මුහුණට කඩු පහරක් වැදීමෙන් නාසය, උඩු හනුව සහ යටි හනුව සහ දිව සහ දකුණු ඇසේ ඇසිපිල්ලම කැපී ගිය පයාගල විසි හතර හැවිරිදි තරුණයකුගේ මුහුණ පැය දහයහමාරක ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් ප‍්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කොළඹ ජාතික රෝහලේ
|
වෛද්‍ය අමිල සිරිවර්ධන |
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු දෙදෙනෙක් සමත්වූහ.
ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය එහි ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහත්වරු මේ විශ්මිත සැත්කම කළහ.
ඉරිදා (27) රාත‍්‍රියේ පටන් ගත් ශල්‍ය කර්මය ඊයේ (28) උදෑසන 8.30 වනවිට සාර්ථකව අවසන් කළ බව ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය.
කඩු පහරට ලක්වූ තරුණයා බරපතල කැපුම් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර එවා තිබේ.
මෙම සැත්කම පිළිබඳව අදහස් දැක්වූ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා මෙසේ පැවැසීය.
කළුතර නාගොඩ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර එවූ මෙම රෝගියාගේ බරපතල කැපුම් තුවාල සහිතව සිටියා. ඔහුගේ පපුවේ සහ මුහුණේ බරපතල කැපුම් තුවාල තිබුණා. රෝගියාගේ මොළයට හානි වී නැති බව අප කළ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වුණා.
රෝගියාගේ මුහුණ ප‍්‍රදේශය වම් පසින් ඇලව සිටින ආකාරයට අක්ෂි කුහරය, නාසය, උඩු හනුව, යටි හනුව, දිව දරුණු ලෙස කැපී මස් වැදැල්ලකින් එල්ලී තිබුණා. පපු පෙදෙසේ ඇති වී තිබූ තියුණු කැපුම් තුවාල ශල්‍ය කර්මයකින් යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව මුහුණේ කැපුණු කොටස් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අප සැත්කම කිරීම ඇරඹුවා.
|
වෛද්‍ය ගයාන් ඒකනායක |
”ටයිටේනියම්” නම් ලෝහයකින් සෑදු පතුරු විශේෂයක් සහ ඇණ ආධාරයෙන් මුහුණේ කැපී ගිය කොටස් බද්ධ කළා. මුහුණේ බිඳී ගිය අක්ෂි කුහරය උකුල් අස්ථි කොටස් ලබාගෙන ප‍්‍රතිනිර්මාණය කළා. සැත්කමට පැය දහයහමාරක් පමණ ගතවුණා.
විශේෂ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ අධික්ෂණයෙන් මෙම සැත්කම සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා සහ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අලූත්ගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ද වෛද්‍ය රාජපක්ෂ, වෛද්‍ය ලකිත් විජේකෝන්, වෛද්‍ය විමල් රාජන් හා ප්ලාස්ටික් ශල්‍යාගාරයේ හෙද නිලධාරීන් කනිටු සේවක පිරිසගේ සහය ලබාගත්තා.
