ඉහළ යන එළවළු මිලට පිළියම් වශයෙන් ඉන්දියවෙන් එළවළු ගෙන්වන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියයි. එළවළු මිලතවත් ඉහළ යා හැකි බවත් වම්බොටු කිලෝවක් රුපියල් 500ක් දක්වා වැඩි විය හැකි බවත් ඔහු කියයි.
ඉහළ යන එළවළු මිලට පිළියම් වශයෙන් ඉන්දියවෙන් එළවළු ගෙන්වන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියයි. එළවළු මිලතවත් ඉහළ යා හැකි බවත් වම්බොටු කිලෝවක් රුපියල් 500ක් දක්වා වැඩි විය හැකි බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුඛෝපභෝගී එළවලු කන්න එපා කිවුවහම වම්බටු, මෑකරල් කන්න ගත්තා. මදැයි වෙච්ච දෙයක්? (නි)
කවුරුවත් හඳෙන් මේවා ගෙනත් දෙන්න පොරොන්දු වෙයිද?(ස)
හපෝ....කාලා හමාරයි (ස)
අපිව බේරගන්න කවුරුවත් නැද්ද (ස)
අසරණ වෙන්නේ ගොවියෝයි, පාරිභෝගිකයි තමයි (දී)
දඹුල්ලට පමණක් නොවෙයි රටින්ම පන්නමු (ස)
රට හැදීමට පෙර මිනිස්සුන්ගේ කුස පිරවිය යුතුයි. (නි)
ඒ කතාවනම් 100% හරි (දී)
බදු මිල වැඩි වෙන්නත් ඒක හේතුවක් (දී)
ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වමුද? නැත්නම් චීනයෙන්? (නි)
අතර මැදිය තමයි වැඩිපුර ලාභ ලබන්නේ (දී)
ආශ්චර්‍යය මැවිලා පේනවා ඇති කට්ටියට (ස)
මගේ ගෙවත්තේ වම්බොටු ගස් හත අටක ඵලදාව තිබෙනවා. මට පොලිස් ආරක්ෂාව ලබා දෙනවාද ප්‍රවේසම් කරගන්න. (නි)
මෙහේ ඊට ලාබයි. කිලෝව ඩොලර් 3.00 යි. ඒ කියන්නේ රුපියල් 350 යි. එවන්නද? කොච්චර ඕනෑද ? (නි)
මීට ඉස්සර අපේ කට්ටිය කීව්වා නේද දඹුල්ලේ "අතර මැදියෝ, කප්පම් කාරයෝ" නැහැ කියලා. දැන් උත්තර ලැබුණා නම් හොඳයි නේද? (ස)
ඇත්තටම බැරිද අතරමැදියෙක් නැතිව ගනුදෙනු කරන්න (දී)
ඉන්දියාවෙන් එපා. චීනෙන් ගෙන්වන්න (ස)
අනිත් ප්‍රශ්නය වාගේ ලේසියෙන් මේවා විසඳන්නේ පුළුවන් වැඩ කියල හිතුවද ? (ස)
ලංකාවෙන්ම පන්නන්න (දී)
ඒ කතාව සහතික ඇත්ත (දී)
ඇත්තටම මේකට තමයි කියන්නේ ආශ්චර්‍ය්‍ය කියලා (ස)
ගංවතුර නිසා එලවලු වගාව විනාශ වුණා. සැපයුම අඩු වුණා. ඉල්ලුම වැඩි වුණා.මිල ඉහළ ගියා. මාස දෙකකට හරි පිටින් එලවලු ගෙනත් ඉල්ලුමට සරිලන සැපයුමක් දී මිල තුලනය කළොත් හොදයි නේද? හැබැයි දිගටම ගෙනාවොත්, සැපයුම වැඩිවී මිල පහත වැටී ගොවි මරණ සාපේක්ෂක අගයකින් ඉහළ නගීවි. (නි)
