ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල මාතර රාහුල විද්‍යාලයීය රුහුණු සංස්කෘතික මණ්ඩලය අභාවයට යන රුහුණේ පාරම්පරික තොවිල් නැටුම් සංදර්ශනයක් සංවිධානය කළේය. රෝහණ නෘත්‍යාංජලිය නම්වූ මේ සඳහා පරවාහැර තක්සර කලායතයනය පණ පෙවීය. එහි ප්‍රධානි නර්ථන ශිල්පී නිව්ටන් ගමගේ ඇතුළු ෂෙල්ටන් පාතේගම, ඉන්ද්‍රජිත් සඳ කැළුම්, දිනේෂ් ගමගේ,තක්ෂර ගමගේ, දිනේෂ් සඳරුවන් , රන්තිළිණ වැලිගම,සහ දිල්ශාන් මාරගොඩ,මේ සඳහා එක්ව සිටියේය. මහරගම නගරසභා සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ද ලයනල් ප්‍රනාන්දු ,සිරිසෝම ගොඩගේ, ගුණපාල වික්‍රමරත්න , කුසුම් සිරි බාලපටබැඳි යන මහත්වරු ද චිරාගත පොල්තෙල් පහන දැලිවූහ. ස්තෝත්‍ර ගායනයෙන් ඇරඹුණු සංදර්ශනය මගුල බෙර වාදනය ,සුද්ධ මාත්‍රාව, වන්නම් පාළිය, සළු පාළිය , තාළම් නැටුම, කෙණ්ඩි පාළිය , පන්දම් ගැසීම , වඩිග පටුන , පැදුරේ දැපීම , සහ දළුමුර පාළිය ආදි නර්ථන සමන්විත විය






.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගයිය යුතු කාර්යයක්. තවත් ඉදිරියට මේවා අපි දැකිය යුතුයි.. (ස)
අපිට උරුම දේවල් අපි රැක ගන්න ඕන (ස)
අපේ කම දැක්කම හරිම සතුටුයි (ස)
හොඳ පුවතක් . මමත් රාහුල මාතාවගෙන් ඉගෙන ගත්ත ළමයෙක් (ස)
අපේ උරුමය ආරක්ෂා කරගම්මු (දී)
ලස්සනයි.රැකගත යුතු අෙප් උරුමයන්... (ස)
දියවන්නාවෙ කොහොමත් හොඳ බෙර කාරයො ඉන්නවානේ. හැබැයි නටන්න ගියාම පොළොව ඇදයි. (ත)
ජල රැළි විතරද? ඇයි මාලු, ඉබ්බන් එහෙම නැටුවේ නැද්ද? (නි)
අපේ සංස්කෘතිය රැක ගනිමු (ස)
දන්නෙ නැති උදවිය කට වහගෙන හිටියොත් හොදා. මොනතරම් හොද වැඩක්ද මේක? (නි)
නියම වැඩක් (ස)
අපේ සංස්කෘතිය රැකගත යුතුයි. අගය කල යුතු වැඩක් (ස)
යහපත් වැඩක් . ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමට දිරි දෙන මේ ඇත්තන්ට මාගේ ප්‍රණාමය (ස)