IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දියවන්නා ජල රැලිත් බෙර පදයට නටයි

 

 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල මාතර රාහුල විද්‍යාලයීය රුහුණු සංස්කෘතික මණ්ඩලය අභාවයට යන රුහුණේ පාරම්පරික තොවිල් නැටුම් සංදර්ශනයක් සංවිධානය කළේය. රෝහණ නෘත්‍යාංජලිය නම්වූ මේ සඳහා පරවාහැර තක්සර කලායතයනය පණ පෙවීය. එහි ප්‍රධානි නර්ථන ශිල්පී නිව්ටන් ගමගේ ඇතුළු ෂෙල්ටන් පාතේගම, ඉන්ද්‍රජිත් සඳ කැළුම්, දිනේෂ් ගමගේ,තක්ෂර ගමගේ, දිනේෂ් සඳරුවන් , රන්තිළිණ වැලිගම,සහ දිල්ශාන් මාරගොඩ,මේ සඳහා එක්ව සිටියේය. මහරගම නගරසභා සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ද ලයනල් ප්‍රනාන්දු ,සිරිසෝම ගොඩගේ, ගුණපාල වික්‍රමරත්න , කුසුම් සිරි බාලපටබැඳි යන මහත්වරු ද චිරාගත පොල්තෙල් පහන දැලිවූහ. ස්තෝත්‍ර ගායනයෙන් ඇරඹුණු සංදර්ශනය මගුල බෙර වාදනය ,සුද්ධ මාත්‍රාව, වන්නම් පාළිය, සළු පාළිය , තාළම් නැටුම, කෙණ්ඩි පාළිය , පන්දම් ගැසීම , වඩිග පටුන , පැදුරේ දැපීම , සහ දළුමුර පාළිය ආදි නර්ථන සමන්විත විය



අදහස් (0)

දියවන්නා ජල රැලිත් බෙර පදයට නටයි

සකු Sunday, 20 January 2013 01:29 PM

අපේ උරුමය ආරක්ෂා කරගම්මු (දී)

:       0       0

සද්දාතිස්ස Monday, 21 January 2013 12:57 PM

යහපත් වැඩක් . ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාවය රැක ගැනීමට දිරි දෙන මේ ඇත්තන්ට මාගේ ප්‍රණාමය (ස)

:       0       0

අමිල Sunday, 20 January 2013 02:54 PM

ලස්සනයි.රැකගත යුතු අෙප් උරුමයන්... (ස)

:       0       0

කමල් Sunday, 20 January 2013 04:01 PM

දියවන්නාවෙ කොහොමත් හොඳ බෙර කාරයො ඉන්නවානේ. හැබැයි නටන්න ගියාම පොළොව ඇදයි. (ත)

:       0       0

චන්ද්‍රා Monday, 21 January 2013 03:59 AM

අපේ සංස්කෘතිය රැකගත යුතුයි. අගය කල යුතු වැඩක් (ස)

:       0       0

ජයතිස්ස Sunday, 20 January 2013 05:12 PM

ජල රැළි විතරද? ඇයි මාලු, ඉබ්බන් එහෙම නැටුවේ නැද්ද? (නි)

:       0       0

දුමින්ද Sunday, 20 January 2013 06:49 PM

අපේ සංස්කෘතිය රැක ගනිමු (ස)

:       0       0

නිමල් Sunday, 20 January 2013 11:50 AM

ඇගයිය යුතු කාර්යයක්. තවත් ඉදිරියට මේවා අපි දැකිය යුතුයි.. (ස)

:       0       0

නිසාම් Sunday, 20 January 2013 11:54 AM

අපිට උරුම‍ දේවල් අපි රැක ගන්න ඕන (ස)

:       0       0

අනුර Sunday, 20 January 2013 12:11 PM

අපේ කම දැක්කම හරිම සතුටුයි (ස)

:       0       0

කුමා Sunday, 20 January 2013 09:05 PM

දන්නෙ නැති උදවිය කට වහගෙන හිටියොත් හොදා. මොනතරම් හොද වැඩක්ද මේක? (නි)

:       0       0

චන්දක Sunday, 20 January 2013 09:27 PM

නියම වැඩක් (ස)

:       0       0

අනුර Sunday, 20 January 2013 01:12 PM

හොඳ පුවතක් . මමත් රාහුල මාතාවගෙන් ඉගෙන ගත්ත ළමයෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 650 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site