සැත්කමට පෙර |
|
|
|
|
සැත්කමට පසු |
|
|
|
|
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වටිනා දොස්තරලා ඉන්න රටකද අර ගෑණු ළමයගේ අත කපලා දැම්මේ (ස)
මෙහෙම දොස්තරලා ඉන්න රටේ මොනවද කරන්න බැරි? (නි)
මෙවැනි අයගෙන් අපේ දොස්තර දෙවිවරු ලබා ගන්නා පලපුරුද්ද ඉතා වටිනවා (ස)
ඔන්න නියම වැඩ.. කියන්නේ මේ වට හරියටම කෙරුණ නිසා වෛද්‍යවරු ගොඩ.. නැත්නම් නැත්නම් කොමිසමක් පත් කරන්න කියලා හෙටම පැමිණිලි පිකටින් වැඩකරන්න දෙන්නෙම නැහැ..!(නු)
ගොඩක් පින් මේ කොල්ලව බේරුවට (ස)
ඔබතුමාට මගේ ගෞරව ප්‍රණාමය.. හැම වෛද්‍යවරයෙක්ම මිනිසුන්ට කරුණාවන්ත වෙන්න.. ලෙඩක් හැදුන විට අහිංසක මිනිසුන්ට ඔබයි දෙවිවරු වෙන්නේ.. නොපෙනෙන දෙවිවරුන්ගෙන් වැඩක් නැහැ... (නු)
රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කළ දක්ෂ වෛද්‍යවරු දෙදෙනෙක්ග ඉතා විශිෂ්ඨයි. (ස)
මෙයට සම්බන්ධවුණ වෛද්‍යවරයන්ට සහ අනෙකුත් සේවක පිරිසට ජාතියේ ප්‍රණාමය..!(නු)
නීතිය හදාරන ගැහැණු ළමයාගේ අත පව් නේද(නු)
සුපිරි තරඅවලට මිලියන ගනන් ගෙවන පෙරහැරවල්වල අරගෙන යන අපේ රටේ මෙවැනි දෙවියන් වැනි වෙදදුරන් අගයන්න වැඩ පිළිවෙලක් නැද්ද? මැති ඇමතිතුමනි ජනපති තුමනි මේ මිණි කැට අගයන එක අපේ යුතුකමක්.!(නු)
මතු භවයක නිවන් දකින්නට මේ පින් ඔබ දෙපලට හේතු වාසනා වේවා (ස)
කැපවීම හා උගත් කමත් එක්ක ඇතිවන දක්ෂකම තමයි මේ වගේ යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ.. ඒ අතිං අර සහෝදරියගේ අතට උන දේ හරිම කණගාටුදායකයි..!(නු)
මේකෙන් අත කපපු වැඩේ වහගන්නත් පුළුවං..!(නු)
බොහොම ස්තුතියි මෙයාට පිං ඇයි අර කැඩිච්ච ගැහැණු ළඹයාගේ අත කැපුවෙ පඩියෙන් වැටුන එයාට අත කැපුවාළු..!(නු)
අමිල ඔබ මාතර රාහුලයටත් රටටත් ආඩම්බරයක් (ස)
අති දක්ෂ වෛද්‍යවරු දෙන්නෙක් , මගේ සුබ පැතුම් (ස)
අපේ වෛද්‍යරැන් ගැන අපට ආඩම්බරයි..!(නු)
මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් සිටීම අපට ආඩම්බරයක්. මීට පෙරද වෙන්වූ අතක් සහ මනික්කටුවෙන් වෙන්වූ අතක් බද්ද කිරීම ආදී විශ්මිත සැත්කම් කළ එඩිතර වෛද්‍යවරුන් ගැනද අපි මාධ්‍යවල දැක්කෙමු. නමුත් ඊයේ පෙරේදා අපට අහන්න ලැබුණේ ඇසිය නොයුතු කණගාටුදායක පුවතකි. එනම් මේසා දක්ෂ දොස්තරවරුන් සිටින රටක අර අහිංසක නීති විද්‍යාල සිසුවියගේ අතක් වෛද්‍යවරුන්ගේ වරද නිසා කපා දැමීමට සිදුවීම කෙතරම් ඛේදජනකද? එවැනි අදක්ෂ වෛද්‍යවරුන්ගෙන් අපිට බලාපොරොත්තුවිය හැක්කේ කුමක්ද? (ස)
මෙන්න දෙවිවරු (ස)
ආඩම්බරයි. ගොඩත් දුර ගමනක් යන්න පුළුවන් කඩවසම් දොස්තරවරු දෙදෙනාට සුබ පැතුම් (ස)
