ශ්රී ලංකාවට ආවේනික වූ අතිශ දුර්ලභ මිරිදිය ජීවී කකුළුවන් සහිත පෙට්ටි 29ක් නෝර්වේ රාජ්‍ය වෙත යැවීමට සූදානම් කර තිබියදී කටුනායක ගුවන් බඩු පර්යන්යේදී රේගු ජ්‍යෛව විවිධත්ව ඒකකය විසින් අත්අඩංගුවට ගත්තැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
විසිතුරු මසුන් අපනයනය කරන අයුරින් ඇසුරා තුබූ කකුළුවෝ 125 දෙනෙක් පණපිටින් එහි වූහ. එම කකුළුවන් අපනයනය සපුරා තහනම්ය.
ජෛව්‍ය විවිධ්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී කේ පී ජේ පී ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, සමන්ත පුෂ්පකුමාර මහත්වරු පරීක්ෂණ සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ එස් ඒ ද සිල්වා සහ ඩී විජේසිරිවර්ධන මහත්වරු කකුළළුවන් රාජසන්තක කර දෙහිවල සතුන්වත්තට මුදාහැරීමට නියෝග කළහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දුර්ලබ කකුළුවගෙන් ගරාණාවක්‘
සෙනරත් Wednesday, 16 January 2013 07:52 AM
අම්මෝ! මේක නම් දඩුවම් දියයුතු වැරැද්දක්. මිරිදිය කකුළුවන් දැන් ලංකාවේ වද වෙලා. (නි)
දුමින්ද Wednesday, 16 January 2013 08:07 AM
මේවා ආරක්ෂා කරන්න විකල්පයක් යොදන්න. අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමු (ස)
අජිත් Wednesday, 16 January 2013 08:30 AM
කොහෙන් අල්ල ගත්ත අයද දන්නේ නෑ නේ ? (ස)
ලලිත් - කටාර් Wednesday, 16 January 2013 06:18 PM
මට තිබෙන ප්‍රශ්නය තමයි ඔය නෝර්වේත් එක්ක අපේ රට තවමත් ඇයි ගණුදෙණු කරන්නේ කියන එකයි. (නි)
ආනන්ද Wednesday, 16 January 2013 09:25 AM
අපේ උරුමය (දී)
පිටිගල Wednesday, 16 January 2013 02:14 PM
ඒපාර මොකාටද මේ එන්න හදන්නේ (ස)
නිත්‍යා Wednesday, 16 January 2013 09:50 AM
සල්ලි වලට ගෙදර ඉන්න මිනිස්සු හරි විකුණාවි මේ අය (ස)
සුරංග Wednesday, 16 January 2013 10:02 AM
රේගුව ගැන ආඩම්බරයි (දී)
ලාල් Wednesday, 16 January 2013 10:14 AM
මේ ලංකාවේ වස්තුන් (දී)
රොෂාන් Wednesday, 16 January 2013 03:57 PM
කකුළුවන්ගේ ෆොටෝ දාන්නකෝ (ස)