ශ්රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ සාමාජිකයෝ දහසකට ආසන්න පරිසක් අද උදෑසන කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් කළහ.
‘කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන‘ සේවකයන් ලෙස දැනට තමන් සේවය කරන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ද අනුමැතිය අනුව තමන් කළමනාකරණ සහකාර තාක්ෂණ ශිල්පී ලෙස උසස් කළත් එම ශ්‍රේණියට දියයුතු වැටුප් වැඩිවීම මෙතෙක් නොදීම ඉතා අසාධාරණ බවත් ඔවුහු කීහ.
ජනවාරි 07 වැනිදා සිට මේ ගැටළුව නිසා තමන් ‘අකුරට වැඩ‘ වර්ජනයක නිරත වන බවත් දුම්රිය ධාවනාගාර තුනකට තම සාමාජිකයනට ඇතුළු වීමට අවසර ලබා නොදීම පිළිබඳ තම සංගමය දැඩි අප්‍රසාදය පෙන්නුම්කරන බවත් ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් සාමාන්‍යයෙන් දිනකට කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් යමක් දැන් කරනවා ඇති. (නි)
හැමෝම ඉල්ලන්නේ පඩිය වැඩිකරන්න කියලයි. (නි)
මුලින්ම කාර් රේස්. ඊළගට තමයි අනෙක් ප්‍රශ්න... (නි)
මොන දේ කළත් කවමදාවත් දුම්රියක් හරි වෙලාවට යන්නෙත් නැහැ. එන්නෙත් නැහැ. ඒ ගැන මෙයාලා මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අකුරට වැඩ කරනවා කිව්වේ මේකටද ? (ස)
අද කෝච්චි නම් වෙලාවට ආවා. හැබැයි අද මෙයාලා හිටලා නැහැයි කියලා කියන්නේ? (නි)
අකුරට වැඩ කරනව කියනවා නෑ කියනවා....අපට වෙනසක් දැනෙන්නේ නෑ (ස)
දෙවැනි ඡායාරූපයේ ඉන්න අය කෝකටත් පරිස්සමින්... මොකද පාතාලය මර්දනය කරන්න යනවා කියලා ආරංචියි. (නි)
වෙන වෙනම නොකර කරන දෙයක් හැමෝම එකට එකතුවෙලා කරන්න. (නි)
නම තමයි ඕනෑ කාට කාටත්. නැතුව වැඩ නෙමෙයි. (නි)