කෙනෙකුගේ කැපවීම මත ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (නි)
කෙනෙකුගේ කැපවීම මත ඕන දෙයක් කරන්න පුළුවන්, මේ අයියව දේවත්වයෙන් පිදිය යුතුයි(නදී)
වෛද්‍යවරු රාජකාරිය අකුරට කලා. පොලිසිය මොකද දන්නේ තාම කරන්නේ. (ස)
හොද වැඩක්. (නි)
මේ වගේ හැකියාවන් තියෙද්දිනෙ අර අහිංසක ලමයෙක්ගේ අත කපන්න සිද්ධ වුනේ...ඒ ලමයා කෙලින්ම කොලඹ ගෙනාවනම් අද කොයි තරම් සතුටින්ද..(නු)
ලාරා ඔබ හරි . චන්ඩින් තුරන් කලයුතුයි . (ස)
මෙන්න මේ අය තමයි සැබෑ දෙවියෝ. (නි)
විදේශිය අයටත් අමාරුවැඩ අපේ අයකරලා ඒකයි ලංකාව කියන්නේ..!(නු)
මේ කොල්ලා කඩු හරඹ කරන්න ගියේ කා එක්කද ..ඒ ගැන සද්ධයක්ම නෑ ...(ස)
අනෙක් අයට අමාරු දේවල් තමයි ලංකාවෙ අය කරන්න කැමති..!(නු)
හිතක් පපුවක් නැති මේ ලෝක ගයාන හා අමිල යන වෙද මහත්තුරු නිර්මලයි.. සදා වාසනවාන්..!(නු)
සැත්කමට පෙර හා පසු ඡායාරූප දකින් විට කර ඇත්තේ ගෞරවාන්විත අසාමාන්‍ය වැඩක්... දොස්තරලා දෙන්ටම ගොඩක් පිං..!(නු)
මේ වෛද්‍යවරුන්ගේ සේවය අමිලයි.හැකියාව ඇති විශිෂ්ටයි. එහෙත් මේ ලෙඩාව නොමැරී මේ සැත්කම සඳහා එවන්නට කටයුතු කළ ප්‍රාථමික රෝහලේ වෛද්‍යවරුන්ටත් අපේ තුති පිදිය යුතුමයි. මේ ලෙඩා ස්ථාවර නොකළේ නම් මොහු මිය යනවා නියතයි. (නි)
විශිෂ්ට වැඩක් මේක(දී)
වෙදදුරු දෙපලට අපේ හදපිරි ප්‍රණාමය නමුත් මේ රෝගියත් හොද චන්ඩියෙක් වගෙයි.. නියම කෙනෙකුට වැරදිලාවත් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ..!(නු)
දොස්තර ගයාන් හරිම කඩවසම් නේද ? (ස)
ගොඩක් වෙලාවට වෛද්‍යවරු කියන්නේ දෙවිවරු අපේ ජීවිත වල.. සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් නීති ශිෂ්‍යාවගේ සහ මෙම පුවතේ..!(නු)
මෙපමණ හොද දොස්‌තරමහතුන් ඉදලත් අර මාතර නීති සිසුවියගේ ඇත අහිමි උනේ කගේ වරදින්ද....??? (ස)
අම්මෝ, ඇගත් හිරිවටෙනවා මේක දැක්කම, හැබයි ප්ලාස්ටික් ශල්‍ය කර්මය නම් සුපිරි විදියට කරලා තියෙනවා, ලංකාවේ දොස්තර මහත්තුරු කොයිතරම් දක්ෂද. (ස)
මෙවැනි දක්ෂ දොස්තරවරු අපට ආඩම්බරයක් . ඔබ දෙදෙනාට උණුසුම් සුබ පැතුම් (ස)
ආඩම්බරයි (ස)
රටක් වටින පුත්තු දෙන්නෙක් . ලක් මවට ඔබ වාසනාවන් (ස)
වෛද්‍ය වෘත්තියට සුදුසු සහ නුසුදුසු දොස්තර වරුන් පිලිබඳව මේ දවස් දෙක තුනේම අහන්නට ලැබුනා.බලන්න මේ සැබෑ ජීවකයො දෙන්නා කරලා තියෙන දක්ෂකම.ඔවුන්ට සහ ඒ කණ්ඩායමට උපහාර වේවා.අතක් බිඳුනාම ප්ලාස්ටර් එකක් දාගන්න බැරුව අන්තිමට අත කපලා ජීවිතය බේරා ගන්න සිදුවෙන තත්වයේ නුසුදුසු "වෛද්‍යවරුන්"කට්ටියකුත් ඉන්නවා.ඉදිරියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බෝ වෙන්නෙත් මේ ජාතියෙ ''වෛද්‍ය''වරු තමයි.(ස)
