IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දේශපාලනේ රිංගා පාසලක් වැසේ

විල්ගමුව අධ්‍යාපන කලාපයේ හඳුන්ගමුව නවෝද්‍යා පාසලට දින පහක් තිස්සේ දරුවන් නොඑවන මවුපියෝ එහි විදුහල්පති වසන්ත ඒකනායක මහතා ඉල්ලා අදත් උද්ඝෝෂණයක් කළහ.
පාසල ඉදිරිපිටට වී දෙමාපියෝ දින පහ තුළදීම පාසලේ ගුරු හිඟයට විසඳුම් හා දරුවන්ට පෙළ පොත් ඉල්ලා සිටිමින් රැඳී සිටිති. දරුවන් පාසල් එවීම නවතා දැමූ බවත්, විසඳුම් ලැබෙන තුරු පාසල අසල රැඳී සිටින බවත් දෙමාපියෝ කියති.
දේශපාලන අතපෙවීම නිසා පාසලට රජයෙන් ලැබිය යුතු වරප‍්‍රසාද රැසක් අහිමි කැර ඇතැයි දෙමාපියෝ කියති. විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති තනතුරින් ඉල්ලා අස්වී ගොස් ඇති බවත්, නැවත එම විදුහල්පතිවරයා ද පාසලට ලබාදෙන ලෙස ද දෙමාපියෝ ඉල්ලා සිටිති.
විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් විමසීමට ගිය ද අධ්‍යක්‍ෂකවරයා නියෝජ්‍ය ඇමැතිවරයකු පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පාසලේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා ස්වාධීන කණ්ඩායමකින් විල්ගමුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකි. ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සහ විදුහල්පතිවරයා අතර ඇති ප‍්‍රශ්න මත විදුහලට ලැබෙන පහසුකම් කප්පාදු කැර ඇතැයි දෙමාපියෝ කියති.



අදහස් (0)

දේශපාලනේ රිංගා පාසලක් වැසේ

රුවන් Wednesday, 13 February 2013 11:51 PM

දේශපාලුවෝ තව ටික දවසකින් රටම වනසාවි. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 13 February 2013 11:57 PM

කවුද වැඩකාරයා කියලා දැනගන්න නමත් දැම්මා නම්... පවු අසරණ ළමයි ටිත. (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 12:25 AM

අපේ දුම්කුඩු අපිටම දුම් දානවා.. (නි)

:       0       0

සංජීව Thursday, 14 February 2013 01:13 AM

මතක තියාගන්න. අධ්‍යාපන ඇමතිලා පහක් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ විසදන්න තව දෙන්නෙක්වත් දාන්න වෙයි. (නි)

:       0       0

අනුර Thursday, 14 February 2013 04:58 AM

නොදන්නා නිසයි අහන්නේ. විදුහල්පතිකමක් කරන ගමන් පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් විදියටත් ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 05:31 PM

පවුකාරයන්ට ශාපවේවා! (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 05:31 PM

අහිංසක දෙමවුපියන්ගේ අහිංසක දරුවෝ... (නි)

:       0       0

චානක Thursday, 14 February 2013 09:15 AM

තව ඇමතිලා පහක් විතර පත් කරමු. (ස)

:       0       0

දියසෙන් Thursday, 14 February 2013 09:53 AM

අනාගත පරපුරේ උරුමයට ගරු කර වැඩිහිටි අපි සතු යුතුකම ඉටු කරමු . එය අපි යන සාර්ථක ගමනේ පළමු පියවරයි . (ස)

:       0       0

රංග Wednesday, 13 February 2013 07:06 PM

අධ්‍යාපන ඇමතිතුමනි, කරුණාකර පාසැල්වලින් දේශපාලනය අයින් කරන්න. එහෙම නොවුනොත් මීලග පරමිපරාවට මොකද වෙන්නේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 13 February 2013 07:22 PM

ඇත්තටම මේක අපේ රටේ ජනතාවගේ මහ කරුම කාලයක්. කවදාවත් නොවූ විරූ ලෙස දේශපාලනය අසාදාරන ලෙස හරස්වෙලා. පුංචි ලාබෙකට අපේ අනාගත පරමිපරාව ගෙවන්න බැරි තරමි වන්දි ගෙවනවා.(නදී)

:       0       0

ටෙනිසන් Thursday, 14 February 2013 11:26 AM

ඉතින් මොකෝ? ඉන්ටනැෂනල් පාසල් තියෙන්නේ ඒකටනේ. (නි)

:       0       0

කුරුවිට Wednesday, 13 February 2013 08:11 PM

ඊළග පරම්පරාවටත් කරන්න වෙන්නෙ මේ දෙමවුපියන් කරන දේවල්ම තමයි. (නි)

:       0       0

වීරසේකර Thursday, 14 February 2013 03:50 PM

අවශ්‍ය අනවශ්‍ය හැම් තැනකම් දේශපාලනය (දී)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 09:10 PM

සභාපතිතුමෝ, දරුවන්ගෙන් පළිගන්න එපා මගෙ දෙයියා (නි)

:       0       0

අශාන්ත Wednesday, 13 February 2013 09:52 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... (නි)

:       0       0

දිසානායක Friday, 15 February 2013 10:41 AM

ජාත්‍යන්තර පාසල් නම් තියෙනවා සල්ලි දෙන්නේ ඔයාද ටෙනිසන්(ස)

:       0       0

කෙවින් Wednesday, 13 February 2013 10:07 PM

ආසියාවේ ආශ්චර්යය... දරුවෙකුට උපදින්න නුසුදුසුම රටක් තමයි මේක. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 13 February 2013 10:13 PM

දුප්පතාට කෝ සැප ලෝකේ? (නි)

:       0       0

තිලක් Wednesday, 13 February 2013 10:16 PM

මේක හිතාමතාම කරන ලද කුමන්ත්‍රණයක් වගෙයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 10:16 PM

ස්වාධීනව හෝ රාජ්‍ය නිලධරියකුට දේශපාලනය අකැප බව මේ ගැටළු වලින් පැහැදිලි වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site