ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දිටීය. මඩකලපු දුම්රියද මනම්පිටියේදී තවත් අලියෙක් බිලි ගත්තේය.


ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දිටීය. මඩකලපු දුම්රියද මනම්පිටියේදී තවත් අලියෙක් බිලි ගත්තේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් අනාගත පරම්පරාවට ඡායාරූප වලින් තමයි අලි පෙන්නන්න වෙන්නේ. (නි)
මේ අලියා මරපු කෙනාව හොයලා අලියෙකුටම කියලා පාගලා මරන්න ඕන..!(නු)
බුදු දහමට අනුව හැසිරෙන කිසිමකෙනෙක් මේ වගේ වැඩ කරන්න පෙළබෙන්නෙ නැහැ..(නු)
ආත්මයක් ආත්මයක් පාසා ඔවුන්ට එවැනිම අකාරයට විදවීමට ලක්වන බව දැන ඒ ගැන හිතා කටයුතු කරන්න. බෞද්ධ ධර්මය සදහන් වෙනවා මතකයි නේද?(නු)
පව් අහිංසක සත්තු..!(නු)
විදුලි රැහැන් ඇදලා මීටකලින් පොඩි දරුවෙකුයි, තරුණයෙකුයි මැරිලත් තවමත් මේ වැඩේ නවත්තලා නැද්ද? (නි)
දෙපාවා කියන්නේ කාටද? (නි)
මම ප්‍රේමරත්න පෙරේරාගේ අදහසට ගරු කරමි. (නි)
ශ්රී ලංකාව පොඩි දුපතක්. සොබාදහම අපට දායාද කරලා තියෙන දේවල් රැක ගනිමින් තමයි අපි සංවර්ධනය කරා යායුත්තේ. එහෙම නැතුව විශාල භුමි ප්‍රමාණයන් තියෙන රටවල් කරන දේවල් කරන්න ගියාම තමයි මේ හැම ප්‍රශ්නයක්ම මතු වෙන්නේ. කොහොම වුණත් මේ යන විදියට අපිට අවසානයේදී ඉතිරිවන්නේ සත්තු වත්තේ ඉන්න අලියා විතරයි. (නි)
නොදන්නාකමට වුණත් මැරිච්ච සතාගේ ඇග උඩ නැගලා ඉන්න එක නම් ශිෂ්ට සම්පන්න සමාජයකට කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්. (නි)
කොහොම කොහොමහරි අලි ටික ඉවරවෙයි වගේ. (නි)
අලියෙක් දවසටක මීටර් 21ක් ගමන්කරනවා කෑම සොයාගෙන.. රජය මේ ගැන වගකීමෙන් සිතා මේ සදහා බිමක් වෙන්කළ යුතුයි.. දුටුගැමුණු රජතුමා සහ පරාක්‍රම භාහු රජතුමා කවදාවත් නුවරඑළියෙ ගෙවල් හදන්න හිතුවෙ නැහැ.. මොකද ඒක වෙන්කලා පහතරටට ජලය ලබාදෙන ප්‍රෙද්ශයක් ලෙස නුවරඑළිය. මේ උදාහරණය සිතා බලන්න. මේ ලෙස සතුන්ට වෙන්කරන ලද ස්ථාන නැතිවූවිට අලියන්ගෙන් තර්ජන ඇතිවෙනවා.. මේ තත්වය දිගටම ගියොත් අන්තිමට අලින් විනාශවෙලා යාවි.. (නු)
අලි ගම්වලට ඇතුළුවෙන්න ගිහින් අකාලයේ මියයාම දරාගන්න බැහැ දෙවියනේ. (ස)
අහිංසක සතා මරපු අයට නම් හොදක් වෙන්න එපා. (නි)
දෙපාවා කියලා කෙනෙක් නැහැ. (නි)
අන්තරාකාරී ලෙස අනවසර විදුලි රැහැන් අදින්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මිනිස් නරුමයින්ව හදුන්වන්න හොදම වචනය තමයි, දෙපාවා. (නි)
අලියා මැරුවා මදිවට පිට උඩත් නැගලා. (නි)
ඇයි මේ අහිංසක සතාගේ පිට උඩ නැගලා ඉන්නෙ.. ඒ ටිකවත් කියලා දෙන්න කෙනෙක් නැද්ද මේ දෙපාවන්ට.. මේ දේ කරපු අයට කවදා හොදක් වෙයිද කියලා කියන්න අමාරුයි..!(නු)
පවි අහිංසකයා විදුලි රුහැන් ඇද්ද මනුෂ්‍යයාට විදුලි සැර අල්ලන්න ඔනෙ(නු)
මදුරුවන් මරන්න කියා කෑගහන අය දැං අලියෙක් මැරුණාම කෑ ගහනවා..!(නු)
මේ කොල්ලෝ කුරුට්ටෝ අලියාගේ පිටේ නැගලා මොකද කරන්නේ? (නි)
ඕවට ඉතිං විදුලි රුහැන් ඇද්ද මනුෂ්‍යයාට බනින්න එපා.. ඕවාට වගකිවයුතු අයගේ වගකීම් හරියට ඉටු නොකරන නිසානේ මේ ඔක්කොම විපත්.!(නු)
මේ අලියා මරපු එකාට හෙන ගහනවා (ස)
අසරණ සත්තු (දී)