දෝෂාභියෝග තීන්දුවට එරෙහිව අගවිනිසුරුවරිය විසින් පැවරුණු පෙත්සමේ වගඋත්තර කරුවකු ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටීමට දෙමළ ජාතික සංධානය තීරණය කළ බව එම් ඒ සුමන්තිරම් මන්ත්‍රීවරයා කියයි.
11 දෙනකුගෙන් සමන්විත තේරීම් කාරක සභාවේ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරයකු සාමාජිකත්වය දැරීය.
මේ අතර ආණ්ඩු පක්ෂය කියනුයේ අභියාචනාධිකරණය ඉදිරියට නොයන බවයි.
ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් පවසනුයේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් අධිකරණ නියෝග වලට යටත් නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නේද? ඇයි පාර්ලිමේන්තුවෙ ඉන්නේ මේ රටේ උදවිය නෙමෙයිද? මේක මාර වැඩක්නේ. (නි)
දෝෂාභියෝගයේ නිර්මාතෘන් උසාවි එන එකක් නැහැ..!(නු)
අධිකරණය ඉහළම තැනකට ගෙනඒම තමයි අපිටත් අවශ්‍ය වන්නේ. (නි)
ඒ අය නොයා කොහොමද? එයාලා යන්නම ඕනෑ. (නි)
මේ හැම දෙයක් දෙසම විදේශීය බලධාරීන් බලාගෙනයි ඉන්නේ. (නි)
ජයවේවා! මෙන්න නියම මන්ත්‍රීතුමන්ලා. (නි)
හේමන්ත, ඔයා අනුමත කරන්නෙ කාගේ නීතියද? (නි)
මිනිස්සුන්ගේ මතය තමයි (දී)
අපිට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි (දී)
ඒ ගොල්ලන්ගේ කැමත්තනේ (දී)
ප්‍රශ්නයක් නැහැ ,ප්‍රජාතන්ත්‍ර වාදී රටක්නේ මේක (දී)
අපි නීතියට ගරු කල යුතුයි (ස)
අන්න හොදයි
කමක් නැහැ වරදක් දකින්නේ නැහැ (දී)
හේමන්ත මෙයාලා එදා ඉදන්ම කලේ ගරු කරන වටිනා වැඩ තමයි. (ස)
හොද තීරණයක් (දී)
මමත් කියනවා හොද තිරණයක් (දී)
ජය වේවා! (නි)
ආණ්ඩුපක්ෂය කියන හැමදේටම විපක්ෂය එකගවෙලා හරියන්නෙ නැහැ. (නි)
තමන්ගේ මතය ප්‍රකාශ කරන්න (දී)
අන්තර්ජාලයෙන්වත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තේරුම්ගෙන අදහස් පළ කළා නම් නේද හොද? (නි)
සත්‍යය වෙනුවෙන් සියල්ල අමතක කරපු දෙමළ සන්ධානයට මගේ ප්‍රණාමය!! (නි)
මම කියලා මොනවා කියන්නද (දී)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)
දැන් ඉතින් අන්තර්ජාතික ඩයස්පෝරාව රටම විහිලුවක් බවට පත් කරාවිද දන්නෙ නැහැ. (නි)
එක එක්කෙනාට ඕන දේ එක එක්කෙනා කරනවා . අනේ මන්දා (ස)
පාර්ලිමේන්තුවේ සිටින උදවියත් උත්තරීතර විදියට වැඩ කටයුතු කලොත් තමයි පාර්ලිමේන්තුවේ ම උත්තරිතර බව රැකෙන්නේ (ස)
නීතියට ගරුකල දෙමළ සංධානයට මගේ ප්‍රණාමය (ස)
ආයෙත් අහලා...(ස)