IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දඹුලු එළවළු කුණු කොල්ලෙට

එළවළු මිලට ගැනීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන වෙළෙඳුන් අඩුවීම නිසා එහි එළවළු මිල බෙහෙවින් අඩුවී ඇතත් කොළඹ එළවළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත. දඹුල්ලේ අමුමිරිස් කිලෝව දින දෙකකට පෙර රුපියල් 200ක් විය. ඊයේ මිල රුපියල් 30 දක්වා පහත වැටුණේය. එහෙත් කොළඹ මිල රුපියල් 300ත් 400ත් අතර ගණනකි. දඹුල්ලේ වම්බටු කිලෝව රුපියල් 65ට මිල නියම වෙද්දී කොළඹ මිල රුපියල් 120ක් විය. එහි රුපියල් 25ත් 30ත් අතර අළෙවි වූ තක්කාලි මිල රුපියල් 80 -120 අතර විය. දඹුල්ලේ එළවළු හිඟයක් ද නැත. එහෙත් වෙළෙඳුන් හා සැපයුම්කරුවන්ගේ උදාසීනත්වයක් දක්නට ලැබේ. මේ තත්ත්වය එහි හැඳින්වෙනුයේ 'පාජාව' නමිනි. එහි තේරුම 'ගන්නෙත් නෑ, නොගන්නෙත් නෑ, හරි වෙළෙඳාමකුත් නෑ' යන්නයි.



අදහස් (0)

දඹුලු එළවළු කුණු කොල්ලෙට

අසංක Thursday, 01 November 2012 12:36 PM

මෙයට නිසි පියවරක් නොගතහොත් ගොවියත් අමාරුවේ පාරිභෝගිකයත් අමාරුවේ . ඇමතිලට මේව හොනවට වඩා වැඩ තියනවා....! (ස)

:       0       0

සුප්‍රා Thursday, 01 November 2012 12:55 PM

මම කැමතියි රට දියුණු වෙනවානම්.. අපිට අපේ දරුවන්ට සතුටින් ඉන්න.. වෙන රටවල් වලට ගෙහින් ඉන්නෙ නැතිව නමුත් මේ එළවලු ටිකවත් හරියට කළමනාකරණය කරගන්න බැරි ඇමතිලා ඉන්න රටට ඔය මොන සංවර්ධනය වල් කියලා පෙන්නුවොත් ඇමතිලා දෙතුන් දෙනෙකුට ඇරුණාම වෙන කාටවත් වැඩක් වෙයි කිලා බලාපොරොත්තු වෙන්න කොහොමටවත් බැහැ.. අනේ රටේ අනාගත ගැන කොහොමවත් විශ්වාසයක් තියන්න බැහැ.. කොයි කවුරු ආණ්ඩු කළත්..!(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 01 November 2012 12:57 PM

කයිවාරුව නම් ආශ්චර්යයට යන්න.. තමන්ගේ ගෙදර හදන කෑම ටික හරි පිළිවෙලට බෙදා හදා ගන්න දන්නෙ නැහැ..!(නු)

:       0       0

රංජිත් Thursday, 01 November 2012 01:06 PM

සිල්වා ඔබ කියන කතාවට මාත් එකඟයි (ස)

:       0       0

රමනි Thursday, 01 November 2012 01:38 PM

අපිටත් පාජාව.. ගන්නත් ඕන... ගන්නත් බැහැ..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 01 November 2012 01:51 PM

අැමතිතුමාටත් මේ දවස්වල පාජාව..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 01 November 2012 11:03 AM

නියගයක් ආවත් දඹුල්ලේ එළවලු කුණු කොල්ලෙට.. වැස්සක් ආවත් දඹුල්ලෙ එළවළු කුණු කොල්ලෙට.. ඇයි වියදම් කරගෙන එළවලු කුණු කරන්නෙ.. කට්ටිය එකතුවෙලා එවන්නකෝ කොළඹට.. ජනතාවට හිත පිරෙන්න කන්න..!(නු)

:       0       0

නදී Thursday, 01 November 2012 11:19 AM

හිත හොඳ ඇත්තෝ ඇත්නම් එහෙම වෙන්නේ නෑ (ස)

:       0       0

හෙලංකා Thursday, 01 November 2012 11:22 AM

මෙයින් පෙනීයන්නේ අපේ ඇමතිතුමාගේ මිල පාලන ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක වන බවයි. දඹුල්ලේ 30 කොළඹ 300 (ස)

:       0       0

ඉන්දික Thursday, 01 November 2012 11:36 AM

අපේ රටේ දුප්පතුන්ට සලකන හැටි තමයි ඔය (ස)

:       0       0

රාජා Thursday, 01 November 2012 11:54 AM

ගොවින් එකතුවෙලා කොමිස් එකක් දෙන්නන් කිව්වනම් පෝලිමේ එයි කට්ටිය උදව් කරන්න. අනේ මෙහෙමත් රටක්.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site