ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් තුවාල ලබා එරට රෝහල් ගතකර සිටි වන්දනා නඩයකට අයත් ශ්‍රී ලාංකිකයෝ දහතුන් දෙනෙක් අද මිහින් ලංකා ගුවන් යානයකින් කටුනායකට පැමිණියහ.
මෙම වන්දනා නඩයේ එක් අයෙකු හැර සෙසු සියල්ලෝම තුවාල ලදහ. මොවුහු කැලණිය සහ කුරුණෑගල ප්‍රදේශ වල පදිංචි කරුවෝ වෙති. තුවාල ලැබූවන් අතර කාන්තාවෝ දස දෙනෙක් ද අතර පිරිමි දෙදෙනෙක් ද වූහ.
එක් කාන්තාවකගේ අත වැලමිට ප්‍රදේශයෙන් කපා ඉවත් කැර තිබිණි. මේ අතර හිසට බරපතල ලෙස මැහුම් දමා සිටි කාන්තාවෝ දෙදෙනෙක් ද වූහ.
තුවාලකරුවන් අතර ප්‍රවීන ගායිකා සුජාතා අත්තනායකගේ සොහොයුරිය වන රංජනී පෙරේරා මහත්මිය ද සිටී. සුජාතා අත්තනායක මහත්මියද කදුළු පිරි දෙනෙතින් යුතුව තම සොයුරිය රැගෙන යාම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියාය.
වීදුරු කටු ඇණීමෙන් තුවාල ලද්දෝ ද වූහ.
දිල්ලි බෞද්ධ වන්දනා මධ්‍යස්ථානයේ පල්ලේගම විජිත හිමියන් විසින් මෙම පිරිසට ආපසු දිවයිනට පැමිණීම සදහා ඉතා අඩු මුදලට ගුවන් ටිකට් පත් ලබා දෙන ලෙස මිහින් ලංකා ගුවන් සේවයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අවම මුදලකට ගුවන් ටිකට් පත් ලබා දුන් බව එම ගුවන්සේවයේ රාජ්‍ය හා පොදු කටයුතු පිළිබඳ කලමනාකාරී ගාමිණී අබේවර්ධන මහතා කීවේය.
මොවුහු පසුගිය පෙබරවාරි 07 වෙනිදා උදෑසන බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමේ අරමුනින් ඉන්දියාවේ චෙන්නායි නුවර ගියහග පසුව චෙන්නායි සිට දිල්ලිය වෙත දුම්රියෙන් ගමන් කිරීමෙන් අනතුරුව බස් රථයකින් අග්‍රා වෙත ගොස් එතැන් සිට බරණැස බලා ගමන් කරමින් සිටියදී අනතුර සිදු විය.
තමන් අනතුරට පත්වන විට බස් රථය පැදවූවේ රියදුරා නොව රියදුරු සහයට ගිය බසයේ අයිතිකරුගේ පුතා බව තුවාලකරුවෝ පැවසූහ.
බසය එකවරම ශබ්ද නගමින් පැද්දී ගොස් පෙරලී ගිය බවත් එවිට රියදුරා සහ ගෝලයා දෙදෙනාම බස්යෙන් ඉවතට පැන ඇති බවත් මොවුහු කියති. යමි හෙයකින් රියදුරා පැදවුවේ නම් කෙසේ හෝ පෙරලී යාමට ඉඩනොදී පාලනය කරගැනීමට හැකියාව තිබූ බවද කීහ.
එසේම දින දාහතරක් ඉන්දියාවේ වන්දනාමාන කිරීමේ අරමුණින් දිවයිනෙන් පිටත්ව ගියද කිසිදු සිද්ධස්ථානයක් වැදපුදා ගැනීමට නොහැකිවූ බවද මොවුහු පැවසූහ.
සීතා ජයසුන්දර මහත්මිය මෙසේ කීවාය.
