අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ ලොකු ලූනු ගොවීනට මේ වසරේ බීජ සැපයීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයි සීඅයිසී සමාගම කියයි.
හෙක්ටයාර දස දහසක පමණ ලූනු වගා කරන ගොවීන්ගෙන් සියයට හැට පහකට පමණ භීජ සැපයිය හැකි වෙතියි සමාගම සඳහන් කරයි.
සමාගමේ හරිතාගාරවල ලූනු මල් අතින් පරාග පෝෂණය කිරීම ගෙවිළියන්ගෙන්ම සිදු වෙයි.
බීජ ලූනු කිලෝවක් රුපියල් 12000 - 15000ත් අතර වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිපුර අස්වැන්න කල්තබාගැනිමත් නව වෙළද පොලවල් කරා යොමුකිරීමත් මගින් ගොවියාත්, රටත්, පාරිභෝගිකයාත් ආරක්ෂා වෙනවා. අවධානය යොමුකරන්න.(නදී)
දැක්කම ආසයි. මේවට මොනතරමි මහන්සිවෙලා සාත්තු කරන්න ඇද්ද. (නදී)
දේශීය ගොවියා නගාසිටුවීම කොතරම් අගනා කාර්යබාරයක්ද? දේශීය ගොවියගේ දෑත් දිනෙන් දින සරු වේවා.(නදී)
වවන ගොවියන්ට සාධාරණයක් නැහැ. අතරමැදියෝ තමයි ලාභ හොයන්නේ. (නි)
අද ලංකාවේ බීජ පාලනය කරන්නේ සී.අයි.සී කියන බහුජාතික සමාගමෙන්. කෝ බ්ජ වලට තිබුන ජනතාවගේ අයිතිය. ලංකාවේ කිසි කෙනෙක් මේවාට කතාකරන්නේ නැහැ.(නදී)
මොනා උනත් වැඩක් වෙන්න නම් අතරමැදි මාපියාව නැතිව ඔය පලදාවවත් විකුනගන්න ක්‍රමයක් හදන්න.(නදී)
සිසිර හරි, ලොකු ලොකු කට්ටියත් නටන්නේ බහුජාතික සමාගම්වල පදයටනේ.(නදී)
මම ඉන්නේ කටාර් වල . මෙහෙ ලුනු කොල ගොඩක් මිල අදිකයි. අපේ අය ලක්ෂයක් විතර මෙහේ ඉන්නවා. මෙහෙට එවන්න බැරි ඇයි අපේ එලවළු.(නදී)
අපි ලාංකිකයින් ලෙස මේවා දෙස බලා සතුටු වියයුතුයි. (නි)
සමහර බහු ජාතික සමාගම් ගොවියන්ට කෘමිනාශක විකුණනවා. පස්සේ ඒවායින් වකුගඩු රෝග හැදුණහම ඒවාටත් බෙහෙත් ගෙනැල්ලා විකුණනවා. (නි)
මොන ක්‍රමයකින් හෝ ගොවි මහතුන්ව ඉහල යාමයි අපේ පැතුම.(නදී)
ඵලදාව සරු වුණත් අන්තිමට අසරණ ගොවියන්ට ලැබෙන්නේ මොනවද? (නි)
සුභ අනාගතයක්! (නි)
හරිම ලස්සනයි, මල් වත්තක් වගේ, ඔබලාගේ හිතේ තියෙන අදිටන එලෙසම ඉටු වේවා. සැමට බුදුසරණයි (දී)
අනේ වාසනාවන් (දී)
බලන්න ලස්සනයි. (නි)
පලදාව තව තවත් සරු වේවා. ගොවි මහත්වරුන්ට සාදාරණයක් කරන්න දුක් මහන්සියෙන් හදන දේට.(නදී)