භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් විසි දෙනාගෙන් නඩු පවරන අය කවුදැයි ලබන පස් වැනිදා දැනුම් දෙන බව රජයේ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතාට දැනුම් දුන්නේය.
දැනට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වසරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සැකකරුවෙකි.
තවත් සැකකරුවෝ 19 දෙනෙක් සිටිති. එයින් හත් දෙනෙක් ඇප මත මුදා හරිනු ලැබ සිටිති.
පළාත් පාලන ඡන්දය පැවති 2011 ඔක්තෝබර් 08 දින කොළොන්නාවේදී ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක් වන විට ජනපති වෘත්තීය සමිති උපදේශක වරයෙක් විය.
පැමිණිල්ලේ නීතීඥවරයා මහේස්ත්‍රාත්ට දැන්වූයේ දොන් ලියනගේ සමන් ශාන්ත පෙරේරා නම් සාක්කිකරු නීතිපතිට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් මුලින් කළ ප්‍රකාශය බලපෑම් මත සිදු කළ නිසා තවත් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව පවසා ඇති බවයි.
ඩී එන් ඒ ජාන තාක්ෂණ වාර්තා කිහිපයක් හැර පැමිණිල්ලේ සියලු වාර්තා ලැබී ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු දාලා කොහොමද?(නු)
නඩු? මතන නැහැනේ.. (නු)
මෙයාට විරුද්ධව නඩු දාන්නේ නැති වෙයි. (ත)
ඕක පොඩි ළමයෙකුගෙන් උනත් අහන්න, දේවි උත්තරේ ටක්කෙටම. (ස)
එයාට වගේම ඕක රටේ හැමෝටම තව ටික දවසකින් අමතක වෙයි..!(නු)
මතක නැත්නම් කොහොමද නඩු දාන්නෙ..!(නු)
දුමින්ද මහත්තයා වෙඩි තියලත් නැහැනේ.. (නු)
සද්ගුණවත් පුද්ගලයාට නඩු දාන්න එපා. (ත)
මතක නැති නිසා නඩු දාන්නේ නැති වෙයි. (ත)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු. (ස)
වෘත්තීය සමිති උපදේශකටත් මෙහෙමනම් අනිත් අයට කවර කතාද? (ත)
සාක්ෂිත් නැහැනේද මෙයා වෙඩි තිබ්බා කියලා එහෙනම් කොහොමද මෙතුමාට නඩු දාන්නෙ..!(නු)
අපි ඉතිං මේවා කාටද කියන්නේ..!(නු)
කියද්දිනම් කියන්නේ නීතිය කාටත් එකයි කියලා..බලමු එහෙම වේවිද කියලා (ස)
මට මතක නැහැනේ දැන්. (නි)
පවුලේ අයට ඕන නැත්නම් අපිට මොකද? (ත)
එයා මුකුත් දන්නේ නෑ. (ත)
අපිත් මේ බලාගෙන ඉන්නේ නඩුවෙ තීන්දුවක් එනකම් තමයි..!(නු)
අනේ ඒ ගැන හිතන්නවත් එපා. එයාට නඩු දාලා කොහොමද? (ත)
එහෙම දෙයක් උනාද?(නු)
චමල් ඔයා එහෙම කියන්නේ කොහොමද ? (ස)
ප්‍රසිද්ධියේ මිනීමරන්න දැන් සමහරුන්ට බලපත්‍ර ලැබිලයි තියෙන්නේ. නැත්නම් ඉතින් එහෙම කරපු කට්ටිය නිදැල්ලේ ඉන්නේ නැහැනේ. (නි)
සංජීව සහ චමල් හරියටම හරි.මට ලියන්න දෙයක් නැහැ. (ස)
ආශ්චර්‍යමත් රටේ නඩු නෑ අනේ (ස)
දැං ඉන්න අග විනිසුරු නීතිපති වෙලා ඉන්න කාලෙ නේද මෙයා නිදොස් කොට නිදහස් කළේ..!(නු)
නඩු දැම්මොත් වෙන දේ දන්නවනේ....(ස)
මේක දැන් විහිළුවක් වෙලා (ස)
එයා මහත්මා දේශපාලනඥයෙක්නේ. (ත)
එයා නිදහස් වෙනවා කියන එක මට ඉර හද වගේ විශ්වාසයි. (නි)
කිරිබත් කාලා සතුටු වූණු අයට සතුටුදායක නඩු තීණ්දුවක් ලැබෙයි. (නි)
පිස්සු කතා කියන්න එපා....(ස)
ඕක ඉතින් එයාගෙන්ම අහන්නකෝ...(ස)
දුමින්ද මන්දගෙන්ම ඇහුවනම් හරි. (ත)
නඩු බඩු නැහැනේ. ඒ නිසා නඩු ඕනෑ නැහැ. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ....,බඩුත් හාමුදුරුවන්ගේ...., (නි)
තාම රෝහලේද? අනේ පවු! දැන් අවුරුද්දකටත් වැඩියි නේද? (නි)
මට මොකුත් මතක නැහැ (දී)
අනේ අපි නම් දන්නේ නෑ . ඡන්දෙ දවස වෙනකන් මට මතකි එතනින් එහාට නම් මුකුත්ම මතක් වෙන්නේ නෑ මට නම් .(නු)
දෙවියෝ තමයි දන්නෙ..!(නු)
බය වෙන්න දෙයක් නෑ.. මෙයාට නඩු වැටෙන එකකුත් නෑ (ස)