‘අපි පසුගිය 07 වෙනිදා මුලින්ම ගුවනින් චෙන්නායි වලට ගියා. එදින රාත්‍රිය අපි චෙන්නායි වල ගතකලා. පසුවදා උදෑසන අපි දුම්රියෙන් දිල්ලි වෙත පිටත් වුනා. දිල්ලි වලට ආවේ 9 වෙනිදා. ඉන්පසු 10 වෙනිදා බරනැස බලා පිටත්වුනා ඒ අතරමගදී තමයි මේ අනතුර සිදුවුනේ.
අපි බරණැස බලා එනකොට රියදුරු මහතා වාහනය පදවාගෙන ගියා. නමුත් ටික දුරක් යන විට බස් අයිතිකරුගේ පුතා කියලා කියපු කෙනෙක් බස්රථයේ සුක්කනාම අතට ගත්තා. වාහනය වේගයෙන් පදවාගෙන ගියා.
පස්සේ පොලිස්යෙන් ඇවිත් ඒ දෙන්න අරගෙන ගියා. ඒත් එක්කම අපේ තුවාල කාරයින්ව ඇම්බියුලන්ස් එකක් රැගෙන විත් උත්තර ප්‍රාන්තයේ සයිිෆා කියන රෝහලට ඇතුලත් කළා. අපිට රෝහලෙන් හොඳට සැලකුවා. උත්තර ප්‍රාන්තයේ මහා ඇමති තුමා අප බලන්න නියෝජිතයින් එවාා තිබුණා.
මගේ හිසට මැහුම් 17 ක් දාලා තියෙනවා. දුක හිතෙන සිද්ධිය තමයි අපි එක්ක ගියා කුරුණෑගල පැත්තේ දෙන්නෙක්. ඒ මිනිස්සු හරිම අහිංසකයි. ඒ නෝනගේ අත කපන්න සිදුවණා. එයාගේ මහත්තයටත් තුවාලයි. අන්තිම අහිංසක අසරණ මිනිස්සු.
අපිට දැනගන්නට ලැබුනා අප රක්ෂණය කර නැති බව . මම රජයෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් ඉන්දියාවට වන්දනා නඩ යනවිට රක්ෂනය කරලද යවන්නේ කියලා සොයා බලන්න.‘
සුජාතා අත්තනායක මහත්මියගේ සොයුරිය වන රංජනී පෙරේරා මහත්මිය මෙසේ කීවාය.
‘අපි අග්‍රා වල සිට සැතපුම් 70 ක් පමණ දුරක් එනවිට එක පාරටම බස්එක දඩ දඩ ගාලා සෙලවුනා. ඉන්පස්සේ තමයි පෙරළුණේ . අප අනතුරට පත් වූ අවස්ථාෙවි සිට අපට උදවි කල දිල්ලි වල බෞද්ධ මධ්‍යද්ථානයේ පල්ලේගම විජිත හිමියන්ටත් උත්තර ප්‍රාන්ත මහ ඇමතටත්ල සාරානාත් පන්සලේ හාමුදුරුවන්ටත් අපේ ස්තුතිය පුද කරනවා. ඒ අයගේ මැදිහත්වීම නිසා තමයි අපේ ලෙඩිඩුන්ටත් හොදින් ප්‍රථීකාර ලබාගෙන අප සියලූ දෙනාටම මේ තරමි ඉක්මනින් එන්න ලැබුනේ.‘
මෙම අනතුරින් නඩයේ ප්‍රධාන සංවිධායකවයා වූ කොලොන්නාවේ පදිංචි බී.එච්.එම්.ඩබිලිවි බංඩාර මහතාද තුවාල ලැබීයග ඔහු පැවසුෙවි 74 වතාවක් පමණ මේ අයුරින් වන්දනා නඩ රැගෙන ඉන්දියාවට ගොස් ඇති බවත් මේ පිළිබඳව ඉතා කනගාටුවන බවත්ය. මෙම පිරිස රක්ෂණය කර ගෙන ගියේද යන්න පිළිබඳව විමසුවද ඒ පිළිබඳව පැහැදිලි පිලිතුරක් ලබා ගැනීමට නොහැකි විය.