දොස්තර - දැන් අපිට හොඳ කියන්න, පොඩ්ඩක් වැරදුනහම බනින්න.....අනේ මෙහෙමත් මිනිස්සු (ස)
මේ වෛද්‍යරුන්ටත් උසාවි යන්න වෙයිද දන්නේ නැහැ සැත්කම හරියට කළේ නැහැ කියලා.. මොකද මිනිසුන් විවිධාකාරයයි ලෝකය ගොලාකාරයිනේ..!(නු)
මගේ පුතාගේ වෙන් වෙච්ච අත බද්ද කළේ අමිල සිරිවර්ධන මහත්තයා ඇතුළු මේ දොස්තර මහත්තුරුමයි.. මගේ පුතාට දැං ගොඩක් හොදයි.. අපේ ආයුෂත් අරගෙන ගොඩක් කල් නිරෝගීව ජීවත් වෙන්න ඔනෙ මේ අය.. අමිල සිරිවර්ධන දොස්තරමහත්තයා මනුෂ්‍යෙයක් නෙමෙයි දෙවි කෙනෙක්.. බුදු සරණයි.!(නු)
මම මෙය අගය කරනවා. නමුත් ලෝකයේ සිදුවන දේවල් සමග බැලූ විට මෙහි විශේෂයක් මට නම් පෙනෙන්නෙ නැහැ. (නි)
රාවනා පරපුරෙන් පැවතගෙන එන දක්ෂ වීර පුතුන්ට තිරජීවනය.. ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)
දොස්තර හොදහිත (නු)
මේ වෛද්‍ය වරුන් ඇත්තෙන්ම වීරවරයන් අපේ ලංකාවට. සුබ පැතුම් (ස)
මාතර වෛද්‍යවරයින් ගේ නොසැළකිල්ල නිසා නීති ශිෂ්‍යාවගේ අත කපන්න උනා.. මෙන්න නියම වෛද්‍යවරු..!(නු)
දක්ෂ දොස්තරවරුන්ට අපගේ ස්තුතිය. අපේ රටේ ඉන්න සමහර උදවිය කොයිවෙලේද එලිය වැටෙන්නෙ කියල බලාගෙන ඉන්නේ මිනියක් මරන්න, මන්කොල්ලයක් කන්න, අනේ මන්දා කවදා මෙවැනි අපරාද නතර වේවිද. (ස)
ඔබේ කැපවීම හදවතින්ම අගය කරනවා. (නි)
පින් සිදුවෙනවා ඔබතුමන්ලාට. මේ කැපවීම හදවතින්ම අගය කරනවා. (නි)
නොමතිව උපකරණ බහුලව දියුණු රට..... උපතින් ලැබූ හැකියාවන් තම වැඩට..... උත්තම වෛද්‍යවරු කළ මේ සැත්කමට..... පිදුවත් මදී දහසක් වර තුති සැමට..(නු)
වෛද්‍ය වරුණු ඔබ තුමන්ලා දෙවිවරුන්ය (ස)
සරත් කියපු දේ නමි හරියටම හරි(නදී)
මේවා ප්‍රසිද්ධ කරන්න එපා .අපරාධ වැඩිවෙනවා. දියුණු රටවල් වල හොදදේ අනුගමනය කරන්න . (ස)
රට ජාතිය දියුණු වෙන ලකුණු (ස)
චන්ඩින් ලංකාවෙන් තුරන් කරමු. අපි ඔක්කොම එකම මවකගේ දරුවන ලෙස සිතමු. (ස)
දක්ෂ දොස්තරවරුන්ට ගොඩාක් පින්.මීට පස්සෙවත් තරුණ කම ඉහට අරන් නොහොඹිනා දේවල් රන්ඩු සරුවල් වලට පැටලෙන්නැතිව හිටියොත් හොදා! (ස)
කියන්න වචන නැත. නියම දොස්තරවරු (ස)
විටෙක වෛද්‍යවරුන් දෙවියන් හා සමානයි. තවත් විටෙක රෝගීන් අනාථ වන්නේ අසරණ වන්නේය . හැම විටම වෛද්‍යවරු රෝගීන්ට දෙවියන් හා සමාන වේවා (ස)
දෙවිවරු වැනි වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය (ස)
මෙන්න සැබෑ දෙවිවරු..(නු)
වෛද්‍යවරු කියන්නේ ඒකයි.. සැමට නිරෝගී සැප ලැබේවා..!(නු)
වෛද්‍යවරුන් දෙදෙනාට අපේ සුභ පැතුම්! (ස)
සාමදානව ජීවත් වෙන්න එවිට මෙවන් අනවශ්‍ය ගැටලු ඇති නොවනු ඇත..!(නු)
