IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දීප්තිමත් අමුත්තෙක් අහසින් එයි

21 වැනි සියවසේ දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී  අහසේ පායනු ඇතැයි රුසියාවේ තාරකා විද්‍යාඥයෝ පවසති.  අයිසොන් නමින් හඳුන්වා ඇති මේ වල්ගාතරුව දිවා කාලයේදී ද පෙනෙන බව ඔවුහු කියති.

සෞරග්‍රහ මණ්ඩලය ඇතුලතින් ගමන් ගන්නා අයිසොන් වල්ගාතරුව සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුවී එහි ඇදී ගොස් විනාශ වනු ඇතැයි ද තාරකා විද්‍යාඥයෝ පවසති.

රුසියාවේ ඇති අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රකාශ ජාලය නමින් හඳුන්වන දුරේක්ෂ පද්ධතියට අයත් එක් දුරේක්ෂයකින් කරන ලද නිරීක්ෂණයකි මෙම වල්ගතරුව හඳුනාගෙන ඇත. අයිසොන් යනු එම දුරේක්ෂ ජාලයේ ඉංග්‍රීසි නමේ මුල් අකුරු හතර එකතු කළ විට හඳුන්වන කෙටි නාමයයි.

තාරකා විද්‍යාඥ ආචාර්ය ඩේවිඩ් වයිට් පවසන්නේ මෙම වල්ගාතරුව සෞරග්‍රහ මණ්ඩලයේ පිටත පිහිටි ඌට් වළාවේ හිම සහිත සුන්බුන් වලින් සෑදී ඇති බවයි. 

ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.

‘‘ අපි විශ්වාස කරනවා මේ වල්ගතරුව හිරුගේ ගුරුත්වාකර්ශනයට හසුවී විනාශ වී යතැයි කියා. ඒ ආකාරයෙන් වල්ගාතරුව විනාශ නොවුනහොත් එය නැවත සෞරග්‍රහ මණ්ඩලය දෙසට එනු ඇත්තේ තවත් වසර දහස් ගණනකට පසුව. වල්ගාතරුව හිරුට තව තවත් සමීප වීමත් සමගම එහි ඇති හිම දියවී එය වායු වළාවක් බවට පත්වනවා. හිරුට ආසන්න වීමේදී එය දීප්තියෙන් බැබලීම නිසා පියවි ඇසින් බැලීම හානිකර විය හැකියි.

පෘතිවියේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි රටවලට හොඳින් දර්ශනය වන මේ වල්ගාතරුව හේතුවෙන් නොවැම්බර් අවසානයේ සහ දෙසැම්බර් අහස විචිත්‍රවත් වනු ඇතැයි තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඔවුන් පවසන්නේ වලගාතරුව රාත්‍රියේදී සඳට වඩා දීප්තිමත් වනු ඇති බවයි.



අදහස් (0)

දීප්තිමත් අමුත්තෙක් අහසින් එයි

උපාලි Friday, 11 January 2013 10:24 PM

මෙහේත් ඕනි තරම් වල්ග තියෙන අය ඉන්නවා (ස)

:       0       0

අමිල කටුනායක Friday, 11 January 2013 10:32 PM

ආසයි බලන්න... (නි)

:       0       0

කුරුවිට Saturday, 12 January 2013 08:40 AM

අපේ ටෙලිවිෂන් වලත් තරු පායනවා. හැබැයි වලිගය නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 11 January 2013 10:33 PM

ඔන්න අනාවැකිකරුවන්ට අවස්ථාව... (නි)

:       0       0

පියල් Saturday, 12 January 2013 08:52 AM

දෑන් ඉතින් අර අනාවැකි කට්ටිය මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

හිල්ම් Sunday, 13 January 2013 12:20 AM

මමනම් කියන්නේ මේ එච්චර හොද ලකුණු නොවෙයි (දී)

:       0       0

කහඳවෙල Saturday, 12 January 2013 12:57 PM

මම ආසයි දකින්න මේ දිදුලන වල්ගාතරුව (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 12 January 2013 12:32 AM

අපි නම් දැන් ටිකකට කලිනුත් හොද වල්ගා තරුවක් දැක්කා. (නි)

:       0       0

ලංකාසිරි Saturday, 12 January 2013 06:16 PM

වල්ගේ තියන අය කරන වැඩවලට තරු පෙනෙනවා (අ)

:       0       0

මනෝජ් Saturday, 12 January 2013 01:38 PM

අපේ තරු තරම් දීප්තිමත් තරු කොහේ පායයිද ? (ස)

:       0       0

හිල්ම් Saturday, 12 January 2013 02:27 AM

සාදරයෙන් පිලි ගන්නවා පෘතුවියට (දී)

:       0       0

චම්මි Saturday, 12 January 2013 02:22 PM

මනෝජ් හරි (දී)

:       0       0

කුමාර Saturday, 12 January 2013 11:05 AM

බලන්න ආසයි, නමුත් බයයි (දී)

:       0       0

ධම්ම Saturday, 12 January 2013 02:39 PM

විශ්වය කියන්නේ මහා පුදුම දෙයක් (දී)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 11:45 AM

ඔව් ඔව් ගොඩක් අය ඉන්නවා වලිග තියෙන හැබැයි තරුණම් නෙමෙයි නෙද උපාලි මහත්තයෝ (ස)

:       0       0

ආනන්ද Saturday, 12 January 2013 03:08 PM

අන්න ඒ කතාව වැදගත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site