිකන් තානාපති තුමිය හිතාගෙන ඉන්නේ ලංකාව එයාලගේ කොලනියක් කියලද දන්නෙ නැහැ..!(නු)
ගජයා මෙයාලා හිතාගෙන ඉන්නේ මේක ටයත් විජිතයක් කියලා... එයාලට ඕන විදියට වැඩ කරන්නෙ නැතිවට තරහෙද කොහෙද?(නු)
මෙච්චර බලපෑමක් කරන්න හැකි උනාද (දී)
ඔකෙනුත් අපි තමයි වන්දි ගෙවන්නේ (දී)
දැන්මම පේනවා නේද යම් යම් අත්තනෝමතික තීරණවල ඵප්‍රතිඵල.කොහොමත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු තල යුතුයි.එතකොට තමයි ජාත්‍යන්තරය ඉදිරියේ කොන්ද කෙලින් තියා ගන්න පුලුවන්.නීතියේ ආධිපත්‍ය රැක ගන්න නම් කවුරුත් ඉදිරිපත් උනත් කමක් නෑ.සාමාන්‍ය ජනතාවට අන්තිමට තියෙන්නේ නීතියේ පිහිට විතරයි (ස)
ඇමරිකාව හිතන් ඉන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාවේ පාන්තයක් කියලද ? (ස)
ඇත්ත විදේශ ආදාර නවත්වපු ගමන් ඉවරයිනේ (දී)
කොහෙන් මේ වැඩේ ඉවර වෙයිද දන්නේ නැහැ ( දී)
අපේ රටත් ලිබියාවක් කිරිමේ පළමු පියවර හැටියටයි මම දකින්නේ (ස)
වැඩක් වෙන්නෙ නැහැ. (නි)
රටට හානියක් වෙන්න දෙන්න එපා (දී)
මොනවා වෙන්න යනවද මන්දා (දී)
ඇමෙරිකාව හරිම ආදරෙයි අනෙක් රටවලට අත දෙන්න ආයෝජනය කරලා. ඵ්කනෙ ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල නීතිය රජ කරවලා ඵ් රටවල ආයෝජනය කරන්න ඇමෙරිකානුවන්ට ඉඩ සලසලා තියෙන්නෙ. මට හිතාගන්න බැරි වෙන රටවල තානාපතිවරුන් අපේ රටේ ඇතුළත ප්‍රශ්න ගැන ඕනෑවටත් වඩා කතා කරනවා , නොයෙකුත් ප්‍රකාශන නිකුත් කරනවා. ඵ්ත් අපේ රටේ නියම තත්වය ගැන යමක් අනෙක් රටවලදි ප්‍රකශ කරන්නෙ කීයෙන් කී දෙනාද? (නි)
හදිසියකට බේත් ගන්න තියෙන රට ඇමෙරිකාව එක නිසා බනින්න එපා (ස)
අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කරන්න උනත් අපේ රටේ යුක්තිය සාධාරණය හැම කෙනාටම එක වගේ තියෙන්න ඕන. බොරුවෙන් අයුක්තියෙන් මොන දේ දිණුවත් වැඩක් නෑ. ඔය දැන් මහ ලොකුවට කෑ ගහන අය ඇත්තම විදේශ අක්‍රමණයක් ආ දාට බලන්ඩකො ලංකාවෙ පැත්ත පළාතෙ ඉදියිද කියල? එදාට රට වෙනුවෙන් සටන් කරන්න වෙන්නෙ මේ රටේ ඉන්න අහිංසක කොල්ල කෙල්ලන්ට විතරයි.(ස)
තානාපති කියලා තියෙන දේ ඇත්ත. ඒත් අපිට දෙන ආධාර වලින් කොටසක් යොදවලා ඇමරිකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට සහනයක් සළසවලා දෙන්න පුලුවන් නම් හොදයි. (නි)
