මිනීමරුවනට හෝ ඊට සහාය දෙන අයට තමාගෙන් නිදහසක් බුරුලක් නොලැබෙන බවත්, කොටකෙතන ඝාතනයේ සැකකරුවකු වන ගොඩකවෙල ප්‍රා සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි ඇප ලැබුවත් යළි තම කාර්ය මණ්ඩලයට බඳවා නොගන්නා බවත් රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කොටකෙතන පාසලේ දරුවනට පොත් පත් බෙදා දීමේ උත්සවයකදී ප්‍රකාශ කළේය.
නයනා නිල්මිණී හා කවින්ද්‍යා චතුරංගි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ධර්මසිරි ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විය.
පාසලේ සිසුහු 98 දෙනාම පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලදහ.
පොලිස් නිලධරයකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් ද තමාට චෝදනා කළ නමුත් ඒ කලායේ තමා රටේවත් නොසිටි බවත් ඇමැති කීවේය.
කොටකෙතන ආරක්ෂාව බාරව සිටින පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ගැන ගමේ වැසියන්ගේ විශ්වාසයක් ඇතැයි ද ඇමැති කීවේය.
‘දේශපාලන අරමුණු ඇති කිහිප දෙනකු මට මඩ ගහනවා. මම වැරදිවලට අනුබල දෙන දේශපාලනඥයෙක් නොවෙමි. අපේ හත්මුතු පරංපරාවේ කිසිවකුත් නොකළ දේවලටත් මට මඩ ගහනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් දේශපාලකයන්ටත් ආදර්ශයක් වේවා! (නි)
ජයවේවා ඔබතුමාට (දී)
මේ කතාව ඔප්පු කරන්න නම් ඔබ යමක්කර එය ඔප්පුකර පෙන්නන්න ඇමතිතුමනි. (නි)
ඇමතිතුමනි, ඔබතුමා නිර්භීතව කටයුතු කරන්න. එවිට ජනතාව සැමදා ඔබ සමගයි. (නි)
ඕක ඉතින් කියන්නත් දෙයක්ද? (නි)
ලලිත්, අපේ ඇමතිතුමා ගොඩක් නිර්භීතයි තමයි. හැබැයි එතුමාටත් පස්සෙ මතක නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)
කතාව ඇත්ත නම් අපිට යම් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන්. (නි)
අහිතට නැහැ ඉඩ
අනේ මන්දා ඇමතිතුමා, අපිට නම් ඕවා තේරෙන්නේ නැහැ. (නි)
ගින්නක් නැතිව දුමක් නොනගී. (නි)
ඔබතුමාට ප්‍රමාද වී හෝ මේ ටික වැටහීම ගැන සතුටුයි. (නි)
කොටකෙතන ගම දැන්වත් මතක් වුණා ඇති. (නි)
වැරදි වැඩ වලට ඉඩ දෙන්න එපා (දී)
අනේ මන්දා
මම අගය කරනවා ඒ කතාව (දී)