චීනා පස්සේ ගිය කිසි රටක් දියුණු වෙලා නෑ. තාමත් අපේ අයට ඕක තේරෙන්නේ නෑ (ස)
ඒ වුණාට බයවෙන්න එපා. ආර්ථික වර්ධනය 8% ටත් වැඩිලු. (නි)
බංගලාදේශයෙන් ගෙන්නමුකෝ. (නි)
මමනම් කියන්නේ අතර මදියෙක් නැති ක්‍රමයක් හදන්න බැරිද (දී)
සීමාවක් දාන්න ඕනේ (දී)
සලකා බලන්නම්කෝ කියලා කියයිද .(ස)
ඉන්දියානු පත්තරයක අද තිබුණා තමිල්නාඩුවේ එළවලු මිළ පහත වැටිලයි කියලා. (නි)
පන්නන්න නොවෙයි, ඒකට නීතියක් ගෙනාවනම් හරි (දී)
කවුද මේ? මොනවද මේ කියන්නේ? (නි)
වමුබටු නැතිවුණාට තව කොච්චර එළවලු ජාති තියෙනවද? (නි)
කන්න දෙනු! බැරිනම් යනු! (නි)
බඩු මිල ඔය තරම් ගණන් යන්නත් අතරමැදියා හේතුවක් (දී)
ඉතාම ඉක්මණින් අර දිවි නැගුමේ එළවලු වෙළද පොළට එනවා. එතකල් ඉවසන්නකෝ. (නි)
පරිප්පු කන්න, ලූණු ගෙදරම වවාගන්න. (නි)
බඩගින්නේ හිටියත් ඉන්දියාවේ එළවලු නම් කන්න එපා. (නි)
ඉන්දියාවෙන් නෙමෙයි යුරෝපයෙන් හරි ගෙනැල්ලා අපේ පඩියට හරියන ලෙස ආහාර ලබා දෙන්න (ස)
වම්බටු කන්න බැරිනම් කමු තිබ්බටු , ආනයනික ද්‍රව්‍ය වලින් අපිව වට්ටන්නද හදන්නේ (ස)
වම්බටු කිලෝව රු.500 ක් වෙනවලු. මරු. ආශ්චර්‍යය දොරකඩේ. (ස)
2012 වසර අවසන් වනතුරු විවාහ ලියාපදිංචියට රුපියල් 120 කි. දිවුරුම් සහතිකයට රුපියල් 25 කි. ඉඩම් පත් ඉරුවකට රුපියල් 5 කි. උප්පැන්න සහතිකයකට රුපියල් 5 කි. මේ සියල්ලම පොදු ජනතාවට බලපාන මුද්දර ගාස්‌තුය. එක පැත්තකින් බඩු මිල අහස උසට. අනෙක් පැත්තෙන් මුද්දර ගාස්‌තු. මේවාට පිං අයිති වේවායි නැති බැරි මිනිස්‌සු කියති. මේ අතර රුපියල් පනස් ලක්‍ෂයක් වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් පළාත් සභා බලධාරීන්ට ලබාදීම ගැන ඔව්හු වැඩි වැඩියෙන් පිං පමුණුවති. (ස)
මේවට හිනා යන්නේ අධෝ මුඛයෙන් (ස)
අල වගේද මල්ලි ගෝවා? (නි)
අවුරුද්දට ගෙවල් දොරවල් වහලා නිදා ගන්න තමයි වෙන්නේ (ස)
විදෙස් බලවේගයක කුමන්ත්‍රණයක්. (නි)
අතරමැදියා වර්ජන කරාවිද දන්නේ නෑ (ස)
"මිළ අඩු කළ හැකි ක්‍රම" යටතේ සරසවි සිසුන් ලවා පර්යේෂණ ලිපි සකසන්න. (නි)
අධිවේගයේ යන්න 400 ගන්නවානම් වම්බොටු කිලෝ එක ට 500 ගෙව්වහම මොකද?(ස)
බඩු මිල ඉහල යන්න එකම හේතුව (දී)