අපොස උසස් පෙළ විභාගයේ වාණිජ, කලා හා පොදු විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් තිදෙනා වෙනුවෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවක විදුහල්පතිනියට අද රුපියල් ලක්ෂ පහක මුදලක් පරිත්‍යාග කරමින් එම මුදල බැංකුවක තැන්පත් කර ලැබෙන පොළියෙන් ශිෂ්‍යාවනට ශිෂ්‍යත්ව පිරිනමන ලෙස ඉල්ලා සිටියාය.
බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමැති ද සහභාගී වූ උත්සවයකදී ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා විදුලි අධිකාරී හා ප්‍රථම නඩත්තු ඉංජිනේරුවරිය වන චිත්‍රා කුලතුංග බොතේජු මහත්මිය විදිහල්පතිනි ප්‍රභූ කර්නල් ඩබ්ලිව් ඩී පී කේ සමරසිංහ මහත්මියට චෙක් පත පිරිනැමීය.
වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සෙෂානි ගුණතිලක, කලා (භාෂා) අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් උපේක්ෂා සෙව්වන්දි හා පොදු විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය දිනාගත් සමනි ලියනගේ මේ ශිෂ්‍යත්ව හිමියෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතියි ලංකාදීපයට.(නදී)
විශිෂ්ටයි. අති විශිෂ්ටයි (දී)
මගේ නම් අදහස එම දියණියන් තුන් දෙනා වෙනුවෙන් හවුල් ගිණුමක් ඇරඹුවේ නම් වඩාත් හොදයි යන්නයි. (නි)
හැබැයි පහුගිය කාලයේ නම් දේවිලා ගැන මාධ්‍ය වලින් ප්‍රචාරය වුණ දේවල් එච්චර හොද නැහැ. (නි)
දේශපාලනයෙන් තොර නම් වැඩේ ඉතාමත්ම හොදයි. (නි)
දක්ෂයින්ට සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ඉදිරියටත් ලැබේවා! (නි)
හොද වැඩක්. (නි)
හැබෑටම තමන් උගත් පාසලට කරන ගෞරවයක්. ආදර්ශමත් ආදී ශිෂ්‍යාවක්. ඔබට නිරෝගී සැප ශක්තිය, දිරිය ලැබේවා! (නි)
ආදි සිසුවියන් ඉතාමත් ආදර්ශවත් වැඩක් කර ඇත. (නි)
දුන් දෙය සුවඳයි !! ජය වේවා...(ස)
ආදි සිසු දේවි දියණියනි, ඔබට හද පිරි ප්‍රණාමය! තව තවත් මෙවැනි දියණිවරු බිහි වේවා!(නදී)
සුභ පැතුම් පුංචි සහෝදරියනේ! (නි)
ඉදිරියටම යන්න දේවියනි. (නි)