කඩු පහර කන්නෙ නිකම්ම නිකං තරුණයෙක් වෙන්න බැහැ.. (නු)
ස්තුතියි සියළුම වෛද්‍යවරුන්ට..!(නු)
මේ කඩු පහර ගහපු කෙනා සිර මැදිරියේ නොතියා ශල්‍යකර්මය කරන තැනට එක්ක ඇවිත් එයාටත් පේන්න මේ සැත්කම කරානම් ආයේ මේ වගේ වැඩක් කරන එකක් නෑ ජීවිත ගොඩගන්න දෙවිවරු වගේ වෛද්‍යවරුන් විඳින දුක දැක්කානම්..... (ස)
දැං බය නැතිව කඩු හරඹ කරන්න පුළුවං .. සේරම සවි කරනවා අපේ ලංකාවේ..!(නු)
මාතර රාහුලයටත් රටටත් ආඩම්බරයක්(නු)
අනිත්‍ය වටහා ගන්නත් එක්ක සම්පූර්ණ රූපරාමු දාන්න තිබ්බේ. කොහොම උනත් වෛද්‍යවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක්.(ස)
නිවන් දකින්න මේ පින ඇති ඔබතුමන්ලාට. (නි)
අදහා ගන්න බැහැ(දී)
මෙන්න වැඩ (දී)
තමන්ගෙන් වියයුතු යුතුකම් හරියටම හදුනාගත් වෙදැදුරන් දෙපළක්. (නි)
විශ්මිත සැත්කමක්, දෙවිවරු වගේ වෛද්‍ය වරු (දී)
විශිෂ්ටයි.. අදහන්න අමාරු උනත් ඇත්තයි.. ඔබලා ගේ සේයයට මේ රටේ ඉපදී ඇති අපිට රටක ජීවත් වෙන අපි අපේ මව් රටත් ඔබලා වන් දෙවිවරු ගැනත් කරන මහත් සේවය ගැනත් අති මහත් ආඩම්බරයෙන් ගෞරවනීය ලෙස ඔබලත් සුභ පතනවා. ඉදිරියට මීට වඩා දස්කම් දක්වන්නට ඔබ හැමෝටම හැකි වේවා යි පතමි..!(නු)
ලෙඩේ හොද වෙලා ගිහිං අනිත් කෙනා ව මෙතෙනට එවන්නේ නැහැ නේද? වෛද්‍යවරුන්ට සුභ පතමි..!(නු)
මෙන්න නියම දෙවිවරු (ස)
ඉතාම කණගාටුදායක කරුණ නම් නීති ශිෂ්‍යාවගේ අත නැතිවුණ එකයි.. (නු)
මේ කඩු පහර එල්ල කර කෙනාට අරාබි දඩුවම් දිය යුතුයි (ස)
ඒක හිතා ගන්න බැරි සැත්කමක් (දී)
ඉතා දුෂ්කර ශල්‍යකර්මයක් සාර්ථකව නිමකිරීමගැන මෙම වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලයට අපගේ ගෞරවය හා ප්‍රසංසාව හිමිවිය යුතුයි.(ස)
අති විශිෂ්ඨයි. මෙන්න නියම වීරයෝ (ස)
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්ත වෛද්‍යරු ලොකු මුදලකට පිටරට සේවය කරනවා.. ලංකාවේ වෛද්‍යවරු විශිෂ්ඨයි..!(නු)
මෙය ඉතා උතුම් පිනක් ලෙස සලකමි . මෙයට ඉදිරිපත්වූ සැමට ආශිර්වාද කරන්නෙමු (ස)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත (ස)
මිනිසුන් ඇතැම් අවස්ථාවල දී සාරධර්ම ආරක්ෂා කිරීම විෂයෙහි උනන්දු වන්නේත්, තවත් සමහර විටක දී ඒවාට පටහැනි ආකාරයකින් කටයුතු කිරීමටත් හේතුව සාමාන්‍ය මානව සංජානන, ආවේදන හා චර්යා පාලනය කරනු ලබන මෙහෙයුම් ක්‍රියාකාරීත්වයෙහි ඇති වන දෝෂ තත්වයන් විය හැකිය. (නි)
දොස්තරලා කරලා තියෙන්නේ විශිෂ්ට කාර්යයක්. (නි)
මෙයා සනීප වෙලා ගියහම කඩුවෙන් කොටපු කෙනාට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
ආයුබෝ වේවා! මහ වෙදාණෙනි.
