භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනකුට නඩු පවරන ලෙස නීතිපති රහස් පොලීසියට උපදෙස් දුන්නේය.
ජනාධිපති වෘත්තීය සමිති උපදේශකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර මස කොළොන්නාවේදී ඝාතනයට ලක් වූයේ ඡන්ද කටයුතුවල යෙදී සිටියදීය.
එම සිද්ධියේදී තුවාල ලැබූ දුමින්ද සිල්වා තවමත් සිංගප්පූරුවේ මවුන්ත් එළිසබත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක නැත්නම් මොකද කරන්නේ (දී)
නඩුව විතරක් වේවිද දන්නෙ නැහැ. (නි)
කෝ? මේකට ප්‍රතිචාර අඩු ඇයි? (නි)
නඩු දමලා හරි අපරාධකාරයින් සියල්ලටම දඩුවම් ලබා දිය යුතුයි. (නි)
හදිසියේම ජිනීවා මතක් වෙලා වෙන්නැති.(නදී)
සුවපත් වෙනකම් උසාවි එන්නත් බැහැනේ.(නදී)
ඉස්පිරිතාලෙට ලොකු බිලක් ඇති නේද (දී)
කැළනියෙන් තමයි වැඩේ ඇන ගත්තේ. දැන් හරිනේ දෙනවා ඔක්කෝටම වැඩේ.(නදී)
මතක නැහැ කියයිද දන්නේ නැහැ (දී)
ජිනීවා යන්නත් තියෙනවානේ (දී)
තවත් මොකක්හරි ගැටයක්වද්ද? (නි)
මෙපමන කාලයක් සිංගප්පූරුවේ ප්‍රථිකාර ගන්න මෙයාට මුදල් ලැබුනේ කොහෙන්ද? (නදී)
පුදුමයි! මේ අර ශ්‍රී ලංකාවමද?(නදී)
දැන්ද නඩු පවරන්න යන්නේ. අපොයි දෙයියනේ! (නි)
කලින් කෑගහපු අය දැන් මේකය අකමැතියි වගේ. (නි)
අපරාධකාරයින්ට ආයුෂ තියෙනවා. හොද මිනිස්සු රටට නැති වෙනවා.(නදී)
නීතිය කාටත් එකයි කියලා ජනාධිපතිතුමා කිව්වේ.(නදී)
එයටෙ සුවපත් වෙලා නම් දැන් ගොඩක් කල් ඇති. (නි)
ටිකට් කපාගෙන වෙන කොහාටද ගිහින් කියන්නේ ඇත්තද? (නි)
ඔය නඩුවට දුමින්ද මහත්තයා එනවද?(නදී)
ජනතාව කුල්මත් කරන්න මැජික් කාරයෝ මැජික් පෙන්නනවා වගේ වෙයිද දන්නෙ නැහැ. (නි)
නඩු පැවරීම වගේම නීතියත් හරියටම ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)