දඹුල්ල මහ නගර සභාවේ ප්‍රථම පුරපති ජාලිය ඕපාත මහතාගේ පාලනය අක්‍රමිකතා හා දූෂණවලින් පිරී ඇතැයි ද, නගරයේ හැම වැසියකුම රුපියල් 12000කින් පමණ ණයකරුවකු කර ඇතැයි ද පවසමින් උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න, නාගරික මන්ත්‍රීන් වන එච් එම් රූපසිංහ හා ඒ කේ අනුර බණ්ඩාර අද මාධ්‍ය හමුවක් පැවැත්වූහ. නගරාධිපතිට සන්ධානයේම දෙපිරිසක් මෙම ගැටුමට මැදිවී සිටිති.
රෝහල සතු ඉඩමකින් ඇළ මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමයකින් අක්‍රමිකතා සිදුවී ඇතැයි ද, නගර සභාව දැන් තිස් දෙකෝටියකට ආසන්න ණය ගෙන ඇතැයි ද ඔවුහු කීහ.
නගර සභා කැබ් රථ පෞද්ගලික පරිහරණයට ගන්නා බවත්, වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනයෙන් ද නගර සභාවට ආදායම් අඩුවනු ඇති බවත් ඔවුහු චෝදනා කරති.
රජයේ ඉඩම් කොල්ලයක් ද සිදු වෙතියි ඔවුහු කියති. නගරයට කාණු පද්ධතියක් නැතැයි ද, නගරාධිපති මහා මන්දිරයක් ඉදිකරතියි ද ඔවුහු කියති.
මේ චෝදනා සම්බන්ධයෙන් නගරාධිපති ඕපාත මහතා මෙසේ කියයි. ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
‘දඹුල්ල නගර සභාව සත පහක්වත් ණය නෑ. ප්‍රාදේශීය සභා කාලයේ ණය තිබුණා. ඒවත් එජාප කාලයේ ගත්ත ණය. රෝහල් ඉඩම දුන්නේ කාලයක් එහි පදිංචිව සිටි අයටයි.
ඇළ සංවර්ධනයේදී කිසිම හොර වැඩක් නෑ. නගර සභා වාහනයකින් කිසිම පෞද්ගලික වැඩක් කරන්නේ නැහැ. බස් පොළේ දැන්වීම් ප්‍රදර්ශනය නීත්‍යනුකූලව කළ වැඩක්. ‘
‘මම ගෙයක් හදනවා. ගේ හදන්න පටන් ගත්තේ නගරාධිපති වෙන්නත් ඉස්සෙල්ලා. හැබැයි වීදුරු ගෙවල්වලට වී අනුන්ට ගල් ගැසීම නුසුදුසුයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කමක් නැහැ කට්ටිය සමසමව බෙදාගන කන්න. (නදී)
මහ ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදන එක් එක් ඡන්ද කොට්ඨාස පරිහරණය කරන අයුරු සොයාබැලීමට ඒ ඒ ඡන්ද කොට්ඨාස වලින් විද්වත් කමිටුවක් පත් කළ යුතුයි.(නදී)
දඹුල්ලේ නම් කිසිම සංවර්ධනයක් නැහැ. අතුරු පාරවල්වල අලි නාවන්න පුළුවන් වලවල් තියනවා. කොන්ක්‍රීට් තියා බොරලුවත් දාලා නැති පාරවල් නගරය කිට්ටුවෙම කොච්චර තියනවද? ඒ වුනාට තිත්තවැල්ගොල්ල පාරේ නම් තියන තට්ටු 2ක ගෙයක් හොඳට සංවර්ධනය වෙලා තියනවා ඇලෙන් ගත්ත කුඹුක් ගස් එක්ක. (නදී)
නිකන් ඉන්න එපා. කොහොම කොහොම හරි ගහපල්ලා තට්ටු ගෙවල්.(නදී)
මේ අය ඡන්දෙ ඉල්ලන්න කලින් කරපු රකියා සහ තිබුන වත්කමි බලන්න ඕනේ.(නදී)
හරි වැරැද්ද මොකක් වුණත් මට නම් සන්තෝෂයි. (නි)
ගහගෙන බලමුකෝ ඊලගට මොනවද වෙන්නේ කියලා.(නදී)
ප්‍රශ්නයක් නැහැ. ඡන්දය දෙන්න ඕනෑතරම් ඉන්නවා මිනිස්සු. (නි)
හොද අවංක, ධර්මිෂ්ට නගරාධිපති කෙනෙක්.(නදී)
අනේ මන්ද ඔයාල කියනවා අපි අහනවා (දී)
රටම පිස්සන් කොටුවක් වගේ (දී)
වැරැද්දට මහත්වරුන් සේ නැගී සිටිය යුතුයි. (නදී)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
අපි මේ ලිපිය ජනාධිපති කොමිසමට යොමු කරමු නේද?(නදී)
මණ්ඩලේ කචල් එකක් නිසා අපි ඕවට අත දමන්න කැමති නැහැ.(නදී)
ඔන්න ඔහොමලු උනේ (දී)
ගම් වලට මොන මහ නගර සභාද? (නි)
දඹුල්ලට මේ මොකද වෙන්නේ? (නි)
ඔහොම යමු. ඔහොම යමු. (නි)
අපේ රටේ දේශපාලඥයෝ වැඩියි. (දී )
දැන් දේශපාලනයේ සුදනෝ නැහැ. (නි)
ගෝලයා ගුරුවරයාට ගැහුවා වගේ (දී)
දඹුල්ලේ හැමදාම කචල්. (නි)
දැන් ඔක්කොම අනිත් පැත්ත වෙන්නේ (දී)