උදරයට වැදුණු තද පහර නිසා බඩවැල් පිපිරීමෙන් හා අසූචි අමාශයේ හිරවීම නිසා පිළියන්ද නිවුන්ගම දැරිය මියගොස් ඇතැයි කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. සෙනෙවිරත්න මහතා මහතා තීරණය කෙළේය. දැරියගේ සිරුර මිත්තනියට බාර දෙන ලෙස ද නියෝග කැරිණි.
මරණයක් වසන් කිරීමේ චෝදාන යටතේ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පිළියන්දල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙමාපියන් කෙසේ වෙතත්, මේවා අහන දකින අපිට මේවා දරාගන්න බැහැ. (නි)
මේ පුද්ගලයාට මොන විදියේ දඩුවමක් ලැබෙයිද? (නි)
ලංකාවේ මිනිස්සුන්ට මේක තවත් පුවතක් පමණි. කිසිම බලධාරියෙක් සොයන්නේ නැහැ මෙම සමාජ පරිහානියට හේතු මොනවද කියලා. රාජ්‍ය නිලධාරීන් කිසිකෙනෙක් පිළිගන්න ලෑස්ති නැහැ මෙම ක්‍රමය අපිට ගැලපෙන්නේ නැහැ කියන එක. අපිට ගැළපෙන ක්‍රමයක් තියෙද්දී ඒ ගැන කිසිම තැකීමක් නැහැ. පාරවල් ,පාලම් ,වරායවල්, ගුවන්තොට හදන එක වහාම මදකට නවතා රට තුළ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට නිසි වැඩපිළිවෙලක් වහාම ඇරඹිය යුතුයි. (නි)
මොකද්ද දෙන්න ඕන දඩුවම (දී)
මරණ දණ්ඩනය දිය යුතු වරදක් (දී)
බලන්න. එක් අයෙකුගෙ නොපනත් වැඩක් නිසා වටිනා ජීවිතයක් නැතිවුණා. තව කීදෙනෙක් දුක් විඳිනවද? මෙම සිදධියට මවත් හවුල්ද? මේවා අදහන්නත් අමාරුයි. මොවුන් මානසික ලෙඩ්ඩුද? (නි)
මෙවන් අපරාධ කරුවන් රටින් පිටුවහල් කරන්න ඕනේ (දී)
අපි මේ ජීවිතයේදී කියන ලොකුම බොරුව තමයි 'ලෝකය සැපය' කියන බොරුව.''මම''කියන දුක්‌ගොඩ බිමතබා පටිච්චසමුප්පන්නව ජීවිතය දෙස බලන්න. (දී)
මොනවාද මේ දැන් සමාජයේ වෙන්නේ (දී)
මෙවන් අමානුෂික විදිහට ළමයින්ට පහර දෙන්න පුලුවන්ද මනුස්සයෙකුට (දී)
මිනිස්සු කියලා අමතන්නේ කොහොමද මේ වගේ වැඩ කරන අයට (දී)
ඉක්මනට මෙවන් අපරාධ වලක්වන්න පියවර ගන්න නැතිනම් ඉදිරියට මීටත් වඩා භයානක දේවල් පත්තරවල්ලින් කියවන්න ලැබේවි.
මෙවන් අපරාධ නිසා ලෝකයා අතරේ ලංකාව අපකීර්තියට පත් වෙනවා (දී)
පවු අහිංසක ළමයා! (නි)
දෙවියොම බලා ගන්න ඕනේ මේ අපරාධය (දී)
දෙන්න ඕනේ රජ කාලේ දඬුවම් (දී)
මෙවන් දේ නැවත නොවේවා (දී)
කනගාටු දායක පුවතක් (දී)
මෙහෙම මිනිස්සු ඉන්න මේ ලෝකේ තවමත් විනාශ නොවුණු එක ගැන තමයි මට තියෙන පුදුමේ. (නි)
බොදු බල සේනාව කෝ? (නි)
ලංකා නාමය නැති කරන්න එපා (දී)
මෙවන් පව්කාර මිනිසුන් කුමට උපන්නාද මේ ලොවේ (ස)
ලෝක විනාශය කෙසේවෙතත් ලංකාවේ විනාශය නම් පටන් අරගෙනයි තියෙන්නේ. (නි)
මෙහෙම දේවල් අහන්න තරම් අපිත් පවු කරලා තියෙනවනේ. (නි)
මොනවාද මේ අපරාධ (දී)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
හැබැයි මේක ලෝකෙන්ම උතුම්ම රටලු. (නි)
නීතිය වල්වැදුණහම තමයි මේවා සාමාන්‍ය සිදුවීම් වෙන්නේ. (නි)