භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි ප්‍රේමචන්ද්‍ර මහතාගේ නීතීඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් මාර්තු 14 වැනිදා නඩු විභාගයට ඔහු ඉදිරිපත් කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පොරොන්දු විය.
අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා හමුවේ දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට චෝදනා හතරක් යටතේ නඩු පවරනු ලැබූහ.
ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ජී ගාමිණී ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මීට කලින් නිදහස් කරනු ලැබූහ.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම, ඝාතනයට තැත් කිරීම, නීති විරෝධී ජනරාශිය හා මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ දුමින්ද සිල්වාගේ පොලිස් ආරක්ෂක ඩබ් ඒ තුෂාර ද මෙල්, එච් ඒ චන්දන ජගත් කුමාර, එස් චමින්ද රවි ජයනාත්, කේ ඒ ලංකා රසාංජන, ඩබ්ලිව් ඒ මාලක සමීර, ඩබ්ලිව් අමිල, කේ ජී ඩී එම් සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සී එස් කුමාර අබේවික්‍රම, ඩී එන් ජේ බී ගලබඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා එම් ඒ චමින්ද චෝදනා ලබති.
නිදහස ලැබූ හත්දෙනා මොවුහුය. මංජුල ප්‍රසාද් හෙට්ටිආරච්චි, මොහොමඩ් සප්‍රාස්, සෝමරත්නගේ තරිඳු අසංක, ඒ මධුසංඛ සිල්වා, ජී ජී මධුසංඛ, ගැටමාන්නගේ, ආර්ජී ගාමිණී.
නඩු විභාගය මාර්තු 17 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අවුරුද්දට මම ගෙදර එනවා. (නි)
දුමින්දට මොකද වෙන්නෙ කියලා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අත්දැකීමෙන් දැන්ම ඉදන්ම කියනවා. (නි)
අලුගෝසුවනි. ඔන්න වැඩ පටන්ගනිල්ලා.(නදී)
හිටපු මැඩම් ගිහිල්ලා. අලුත් කෙනා ඉන්නවා. දැන් එළියට ඇවිත් ඉදිරිපත්වෙයි. සති දෙක තුනක් නඩු තියෙයි. නිදහස් වෙයි.(නදී)
දුමින්දව තාම උසාවියට ගෙනාවේ නැද්ද?(නදී)
පුදුමයි. (ත)
එදාටවත් බලමුකෝ එහෙනම්. (නි)
නුඹ නාඩන් අපට පිස්සු....
අපේ රටේ දේශපාලඥයෝ නරක වැඩ කරන්නේ නැහැ. තවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? (නදී)
මතක නැහැනේ.(නදී)
භාරත ලක්ෂමන් මහත්තයට සාදාරනය ඉටු විය යුතුයි.(නදී)
බලමු, බලමු.(නදී)
ලංකාවට එන්න පාර මතකද දන්නේ නැහැ (දී)
ලංකාට ගේනවද (දී)
නීතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරම අනුවද?
දැන්වත් පක්ෂ භේදයක් නැතුව අසාධාරණයට එරෙහිව නැගීසිටිය යුතුයි. (නි)