ඔබතුමන්ලාට හදපිරි ස්තූතිය..මෙවන් දක්ෂයන් සිටින රටක අහිංසක සොයුරියකගේ අත අහිමි වීම ගැනනම් දුකයි...(නු)
අති විශිෂ්ඨයි. වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමටම ප්‍රණාමය (ස)
මගෙන් උණුසුම් සුබ පැතුම්. පුංචි ලංකාවට ලොකු ආඩම්බරයක් (ස)
වෛද්‍යවරුන් කණ්ඩායමට අපේ සුභපැතුම් (ස)
වෛද්‍යවරුන් දෙදෙනාට අපේ සුභ පැතුම්! (නි)
කවුද මේ තිරිසන් විදියට පහර දුන්නේ (ස)
මෙච්චර දක්ෂ ජීවක වරුන් සිටියදී අර සහෝදරියකුගේ අත කපන්න වුණ එක නම් දුකක්. කෙසේ වෙතත් මෙම තරුණ වෛද්‍ය තුමන්ලා දෙදනට සහ අනෙක් සහයක වෛද්‍ය හා හෙද කණ්ඩායමට ජාතියේ උත්තමාචාරය. (ස)
දෙවිවරු වැනි වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය.. මෙම වෛද්‍යවරුන්ගේ ඡායාරූප මාධ්‍යෙය් දැමීම සුදුසු නැහැ කියලයි මම කියන්නේ.. අපිට මේවගෙ සැත්කම් කරන්න පුළුවං කියලා කිව්වාම ඇති කියලයි මට හිතෙන්නෙ...!(නු)
වෛද්‍යවරුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
ඔබ දෙදෙනාම හරිම දක්ෂයින්. ලක් මවට ඔබලා වාසනාවන් වෙදදුරාණෙනි..
දොස්තර වැඩ කරන්න යන සමහර කොන්දොස්තරලාටත් මේවා හොද පාඩම්. (නි)
අදහා ගන්න බෑ (ස)
වෛද්‍යවරුන් දෙදෙනාට අපේ සුභ පැතුම්! (නි)
වෛද්‍යවරුන් දෙදෙනාටම අපේ සුභ පැතුම්! (නි)
දෙවියනේ මේ වගේ දොස්තර වරු ඉන්න රටේ අර කෙල්ලගේ අත බේරගන්න බැරි වුණානේ. තම රැකියාව නිවැරදිව කරන ලක් මවගේ පුතුන් දෙදෙනෙක්. (ස)
වෙන රටවල වගේ අපේ රටෙත් ප්ලාස්ටික් ශල්‍යකර්ම වැඩිදියුණු කළා නම් කොච්චර හොදද? (නි)
මේ වගේ දක්ෂ වෛද්‍යවරු ඉන්න රටේ අර ගැහැණු ළමයගේ අත බේරගන්න බැරි උනානේ.. තම රුකියාව නිවැරදිව කරන ලක් මවගේ නියයම පුතුන් දෙදෙනෙක්. ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)
විශිෂ්ඨයි. ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උත්සාහ කර සැමට පින් සිදු වේවා (ස)
අනේ අත කපන්න ඉස්සරවෙලා අර සොයුරියට මේ දොස්තර මහත්තුරුන්ව හමුවුණා නම්? (නි)
ඔබ වැනි වෛද්‍යවරු මුළු මහත් රටටත් ජාතියටත් ලෝකයටත් සම්පතකි...(ස)
පයාගල ජනතාව ඔහුව දන්නවා.. (නු)