නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර ලබන 28 වැනිදා තෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙනිය මහතා විසින් රිමාන්ඩ් කරණු ලැබීය.
පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බියගැන්වීම, පහරදීම, 2008 වසරේ ඡන්ද සමයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාල කඩා දැමීම ඇතුළු ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි උසාවියේදී කියැවිණි.
බියගැන්වීම් ගැන පැමිණිලි දෙකක්ද, එජාප පක්ෂ කාර්යාල කැඩීම ගැන පැමිණිලි පහක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිලි කිහිපයක් ද ඇතැයි පොලීසියට අධිකරණයට දැන්වීය.
ඔහුගේ නීතීඥයන් ඔහුට ඇප ඉල්ලූ නමුත් ගිණි අවි පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකය අමතක වෙයිද දන්නේ නෑ. (ත)
ඔවුන් තම ස්වාමියාට කොපමණ ආදරේ ඇද්ද? (නි)
චණ්ඩි ඔක්කොමලා එකට හිරේ දාන්න ඕනෑ. (නි)
මේ වගේ ප්‍රශ්න ටිකක් එනවා තමයි. ගණන් ගන්න එපා. (නි)
ඒ නම තියෙන හුගක් අය එහෙමමයි. මොකද මන්දා? (නි)
පවු නේද අනේ මේ ලේකම්ලා? (නි)
චණ්ඩිකම් කරන්නන් සියල්ලටම නිසි දඩුවම් දියයුතුයි. (නි)
හොඳ මනුස්සයෝ හෙඳින් ඉන්න අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්වා. (අ)
ගොඩක් ලේකම්ලාට ඇමතිලාට නැති බලයක් තියෙනවා. (නි)