සුසන්ත ජයසුන්දර මහතා මෙසේ කීවේය.
‘අපි එක්කෙනෙක් රුපියල් අසූදහසක් ගෙවා තියෙනවා මේ ගමන යන්න. අන්තිමට අපිට කිසිම තැනක් වන්දනා මාන කරන්න ලැබුනේ නැහැ. සංවිධායක මහත්තය නමි කිව්වා නැවත අප රැගෙන යනවා කියලා. නමුත් මෙතන ඉන්න හුඟ දෙනෙකු මෙයා එක්ක මේ ගමන නැවත යන්න කැමති වෙන එකක් නැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිඳු චේතනාවකින් ගියත් අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. ඔබ සැමට ඉක්මන් සුවය ලැබේවා! (නි)
සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. (නි)
පවු ඇත්තට (දී)
හරිම කණාගටුයි. හැමෝටම ඉක්මන් සුවය පතනවා! (නි)
සාදු...!!!! සාදු ...!!!! සාදු මේක ඉතා වටිනා තෑග්ගක් (දී)
පින් කරනකොට බාදා එනවා ඒවා මැඩගෙන අපි පින් කරන්න ඔනි එක නිසා ඊලග වතාවෙත් යන්න බලන්න ඔය දෙමාපියන්ගේ ළමයි අයිත් එයාලව යවන්න වියදමි කරන්න පුලුවන්නමි ලොකු දෙයක් හරිම කණගාටු සිද්ධියක් බුදු සරනින් ඉක්මන් සුවය පතනවා....!(ස)
ාම්ක චෙන්නායි වලට අයිති බස් එකක් නම් මේ වගේ අනතුරක් වළක්වා ගන්න ඔවුන්ට හැකියාව තිබුණා. (නි)
වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. ඒක නිසා ඊළග පාර ගිහින් වැද ගන්න බලමු. (නි)
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටුණේ අපේම සැදැහැවතුන් පිරිසක්. (නි)
සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. පිරිසිඳු චේතනාවකින් ගියත් අපි නොහිතන දේවල් සිද්ධ වෙනවා. දෙවි පිහිටයි! (නි)
සැමදෙනාටම ඉක්මන් සුවය ලැබේවා...(ස)
සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
මට හරිම කණාගටුයි. ඉක්මන් සුවය ලැබේවා!
සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
රත්නත්‍රයේ පිහිටෙන් මේ සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඇත්තෙන්ම ඉතාමත් කණගාටුදායක සිදුවීමක්. අර අතක් අහිමි වු අම්මාට සියලු දෙනාම එකතු වී ජාතිබේදයෙන් ආගම් බේදයෙන් තොරව උදවු උපකාර කළයුතුයි. සියල්ලන්ට ඉක්මන් සුවය ලැබේවා. (නි)
අයියෝ මෙවන් විපතක්. කනගාටු දායක පුවතක් (දී)
ගොඩක් දුකයි. සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. දුක් නොවී ඊළඟ වතාවේ යන්න ලැබේවා කියලා සිතන්න (ස)
කවුරු වුණත් අපි ඔක්කොම මිනිස්සු. (නි)
මෙයාලා මත්පැන්වත් ගෙනිච්චද? නැත්නම් ඇයි මෙහෙම දඩුවමක් ලැබුණේ? (නි)
අනතුර සිදු නොවුණා නම් කොච්චර හොද ගමනක් වේවිද? (නි)
දෙවියන් වැදීමට නොහැකි වීම ගැන කණගාටුයි. (නි)
උතුම් බුදු ගුණ බෙලෙන් ඔබට සුව ලැබේවා! (නි)