නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් බලාපොරොත්තු වීමට පුළුවන. ශ්‍රී ලංකාව හරහා හමා යන සුළං ප්‍රවාහය වියළි ස්වභාවයක් ගන්නා බැවින් වියළි සහ සිසිල් කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වේ. ඊසාන දිශාවෙන් හමා එන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ක් පමණ වේ. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රෙද්ශය සහ දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී සුළඟේ වේගය විටෙක පැයට කිලෝ මීටර 50-60 ක් පමණ දක්වා ඉහළ යයි. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට විටෙක රළු ස්වභාවයක් ගනී.
මූළාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd