ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, චන්ද්‍රගුප්ත තේනුවර, මහින්ද ජයසිංහ හා ජනක අධිකාරී යන පෙත්සම් කරුවන් විසින් ගොනු කැරුණු පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නැයි නීතිපෙති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.
නිමල් ගාමිණී අමරතුංග, පී ඒ රත්නායක හා ඊවා වනසුන්දර විනිසුරුවරුන් හමුවේ ඔහු එසේ කරුණු දැක්වීය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී තිබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරු පදවියෙන් නෙරපා හැරීමට කලිනි.
මෙම පෙත්සම් හතර පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත යුතු ද නැද්ද යන්න තීරණයක් ගැනීමට අග විනිසුරු මොහාන් පීරිස් මහතාට යොමු කිරීමට ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෝෂාභියෝග පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
දම්මික Monday, 21 January 2013 02:16 PM
සෙල්ලම් වැඩක් නොවෙයිනේ මේ වැඩ (දී)
නිරෝෂන් Monday, 21 January 2013 02:17 PM
මේ ප්‍රශ්නය තවමත් අවසන් නැද්ද? (නි)
රත්න Monday, 21 January 2013 02:20 PM
දැන් අපි අඬන්නද, හිනා වෙන්නද? (නි)
රාල Monday, 21 January 2013 02:21 PM
පේන ඇසීමක් . (ස)
ජීවන්ත Monday, 21 January 2013 02:26 PM
ඔන්න බලාන්න.. සර්ව, සාධාරාණ, යුක්ති ගාරුක විසඳුමක්. (ස)
යොහාන් Monday, 21 January 2013 02:27 PM
දැන්වත් එතුමියට සැනසීමේ ඉන්න දෙන්න (ස)
රිස්වාන් - සෞදි අරාබිය. Monday, 21 January 2013 02:28 PM
දැන් මිනිය භූමදානය කර අවසන්.නැවත එලියට ගත්තට පණ එන්නේ නැහැ.(ස)
ජනක Monday, 21 January 2013 02:34 PM
හරිම කෙනා වෙතයි යොමු කරලා තියෙන‍්නේ (ස)
ප්‍රියන්ත Monday, 21 January 2013 02:37 PM
කොහොම හරි එතුමියට සාධාරණයක් වෙනවා නම් එතුමියගේ සේවය නැවත ලබාගන්න පුලුවන් නම් අපිට ජාතියක් විදියට සතුටු විය හැකියි. (නි)
සමන් Monday, 21 January 2013 02:36 PM
මීට වඩා සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ (ස)
සේනක Monday, 21 January 2013 02:40 PM
මොකක්ද මේ ඉවරයක් නැති දෝෂාභියෝග? (නි)
ලලිත් - කටාර් Monday, 21 January 2013 02:42 PM
මේකෙන් අපේ දුර්වලකම් තවත් ලෝකයට හෙළි වේවිද දන්නෙ නැහැ. (නි)
ජෙරාඩ් Monday, 21 January 2013 02:47 PM
මේ ප්‍රශ්නය නැවත ඇදලා රට අවුල් කරන්න නම් එපා. (නි)
කමල් Monday, 21 January 2013 03:04 PM
උසාවි නොයෝග පවා නොසළකමින් අදටත් කුරගල බෞද්ධ පුණ්‍ය භූමියට අත්ව ඇති ඉරණම දෙස බැලු විට පෙනීයන්නේ ශුද්ධ වූ නීතියක් නොමැති බව නේද ? කෙසේවෙතත් සැමදෙනාම තම තමන්ගේ සංස්කෘතිය ( මාන්නය) අනිත් සංස්කෘතීන්ගෙන් වන පීඩාවන්ගෙන් රැක ගැනීමට අනියම් ආකාරයකට නීතිය භාවිතා කරන බව පෙනීයයි . (නි)
තිසල් Monday, 21 January 2013 03:05 PM
බටහිර රටවල් අතර ලංකාව ගැන හොද ප්‍රසිද්ධියක් ඇති වේවි. (නි)
ගාමිණී Monday, 21 January 2013 03:36 PM
මේ පිළිබද තවත් හාර අවුස්සන්නෙ මක්කටෙයි (ස)
සුමන හිමි Monday, 21 January 2013 03:54 PM
දෙකම එකයි නේ. සර්ව සාධාරණ නීති ලංකාවේ කොහෙද තියෙන්නේ (ස)
දෝහා Monday, 21 January 2013 04:20 PM
මේවායේ කෙළවරක් නැද්ද හැබෑටම? (නි)
විමුක්ති Monday, 21 January 2013 04:56 PM
කරන දෙයක් නීතියට අනුකුලව කරන්න (දී)
නිත්‍යා Tuesday, 22 January 2013 09:38 AM
මේ ප්‍රශ්නේ තව තවත් දුර දිග ගෙනියන්නේ ඇයි ? (ස)
අශෝක Monday, 21 January 2013 06:26 PM
හිටපු අගවිනිසුරුවරිය වැරදි නැත්නම් ඇය තමාගේ නිර්දෝෂීභාවය පෙන්වා දී ජනමතයක් ගොඩනැගිය යුතුයි නේද? (නි)
අමිල Tuesday, 22 January 2013 11:29 PM
ජනතාව මේවට එකගවෙනවා කියන්නෙ තව තව නාස්තිය දූෂණය වැඩිවෙලා ඒවා පියවගන්න තව බදු ගෙවන්න කැමතියි කියන එකනෙ. අපි දන්නෙ නැහැ ඔන්න. (නි)