21 වැනි සියවසේ දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී අහසේ පායනු ඇතැයි රුසියාවේ තාරකා විද්‍යාඥයෝ පවසති. අයිසොන් නමින් හඳුන්වා ඇති මේ වල්ගාතරුව දිවා කාලයේදී ද පෙනෙන බව ඔවුහු කියති.
සෞරග්‍රහ මණ්ඩලය ඇතුලතින් ගමන් ගන්නා අයිසොන් වල්ගාතරුව සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුවී එහි ඇදී ගොස් විනාශ වනු ඇතැයි ද තාරකා විද්‍යාඥයෝ පවසති.
රුසියාවේ ඇති අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රකාශ ජාලය නමින් හඳුන්වන දුරේක්ෂ පද්ධතියට අයත් එක් දුරේක්ෂයකින් කරන ලද නිරීක්ෂණයකි මෙම වල්ගතරුව හඳුනාගෙන ඇත. අයිසොන් යනු එම දුරේක්ෂ ජාලයේ ඉංග්‍රීසි නමේ මුල් අකුරු හතර එකතු කළ විට හඳුන්වන කෙටි නාමයයි.
තාරකා විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් වයිට් පවසන්නේ මෙම වල්ගාතරුව සෞරග්‍රහ මණ්ඩලයේ පිටත පිහිටි ඌට් වළාවේ හිම සහිත සුන්බුන් වලින් සෑදී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.
‘‘ අපි විශ්වාස කරනවා මේ වල්ගතරුව හිරුගේ ගුරුත්වාකර්ශනයට හසුවී විනාශ වී යතැයි කියා. ඒ ආකාරයෙන් වල්ගාතරුව විනාශ නොවුනහොත් එය නැවත සෞරග්‍රහ මණ්ඩලය දෙසට එනු ඇත්තේ තවත් වසර දහස් ගණනකට පසුව. වල්ගාතරුව හිරුට තව තවත් සමීප වීමත් සමගම එහි ඇති හිම දියවී එය වායු වළාවක් බවට පත්වනවා. හිරුට ආසන්න වීමේදී එය දීප්තියෙන් බැබලීම නිසා පියවි ඇසින් බැලීම හානිකර විය හැකියි.
පෘතිවියේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි රටවලට හොඳින් දර්ශනය වන මේ වල්ගාතරුව හේතුවෙන් නොවැම්බර් අවසානයේ සහ දෙසැම්බර් අහස විචිත්‍රවත් වනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඔවුන් පවසන්නේ වලගාතරුව රාත්‍රියේදී සඳට වඩා දීප්තිමත් වනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේත් ඕනි තරම් වල්ග තියෙන අය ඉන්නවා (ස)
ආසයි බලන්න... (නි)
අපේ ටෙලිවිෂන් වලත් තරු පායනවා. හැබැයි වලිගය නැහැ. (නි)
ඔන්න අනාවැකිකරුවන්ට අවස්ථාව... (නි)
දෑන් ඉතින් අර අනාවැකි කට්ටිය මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
මමනම් කියන්නේ මේ එච්චර හොද ලකුණු නොවෙයි (දී)
මම ආසයි දකින්න මේ දිදුලන වල්ගාතරුව (ස)
අපි නම් දැන් ටිකකට කලිනුත් හොද වල්ගා තරුවක් දැක්කා. (නි)
වල්ගේ තියන අය කරන වැඩවලට තරු පෙනෙනවා (අ)
අපේ තරු තරම් දීප්තිමත් තරු කොහේ පායයිද ? (ස)
සාදරයෙන් පිලි ගන්නවා පෘතුවියට (දී)
මනෝජ් හරි (දී)
බලන්න ආසයි, නමුත් බයයි (දී)
විශ්වය කියන්නේ මහා පුදුම දෙයක් (දී)
ඔව් ඔව් ගොඩක් අය ඉන්නවා වලිග තියෙන හැබැයි තරුණම් නෙමෙයි නෙද උපාලි මහත්තයෝ (ස)
අන්න ඒ කතාව වැදගත් (දී)