ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, චන්ද්‍රගුප්ත තේනුවර, මහින්ද ජයසිංහ හා ජනක අධිකාරී යන පෙත්සම් කරුවන් විසින් ගොනු කැරුණු පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නැයි නීතිපෙති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.
නිමල් ගාමිණී අමරතුංග, පී ඒ රත්නායක හා ඊවා වනසුන්දර විනිසුරුවරුන් හමුවේ ඔහු එසේ කරුණු දැක්වීය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී තිබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරු පදවියෙන් නෙරපා හැරීමට කලිනි.
මෙම පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත යුතු ද නැද්ද යන්න තීරණයක් ගැනීමට අග විනිසුරු මොහාන් පීරිස් මහතාට යොමු කිරීමට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් වැඩක් නොවෙයිනේ මේ වැඩ (දී)
මේ ප්‍රශ්නය තවමත් අවසන් නැද්ද? (නි)
දැන් අපි අඬන්නද, හිනා වෙන්නද? (නි)
පේන ඇසීමක් . (ස)
ඔන්න බලාන්න.. සර්ව, සාධාරාණ, යුක්ති ගාරුක විසඳුමක්. (ස)
දැන්වත් එතුමියට සැනසීමේ ඉන්න දෙන්න (ස)
දැන් මිනිය භූමදානය කර අවසන්.නැවත එලියට ගත්තට පණ එන්නේ නැහැ.(ස)
හරිම කෙනා වෙතයි යොමු කරලා තියෙන‍්නේ (ස)
කොහොම හරි එතුමියට සාධාරණයක් වෙනවා නම් එතුමියගේ සේවය නැවත ලබාගන්න පුලුවන් නම් අපිට ජාතියක් විදියට සතුටු විය හැකියි. (නි)
මීට වඩා සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ (ස)
මොකක්ද මේ ඉවරයක් නැති දෝෂාභියෝග? (නි)
මේකෙන් අපේ දුර්වලකම් තවත් ලෝකයට හෙළි වේවිද දන්නෙ නැහැ. (නි)
මේ ප්‍රශ්නය නැවත ඇදලා රට අවුල් කරන්න නම් එපා. (නි)
උසාවි නොයෝග පවා නොසළකමින් අදටත් කුරගල බෞද්ධ පුණ්‍ය භූමියට අත්ව ඇති ඉරණම දෙස බැලු විට පෙනීයන්නේ ශුද්ධ වූ නීතියක් නොමැති බව නේද ? කෙසේවෙතත් සැමදෙනාම තම තමන්ගේ සංස්කෘතිය ( මාන්නය) අනිත් සංස්කෘතීන්ගෙන් වන පීඩාවන්ගෙන් රැක ගැනීමට අනියම් ආකාරයකට නීතිය භාවිතා කරන බව පෙනීයයි . (නි)
බටහිර රටවල් අතර ලංකාව ගැන හොද ප්‍රසිද්ධියක් ඇති වේවි. (නි)
මේ පිළිබද තවත් හාර අවුස්සන්නෙ මක්කටෙයි (ස)
දෙකම එකයි නේ. සර්ව සාධාරණ නීති ලංකාවේ කොහෙද තියෙන්නේ (ස)
මේවායේ කෙළවරක් නැද්ද හැබෑටම? (නි)
කරන දෙයක් නීතියට අනුකුලව කරන්න (දී)
මේ ප්‍රශ්නේ තව තවත් දුර දිග ගෙනියන්නේ ඇයි ? (ස)
හිටපු අගවිනිසුරුවරිය වැරදි නැත්නම් ඇය තමාගේ නිර්දෝෂීභාවය පෙන්වා දී ජනමතයක් ගොඩනැගිය යුතුයි නේද? (නි)
ජනතාව මේවට එකගවෙනවා කියන්නෙ තව තව නාස්තිය දූෂණය වැඩිවෙලා ඒවා පියවගන්න තව බදු ගෙවන්න කැමතියි කියන එකනෙ. අපි දන්නෙ නැහැ ඔන්න. (නි)