එළවළු මිලට ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන වෙළෙඳුන් අඩුවීම නිසා එහි එළවළු මිල බෙහෙවින් අඩුවී ඇතත් කොළඹ එළවළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත.
දඹුල්ලේ අමුමිරිස් කිලෝව දින දෙකකට පෙර රුපියල් 200ක් විය. ඊයේ මිල රුපියල් 30 දක්වා පහත වැටුණේය. එහෙත් කොළඹ මිල රුපියල් 300ත් 400ත් අතර ගණනකි. දඹුල්ලේ වම්බටු කිලෝව රුපියල් 65ට මිල නියම වෙද්දී කොළඹ මිල රුපියල් 120ක් විය.
එහි රුපියල් 25ත් 30ත් අතර අළෙවි වූ තක්කාලි මිල රුපියල් 80 -120 අතර විය. දඹුල්ලේ එළවළු හිඟයක් ද නැත. එහෙත් වෙළෙඳුන් හා සැපයුම්කරුවන්ගේ උදාසීනත්වයක් දක්නට ලැබේ. මේ තත්ත්වය එහි හැඳින්වෙනුයේ 'පාජාව' නමිනි. එහි තේරුම 'ගන්නෙත් නෑ, නොගන්නෙත් නෑ, හරි වෙළෙඳාමකුත් නෑ' යන්නයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට නිසි පියවරක් නොගතහොත් ගොවියත් අමාරුවේ පාරිභෝගිකයත් අමාරුවේ . ඇමතිලට මේව හොනවට වඩා වැඩ තියනවා....! (ස)
මම කැමතියි රට දියුණු වෙනවානම්.. අපිට අපේ දරුවන්ට සතුටින් ඉන්න.. වෙන රටවල් වලට ගෙහින් ඉන්නෙ නැතිව නමුත් මේ එළවලු ටිකවත් හරියට කළමනාකරණය කරගන්න බැරි ඇමතිලා ඉන්න රටට ඔය මොන සංවර්ධනය වල් කියලා පෙන්නුවොත් ඇමතිලා දෙතුන් දෙනෙකුට ඇරුණාම වෙන කාටවත් වැඩක් වෙයි කිලා බලාපොරොත්තු වෙන්න කොහොමටවත් බැහැ.. අනේ රටේ අනාගත ගැන කොහොමවත් විශ්වාසයක් තියන්න බැහැ.. කොයි කවුරු ආණ්ඩු කළත්..!(නු)
කයිවාරුව නම් ආශ්චර්යයට යන්න.. තමන්ගේ ගෙදර හදන කෑම ටික හරි පිළිවෙලට බෙදා හදා ගන්න දන්නෙ නැහැ..!(නු)
සිල්වා ඔබ කියන කතාවට මාත් එකඟයි (ස)
අපිටත් පාජාව.. ගන්නත් ඕන... ගන්නත් බැහැ..!(නු)
අැමතිතුමාටත් මේ දවස්වල පාජාව..!(නු)
නියගයක් ආවත් දඹුල්ලේ එළවලු කුණු කොල්ලෙට.. වැස්සක් ආවත් දඹුල්ලෙ එළවළු කුණු කොල්ලෙට.. ඇයි වියදම් කරගෙන එළවලු කුණු කරන්නෙ.. කට්ටිය එකතුවෙලා එවන්නකෝ කොළඹට.. ජනතාවට හිත පිරෙන්න කන්න..!(නු)
හිත හොඳ ඇත්තෝ ඇත්නම් එහෙම වෙන්නේ නෑ (ස)
මෙයින් පෙනීයන්නේ අපේ ඇමතිතුමාගේ මිල පාලන ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක වන බවයි. දඹුල්ලේ 30 කොළඹ 300 (ස)
අපේ රටේ දුප්පතුන්ට සලකන හැටි තමයි ඔය (ස)
ගොවින් එකතුවෙලා කොමිස් එකක් දෙන්නන් කිව්වනම් පෝලිමේ එයි කට්ටිය උදව් කරන්න. අනේ මෙහෙමත් රටක්.(ස)