IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දේවි දියණියන් තුන්දෙනාට ආදි දේවියකගෙන් ශිෂ්‍යත්ව

අපොස උසස් පෙළ විභාගයේ වාණිජ, කලා හා පොදු විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් තිදෙනා වෙනුවෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවක විදුහල්පතිනියට අද රුපියල් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කරමින් එම මුදල බැංකුවක තැන්පත් කර ලැබෙන පොළියෙන් ශිෂ්‍යාවනට ශිෂ්‍යත්ව පිරිනමන ලෙස ඉල්ලා සිටියාය.

බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැති ද සහභාගී වූ උත්සවයකදී ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විදුලි අධිකාරී හා ප්‍රථම නඩත්තු ඉංජිනේරුවරිය වන චිත්‍රා කුලතුංග බොතේජු මහත්මිය විදිහල්පතිනි ප්‍රභූ කර්නල් ඩබ්ලිව් ඩී පී කේ සමරසිංහ මහත්මියට චෙක් පත පිරිනැමීය.

වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සෙෂානි ගුණතිලක, කලා (භාෂා) අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් උපේක්ෂා සෙව්වන්දි හා පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය දිනාගත් සමනි ලියනගේ  මේ ශිෂ්‍යත්ව හිමියෝය.



අදහස් (0)

දේවි දියණියන් තුන්දෙනාට ආදි දේවියකගෙන් ශිෂ්‍යත්ව

ච්ත්‍රා Wednesday, 06 February 2013 10:58 AM

ආදි සිසු දේවි දියණියනි, ඔබට හද පිරි ප්‍රණාමය! තව තවත් මෙවැනි දියණිවරු බිහි වේවා!(නදී)

:       0       0

චරිත් Tuesday, 05 February 2013 10:41 PM

හොද වැඩක්. (නි)

:       0       0

චතුරංග Tuesday, 05 February 2013 05:01 PM

මම කැමතියි ලංකාදීපයට.(නදී)

:       0       0

මහේල Tuesday, 05 February 2013 06:02 PM

විශිෂ්ටයි. අති විශිෂ්ටයි (දී)

:       0       0

සද්ධා Tuesday, 05 February 2013 06:12 PM

මගේ නම් අදහස එම දියණියන් තුන් දෙනා වෙනුවෙන් හවුල් ගිණුමක් ඇරඹුවේ නම් වඩාත් හොදයි යන්නයි. (නි)

:       0       0

පිටිගල Tuesday, 05 February 2013 06:55 PM

හැබැයි පහුගිය කාලයේ නම් දේවිලා ගැන මාධ්‍ය වලින් ප්‍රචාරය වුණ දේවල් එච්චර හොද නැහැ. (නි)

:       0       0

ඇතීනා Wednesday, 06 February 2013 03:31 AM

හැබෑටම තමන් උගත් පාසලට කරන ගෞරවයක්. ආදර්ශමත් ආදී ශිෂ්‍යාවක්. ඔබට නිරෝගී සැප ශක්තිය, දිරිය ලැබේවා! (නි)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 05 February 2013 07:10 PM

දේශපාලනයෙන් තොර නම් වැඩේ ඉතාමත්ම හොදයි. (නි)

:       0       0

නිමල් Wednesday, 06 February 2013 06:29 AM

ආදි සිසුවියන් ඉතාමත් ආදර්ශවත් වැඩක් කර ඇත. (නි)

:       0       0

ගාමිණි Tuesday, 05 February 2013 08:51 PM

දක්ෂයින්ට සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ඉදිරියටත් ලැබේවා! (නි)

:       0       0

නෙතු Wednesday, 06 February 2013 10:20 AM

දුන් දෙය සුවඳයි !! ජය වේවා...(ස)

:       0       0

හිරු Wednesday, 06 February 2013 03:59 PM

සුභ පැතුම් පුංචි සහෝදරියනේ! (නි)

:       0       0

හිරු Wednesday, 06 February 2013 04:06 PM

ඉදිරියටම යන්න දේවියනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 794 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site