දූෂිතයා කොතැන හිටියත්, තරා තිරම නොබලා දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වත්තල දික්ඕවිට දී අද (18) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ සඳහන් කෙළේය. වත්මන් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන රාජ්‍යක් බැවින්, නීතියට ගරුකරනවා සේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ද උපරිමයෙහි කැපවී සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය.
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට කැපවූවා සේම මත් උවදුරෙන් ද අනාගත පරපුර බේරා ගැනීමට සියලු දෙනා ඒකරාශි විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කැමතියි ඒකට නම්. (නි)
හොද වැඩක් (දී)
පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය දැන් බයවෙලා ඇති. (නි)
බොහොම හොදයි. අති විශිෂ්ටයි! (නි)
කාලෝචිත විසදුමක් (දී)
අපි බලමු කාගෙන්ද පටන් ගන්නේ කියලා. (නි)
අපේ අයත් ඕවා හිස් මුදුනෙන් පිළිගන්නවා , රටට යහපතක් වෙයිද ? (ස)
අනේද කියන්නේ (ස)
ජනපතිතුමා ශ්‍රේෂ්ටයි. ඔහු කියන දෙයෙහි සත්‍යතාව අපිට ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. (නි)
ඉතා හොදයි. (නි)
ඉතා හොදයි. (නි)
ඉතා හොදයි. (නි)
කවුද මුලින්ම දොට්ට යායුත්තේ? (නි)
අනේ මන්දා මේවට මොනවත් කියලත් බෑ....නොකියත් බෑ (ස)
දුෂිතයන් රටින් පිටුවහල් කරමු (දී)
අපෝන්සු මොලේ පරීක්ෂා කර ගන්න වෙයි (ස)
පාර්ලිමේන්තුවේ ඉන්න අය බයවෙන්න එපා. ඔය අය ගැන නෙවෙයි මේ කියන්නේ. (නි)
සන්තෝසයි (දී)
ඒක මමත් පිලිගන්නවා (දී)
දේශපාලකයො ලෝකයෙන් තුරන් වුණු දවසක දූෂිතයොත් නැතිව යාවි....
නියමයි. මුලින්ම කාවද? (නි)
ඇත්ත, ඒකට තරා තිරම වැදගත් නැහැ (දී)
ඔබ තුමාට ජය වේවා (දී)
හරියට හරි, එහෙම තමයි කරන්න ඕනේ (දී)
ශ්රී ලංකාවට ජයවේවා, (දී)
නැතුව කොහොමද රට හදන්නේ (දී)
ඒක තමයි වෙන්න ඕනේ (දී)
නියමයි.........නියමයි.........(දී)
ජාධිපති තුමා හරි (දී)
මෙවැනි අයට නියම දඩුවම් ලබා දිය යුතුයි (දී)
නීතිය හැමෝටම පොදු දෙයක් විය යුතුයි (දී)
අපිට පෙන්වන්න දඩුවම් දීලා. (නි)
ඔබ තුමා හරි (දී)
කතාව වගේ වැඩත් තියෙනවානම් හොඳයි (ස)
ජයවේවා (දී)
අන්න හොද වැඩ (දී)
සුනාමි කෝටි ගණනක ආධාර වංචා කරපු දුෂකයන්ටත් දඩුවම් ලබාදිය යුතුයි. (නි)
නීතිය හරියට ක්‍රියාත්මක කිරීම රටේ අනාගතයට හොදයි (දී)
ජනපතිතුමනි, සියලුම මත්ද්‍රව්‍යයන්ද රටින් තුරන් කළ යුතුයි. (නි)
මිණිමැරුම් , තර්ජන වලට සහය දෙන අයට මොකද කරන‍්නේ ?? (ස)
ඔප්පු කරලා පෙන්වන්න ක්‍රියාවෙන්ම . එවිට ඔබ මිනිසුන්ගේ හදවතේ රැදේවි (ස)
වැරදි වැඩ නොකර හිටියහම ඉවරයි නේ (දී)
පක්ෂ භේධයකින් තොරව මෙය කලයුතුයි (ස)
ඔබතුමාට පින් සිද්ධ වෙනවා. (නි)
නිතිය අකුරටම කරන්න (දී)
අන්න එහෙම තමයි කරන්න ඕනෑ. (නි)
මේ වාගේ ජනාධිපතිවරයෙක් ලබන්නට අප මොනතරම් පින්කර ඇත්ද ? ජය වේවා (ස)
ඔබතුමා හරි (දී)
නිතිය අකුරට (දී)
රටක නිතිය ක්‍රියාත්මක වෙනකොට ඔහොම තමයි (දී)
මෙව්වා කියන්නෙ කොහොමද හැබෑටම... (ස)
පළමුවෙන්ම පාර්ලිමේන්තුවෙන් පටන් ගනිමු. (නි)
සන්තෝසයි (දී)
එහෙම තමයි වෙන්න ඔන (දී)
මේ තරම් රටකට සේවයක් කළ කෙනෙක් ගැන ඉතිහාසයේ කොතැනකවත් සදහන් වී නැහැ. (නි)
මේ නීතිය අද හෙටම ක්‍රියාත්මක කරන්න. (දී)
ඔබ හරියටම හරි. ඔබට අපගේ පුර්ණ සහය (දී)
හැම වැරදි කරුවෙකුටම එකවගේ දඩුවම් දෙන්න ඕනේ (දී)
ඔබතුමා මේ වැඩේ පටන් අරගෙන ලෝකයටම ආදර්ශයක් දෙන්න. (නි)
රජතුමනි මේ රට සදා ඔබගෙයි (ස)
මේරට බේරගත්ත රජතුමනි , අප සැමදා ඔබ උතුමන් සමගයි.(ස)
ඒ වුනාට එක තැනක ඉන්න අයට ඕක අදාල නැහැ. ඒ තමයි පාර්ලිමේන්තුව. (නි)
ජනාධිපතිතුමනි, දැන්ම ඉදලාම වැඩේ පටන්ගන්න. (නි)
ඔබ තුමාගේ වචනයත් අපි ගරු කරනවා. (දී)
ජය වේවා. අපේ උපහාරය (ස)
ජනාධිපතිතුමනි, දේශපාලණ ඉදිරි ගමනට මහත් බාධාවක් විය හැකි අය ගැනත් තීරණයක් ගතහොත් හොදයි. ඔබට සුභ අනාගතයක්. (නි)
හැබැයි පාර්ලිමේන්තුවේ හැරෙන්න... (නි)
එහෙම නැතුව රට කරන්න බැහැ (දී)
එහෙනම් අපේ රට හරි හොඳ වෙයි නේද? (නි)
නියමයි (දී)
සුදුසු බලවේග එකතුකරගෙන මෙතරම් රටට යහපතක් කළ ආණ්ඩුවක් තවත් නැත. (නි)
නාමයෝජනා දෙනකොටත් ඒ ගැන තදින්ම සළකා බලන්න. (නි)
දහඩිය මහන්සියෙන් වැඩකරන එදා වේල පිරිමහගන්න සාමාන්‍ය ජනතාව හැර , දුප්පත් මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරාගෙන සැප විදින රටේ හැම කෙනාම දූෂිතයො කියලයි මම හිතන්නෙ. (නි)
හැබැයි පාර්ලිමේන්තුව වහන්න වේවිද දන්නෙ නැහැ. (නි)
නැතුව ...නැතුව (ස)
මෙතුමා දැනටමත් රට වෙනුවෙන් විශාල සේවයක් කරලා තිබෙනවා. (නි)
රට පිරිහිලා තියෙන තරම තේරුම් ගන්න පුලුවන් කොස් ගෙඩි දෙකේ ප්‍රවෘත්තියට දාලා තිබෙන ප්‍රතිචාර ගොඩ දිහා දැක්කහම. (නි)
ඒක ඇත්ත වරදට දඩුවම දෙන්නම ඕනේ (දී)
එවැන්නක් ලංකාවට ඉක්මනටම ඕනේ (දී)
සේනාධි නායකයාණෙනි, රටේ ගැළවුම්කරු ඔබයි. (නි)
අන්න එහෙම තමයි වෙන්න ඕනේ (දී)
එල කිරි (ස)
ඔබතුමා විශිෂ්ඨයි. අපේ ආයුෂත් අරගෙන මේ දේශය හදන්න. බුදු සරණයි. (ත)
දූෂිතයා කොතැන හිටියත්, තරාතිරම නොබලා දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව පෙන්වන්නට ඔබතුමා ක්‍රියාවෙන්ම කටයුතු කර පෙන්වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. (නි)
එහෙමනම් පාර්ලිමේන්තුවට අලුතින් සාමාජිකයෝ හොයන්න වේවි නේද? (නි)
ජනපති තුමනි. හරක් මස කඩ වගේ තැබෑරුම් ඔක්කොමත් ලංකාවෙන් ඉවත් කරන්න බැරිද ?(ස)
හැකිනම් කැබිනට් ඇමතිවරුන්ගෙන් සමහරෙක් ගැනත් සළකා බලන්න. (නි)
අපිටත් ඕනෑ ඒ ටිකම වෙන්න තමයි. (නි)
සුනාමි කෝටි ගණනක ආධාර වංචා කරපු දුෂකයන්ටත් දඩුවම් ලබාදිය යුතුයි. (නි)
කාට කියන්නද මේවා ?????(ස)
අතිගරු ජනාධිපතිතුමනි, මත් උවදුරෙන් අනාගත පරපුර රැකගන්නට අප රටේ ඇති තැබෑරුම් සියල්ල ඉවත්කරන්න. (නි)
කටින් බතල කොල හිටවලා වැඩක් නෑ. ඒවා හැමෝටම සාධාරණ ලෙස ක්‍රියාවට නැංවිය යුතුයි (ස)
හැමෝටම එක්කද කිව්වේ ?? (ස)
ඔය සිංදුව අපි නිතර අහනවා. ඒත් ක්‍රියාත්මකවෙන පාටක් නෑ (ස)
මැර බලයටත්, දේශපාලන හයිය අයුතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධවත් මොනවාහරි කරන්න බලන්න ජනපතිතුමනි. (නි)
කැස්බෑවා වියසිදුරෙන්වත් අහස බලයිද ?????(ස)
ඒ වුණාට තවම දූෂිතයෝ ඇතුළේ. නීතිගරුක අය එළියේ. (නි)
රාජ්‍ය සේවකයන්ටත් මේ නීතිය අදාලයි නේද? (නි)
හෙජින්, බාල පෙට්රල්, බාල ඩීසල්, බාල එන්නත් බෙහෙත් ……ඒවටත් මොනවහරි කරන්න. (නි)
අනේ එහෙම කරන්න ගියොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා නේද (ස)