ඇමරිකාන් මානසිකත්වයෙන් මේ තීරුවට ලියන අයටයි,තම රටේ ආයෝජනය නොකර අප රටට එනනේ අපට ආදරේටද? (ස)
මම හිතුවා ඔහොම වෙයි කියලා. (නි)
මේඩ් ඉන් ඇමරිකා කියන දේවල් මොනවාද තියෙන්නේ මෙහෙ? (නි)
ශ්රී ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් නෙමෙයි. ලංකාවේ නිමි ඇදුම් මිලට ගන්නේ ලංකාවට බයේ වෙන්න ඇති (ස)
මොනවා වෙන්න යනවාද මන්දා (දී)
අපේ ගොඩක් දේශපාලකයන්ට ඇමරිකාවේ පුරවැසි භාවය තියෙනවා. ඉතින් තව මොන කතාද ? (ස)
අනේ මන්දා? අලුත් අලුත් අය දැන් ගොඩයි. අපි නම් දන්නෙ නැහැ ජේ.වී.පී.ද? යූ.එන්.පී ද? වී.අයි.පී. ද කියලා. (නි)
අපි ආධාර මුකුත් අරගෙන නැත්නම් මේකට හොදට උත්තර දෙන්න තිබුණා. ඒත් අපි කෝටි ගණනින් ආධාර අරගෙනකොට මේකට මොනවා කියන්නද? (නි)
අපිට සල්ලි තෑගි කරනවාද? (නි)
ලංකාවට අහිතක් කරන්නකෝ බලන්න (දී)
අනේ ඇත්තට මෙතන තියෙන අදහස් දක්කහම අපේ රටට මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ... බොලවු, අපේ රටට වැඩියෙන්ම වින කරන්නේ සුද්දෝ නෙවෙයි, අපේ රට කරවන ඇත්තොම තමයි. (නි)
මම හිතන්නේ ඇමරිකාව කියන්නේ ලෝක ප්‍රශ්න වවාගෙන කන රටක්. මගේ රට ජාතිය සුද්දන්ගේ දෙපතුල ලෙවකන ජාතියක් වෙනවට මම කැමති නෑ. (ස)
මේවයින් තැලෙන්නේ අහිංසක අපි (දී)
මිහිරි,රවී ඇතුළු බොහෝ දෙනෙකුට ඇත්ත දකින්න හැකිවීම ගැන සතුටුයි. වෙනදා මෙවැනි පුවතකට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ බොරු දේශප්‍රේමී ඝර්ජනා පමණයි. ලංකාව සීගිරි යුගයටත් පෙර පටන් විදෙස් වෙළඳාමේ නිරත වුණ රටක්. එදා හිටපු නරපතීන් 'අපි ලෝකෙන් උතුම්ම රට නිසා අපට කාගේවත් අදහස් ඕන නැහැ' කියන මෝඩ අදහසේ සිටියේ වත් ජනයාට එවැනි මෝඩ අදහස් පොවන්න ගියේවත් නැහැ. ලෝකයෙන් තනිවී සිම්බාබ්වේ වගේ රටක් වෙලා හරි අපේ ලොකුකම කියවමින් ඉන්නම සිතන අයගෙන් මට අහන්න තියෙන්නේ, ඇමරිකාව ඔතරම්ම නොවැදගත් නම්, ඔයාලට ඔය සටන් පාඨ උගන්වපු උදවිය ඇමරිකාවේ ග්‍රීන් කාඩ් අරන් ඉන්නෙත්, පොඩි අසනීපයට පවා ඒ රටට දුවන්නෙත් ඇයි? ඔයාල මොන ලොකු කතා කිවුවත් ජී එස් පී එක කැපුන එකෙන් විතරක් රැකියා අහිමිවූ අපේ අය සංඛ්‍යාව දහස ඉක්මවනවා. පුළුවන් නම් ඒ පවුල් වලට යැපීම් මාර්ගයක් ලබාදෙන්න. (ස)
දැන් ඔය කතා වැඩක් නැහැ (දී)