මහව නාගොල්ලාගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද (31) ත්‍රිරෝද රියක් ගැටීමෙන් පසු ගම්වැසියෝ එතැනට පැමිණ දුම්රිය ගේට්ටුවක් ඉල්ලා දුම්රිය මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණයක් කළහ. තිරෝද රියේ රියැදුරා ඉන් පැන දිවි බේරා ගත්තේය.
පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැති අතර වයම පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මහතා පැමිණ, දුම්රිය ගේට්ටුවක් හා මුරකරුවන් ලබා දෙන බව පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි ගේට්ටුවක් ඉල්ල ගන්න. (ස)
මග නැගුම යටතේ හදලා දෙන්න කියන්න.. මොකද කට්ටිය කෑගහලා සම්මත කරලාදුන්නේ..!(නු)
ඕකට අදම ගේට්ටුවක් දායි.. (නු)
අනේ මේ ගේට්ටුව දානවා වගේම විනයක් නැති දුම්රිය රියදුරන්ට බලපත්‍රත් ලබා දෙන්න........(නු)
මෙතන වැරැද්ද කාගෙද කියලා තේරෙන්නේ නැද්ද ඇත්තටම (ස)
ඔය රේල් ගේට්ටු දාපු තැන්වලට ගිහිං බලන්නකෝ ගේට්ටුව වහලා තියෙද්දිත් එහෙට මෙහෙට යන හටි..!(නු)
පේන විදියටනම් මෙතන පාර මාරුවෙන තැනක් කියන්න බැහැ.. ත්‍රීරෝද රථ රියදුරන් නම් හරිම දක්ෂයි රේල් පාරෙන් පනින්න අවධානමක් නැතිව.!(නු)
දෙයක් උනාම දුම්රිය රියදුරන්ට දොස් කියලා වැඩක් නැහැ.. ඒ මිනිසුන් ඕනවට ඕවා කරන්නේ නැහැනේ.. අනික ජීවිත කීයක් ඒ රියදුරන් අතේ රැදිලා තියෙනවාද? මේ යකඩ ගොඩක් එක්ක පොර බදද්දි..!(නු)
රැවටීම පමණයි වැඩ නැහැ..!(නු)
2013 වර්ෂය උද්ඝෝෂණ වර්ෂයක්ද කොහෙද?(නු)
දුම්රිය කියන්නේ එකපාරටම බ්රේක් ගහලා නවත්වන්න පුලුවන් එකක්ද ? (නි)
මේ උද්ගෝඝෝෂණ දැන් කලාවක් වෙලා. ටීවී එකේ කරපු වැඩේ බලන්න. ඒ අතරේ කවුරුහරි ඇවිත් කියපුවාම විසිරිලා යනවා. මට නම් හිතේන්නේ මේක අලුත්ම දේශපාලන කලාව වගෙයි. මොකද දැන් හින්දි චිත්‍රපටි බලලාම ,මිනිස්සු ඒ විදියට රගපාන්න පටන් අරන් වගෙයි. හරියට බලද්දී විසුරුවන කෙනාගේ කට්ටියම වගෙයි වි්‍යාපාරයේ ඉන්නෙත්. ඔතන ඉන්න සෙනග හැටියට එක්කෙනා රුපියල් 10 ගානේ එකතු කරලා උණ බම්බු ගේට්ටුවක් හරි දාන්න පුලුවන්. මාරුවෙන් මාරුවට කාටහරි ඉන්න පුලුවන්.ගමේ කොල්ලෝ ටික දාම් බෝඩ් එකක් තියාගෙන කතාකරකර හිටියත් විනෝදයක් වගේම ගමට රටට සේවයක් වෙනවා නේද්?අදුර වැටුණහම ලයිට් එකෙන් කෝච්චිය පේනවානේ. (නි)
මෙතන කොමෙන්ට්ස් දාන සමහර අය දැක්කම ජීවත් වෙන්නෙ මොන ලෝකෙද කියලා හිතනවා. දෙයක් දන් නැත්තන් දන් නෑ කියලා නිකන් ඉන් නැතුව ගොන් කතා කිය කිය උඩ පනිනවා. දැන් ගෙට්ටූ දාන්න ඕන දුම්රිය රියදුරන්ද නැත්තන් රජයෙන්ද. කෝච්චියක් බස් එකක් වගේ උඩ පැනලා බ්‍රෙක් ගැහුවම එක තැන හිටින් නෑ. ඒකට තමයි කල්පනාවෙන් පාරවල් හරහා යන්න කියන්නෙ කෝච්චියක් එකපාර නවත්තන්න කෝච්චර අමාරුද කියලා දන් නැත්තන් කොටුව දුම්රිය ගිහින් රියදුරෙක් කෙනෙක් හම්බවෙලා අහගන්න(නු)