IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුමින්ද මාර්තු 17 උසාවියට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි ප්‍රේමචන්ද්‍ර මහතාගේ නීතීඥවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් මාර්තු 14 වැනිදා නඩු විභාගයට ඔහු ඉදිරිපත් කරන බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පොරොන්දු විය.

අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා හමුවේ දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට චෝදනා හතරක් යටතේ නඩු පවරනු ලැබූහ.

ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ජී ගාමිණී ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මීට කලින් නිදහස් කරනු ලැබූහ.

ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය  කිරීම, ඝාතනයට තැත් කිරීම, නීති විරෝධී ජනරාශිය හා මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ දුමින්ද සිල්වාගේ පොලිස් ආරක්ෂක ඩබ් ඒ තුෂාර ද මෙල්, එච් ඒ චන්දන ජගත් කුමාර, එස් චමින්ද රවි ජයනාත්, කේ ඒ ලංකා රසාංජන,  ඩබ්ලිව් ඒ මාලක සමීර, ඩබ්ලිව් අමිල, කේ ජී ඩී එම් සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, සී එස් කුමාර අබේවික්‍රම, ඩී එන් ජේ බී ගලබඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා එම් ඒ චමින්ද චෝදනා ලබති.

නිදහස ලැබූ හත්දෙනා මොවුහුය. මංජුල ප්‍රසාද් හෙට්ටිආරච්චි, මොහොමඩ් සප්‍රාස්, සෝමරත්නගේ තරිඳු අසංක, ඒ මධුසංඛ සිල්වා, ජී ජී මධුසංඛ, ගැටමාන්නගේ, ආර්ජී ගාමිණී.

නඩු විභාගය මාර්තු 17 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

දුමින්ද මාර්තු 17 උසාවියට

සිල්වා Tuesday, 19 February 2013 05:23 PM

සිංහල අවුරුද්දට මම ගෙදර එනවා. (නි)

:       0       0

කුමුදු Friday, 08 March 2013 12:17 PM

දුමින්දට මොකද වෙන්නෙ කියලා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අත්දැකීමෙන් දැන්ම ඉදන්ම කියනවා. (නි)

:       0       0

සමන්ත Tuesday, 19 February 2013 06:40 PM

අලුගෝසුවනි. ඔන්න වැඩ පටන්ගනිල්ලා.(නදී)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 02:30 PM

හිටපු මැඩම් ගිහිල්ලා. අලුත් කෙනා ඉන්නවා. දැන් එළියට ඇවිත් ඉදිරිපත්වෙයි. සති දෙක තුනක් නඩු තියෙයි. නිදහස් වෙයි.(නදී)

:       0       0

සමන් Tuesday, 19 February 2013 02:40 PM

දුමින්දව තාම උසාවියට ගෙනාවේ නැද්ද?(නදී)

:       0       0

අචිනි Tuesday, 19 February 2013 02:43 PM

පුදුමයි. (ත)

:       0       0

මධුසංඛ Friday, 08 March 2013 04:30 PM

එදාටවත් බලමුකෝ එහෙනම්. (නි)

:       0       0

ජනක Tuesday, 19 February 2013 03:11 PM

නුඹ නාඩන් අපට පිස්සු....

:       0       0

සම්පත් Tuesday, 19 February 2013 03:25 PM

අපේ රටේ දේශපාලඥයෝ නරක වැඩ කරන්නේ නැහැ. තවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? (නදී)

:       0       0

දේශාන් Tuesday, 19 February 2013 03:31 PM

මතක නැහැනේ.(නදී)

:       0       0

දිසානායක Tuesday, 19 February 2013 03:37 PM

භාරත ලක්ෂමන් මහත්තයට සාදාරනය ඉටු විය යුතුයි.(නදී)

:       0       0

ඩේවුඩ් Tuesday, 19 February 2013 03:53 PM

බලමු, බලමු.(නදී)

:       0       0

හාමි Tuesday, 19 February 2013 03:54 PM

ලංකාවට එන්න පාර මතකද දන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 February 2013 04:13 PM

ලංකාට ගේනවද (දී)

:       0       0

දම්මි Tuesday, 19 February 2013 05:05 PM

නීතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරම අනුවද?

:       0       0

රසිකා Tuesday, 19 February 2013 05:18 PM

දැන්වත් පක්ෂ භේදයක් නැතුව අසාධාරණයට එරෙහිව නැගීසිටිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site