නිකවැරටියේ කාන්තාවකගේ ගෙවත්තේ සිටි සර්පයකු දැක කලබලයට පත් පිරිස් එම ‘අමුතු සතා‘ අල්ලා රෝහලට ද රැගෙන ගියහ. මේ සතා හඳුනා ගැනීමට කිසිවෙකුටත් නොහැකි විය.
ඔවුන් අල්ලාගෙන ඇත්තේ කිසිම විසක් නැති ඉතාම අහිංසක උරගයකු බව කිසිවෙක් නොදත්හ.
ශ්‍රී ලංකාවට ආවේණික දෙපත් නයා සිලින්ඩ්‍රොපිඩේ මැකිලාටස් ලෙස සත්ත්ව විද්යාතත්මකව නම් කැර ඇති අතර ඉංග්‍රීසි භාෂාවෙන් සිලෝනිස් සිලින්ඩර් ස්නේක් ලෙස හැඳින්වේ.
තෙත් කලාපයේ දිරායන පස් සහ කොළ රොඩු අතර ජීවත් වන මෙම සර්ප විශේෂය අඩියක් පමණ දික්ව වැඩෙන අලංකාර සත්ත්වයෙකි. සතුරකු දුටු විට තම හිස සඳවාගෙන වලිගයේ කළෙවර හිස මෙන් ඔසවා ගනියි.
මේ නිසාම දෙපැත්තේම හිසක් ඇති ආකාරයේ පෙනුමක් මෙම සර්පයාට ඇති බැවින් දෙපත් නයා යන නාමය ව්යයවහාරයට පැමිණ ඇත. ගැඩවිලුන් හා පාංශු ජීවීන් ආහාරයට ගන්නා දෙපත් නයා විෂ රහිත ඉතාමත් අහිංසක සර්පයෙකි. කෘමි නාශක භාවිතය හේතුවෙන් මෙම සතුන් විශාල ලෙස වඳවෙමින් යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සිලින්ඩර් ස්නේක් වුණත් හැඩය පැතලියිනේ. (නි)
මේ විදිහේ කටයුත්තකදී නයා දැක සාමාන්‍ය මිනිසුන් කලබලයට පත්වීම ස්වාභාවිකය. නයෙකු දුටු විට ඌ කුමන වර්ගයේ සතෙකු දැයි සාමාන්‍ය මිනිසුන් දන්නේ නැති බැවින් මෙලෙස ක්‍රියා කිරීම වටහාගත හැක. බොහෝවිට දෙපත් නයා පිළිබඳව සමාජයේ ව්‍යාප්තව පවතින විවිධ මත වාද නිසා මිනිසුන් බොහෝවිට දෙපත් නයා සංකල්පය පිළිබඳව වටහාගෙන ඉන්නේ වැරදියටය. මේ පිළිබඳව ජන මාධ්‍ය මඟින් මේ අයුරින් හෝ මිනිසුන් දැනුවත් කිරීම ඉතා කාලෝචිත පියවරක් බව පෙන්වා දිය හැකිය. (ස)
ඔය ඉන්නේ දියවන්නා ඔය පැත්තේ ඕනෑතරම්. (නි)
කකුල් දෙකේ දෙපත් නයි නම් වඳවෙන පාටක් නෑ. (ත)
ඒක බොරු .. කකුල් 2 අය ඉන්නවා..(ස)
http://www.arkive.org/sri-lanka-pipe-snake/cylindrophis-maculatus/ (නි)
පාර්ලිමේන්තුව, රාජ්‍ය සංස්ථා, පොලීසිය... තිබෙන ස්ථාන වල මුන් බහුලව දකින්නට පුලුවන්. මේ ළගදිත් මම අනූනවයෙන් බේරුනේ. කොහොමත් ආසියාවට ආවේණික වුණාට, ලංකාවේ බහුලයි. මට දකින්නත් අප්‍රියයි. (නි)
වැදගත් ප්‍රවෘත්තියකින් මෝඩ චූණ් ගන්න එපා ලංකාදීප පාඨකයිනි එහි ඇති තොරතුර ඔබේ දැනුමට ගන්න උත්සාහ කරන්න. ඒ තරම්වත් මොලේ නැත්නම් මෝඩ අදහස් නොලියා ඉන්න. වෙබ් වල පත්තරවල මේ වගේ තොරතුරු දාන්නේ මෝඩ් චූන් ගන්න නෙවෙයි. (ස)
නයි නටවන්නලාට මේ නයි නටවන්න පුරුදු කළා නම් කොළඹ තරු පහේ හෝටල් වලට ගෙනිහිල්ලා හොද ගාණක් හොයාගන්න පුලුවන්. (නි)
බයවෙන්න දෙයක් නැහැ ??? හැම තැනම ඕන තරම් ඉන්නවා ,,,,,,,,(ස)
ලංකාවේ දෙපත් නයි නැහැ? ඔය ඉන්නේ හැමතැනම. (නි)
දැන් දෙපත් නයි ඉවරයි. දැන් ඉන්නේ තුන්පත් නයි. (නි)
වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක හා සත්ව විශේෂ සංරක්ෂණය සදහා හැමදෙනාම සහය විය යුතුයි (ස)
දැනුවත් කිරීම ගැන ඉතාම ස්තුතියි (ස)
ලංකාවෙ ඉන්න දෙපත් නයිනගෙන් මූ වෙන්නැති අහිංසකම. (ත)
ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ දෙපත් නයිනේ (ස)
කැලෑවලින් තුරන් වුණත් සමාජයෙන් තුරන් වෙන එකක් නෑ දෙපත් නයි (ස)
සතා වද වුණත් නම නොදිරන එකෙක්. (නි)
එහනම් නපුරු මිනිස්සුන්ට දෙපත් නයා කියන්නේ ඇයි? (ස)
තව පින්තූර කිහිපයක් යොදා තිබුණනම් හොඳයි .හරියට අදුරන්නේ නැති නිසා අහිංසක සත්තු ගොඩ දෙනෙක් මැරුම්කනවා නිකරුනේ (ස)
ආයතනවල ඔය ඉන්නේ ඇති තරම් දෙපත් නයි.! (ස)
ශ්රී ලංකාවට ආවේනිකයි නේද? වඳ වෙන එකක් නෑ බය වෙන්න එපා (ස)
කොහෙ නැතිවෙන්නද? මෙහේ ඉන්න තරමක් ඉන්නේ දෙපත් නයිනේ. (ත)
මේ දෙපත් නයිව ආරක්ෂා කරන්න ඕන. (ත)
පුදුමයි ඌව නොමරා ගෙනිච්ච එක ගැන. (ත)
එහේ කට්ටිය දෙපත් නයි කියලා දැකලා ඇත්තේ කකුල් දෙකේ අයව වෙන්න ඇති. (නි)
අපේ අය කරන වැඩ දැකලා දෙපත් නයි මාරු වෙලා ගිහිල්ල වෙන්න ඇති (ස)
අපරාදේ....මේ සතාවත් මරා දමනව ඇති නොදැනුවත්කමින්. (ත)
අපේ සමහර දේශපාලනඡයෝ වගේ. (ත)
මේ සතා අහිංසකයිලු. (නි)
කාබනික පොහොර, ස්වභාවික කෘමිනාශක භාවිතාකරමු ඇයි පමා වෙන්නේ. ?(ස)
කකුල් දෙකේ දෙපත් නයින්ට නම් ආරක්ෂාව දෙන්න එපා. (නි)
බයවෙන්න එපා. මේ සත්තු ජාතිය කවමදාවත් වදවෙන්නෙ නැහැ. (නි)
කවුද මේකට වගකිවයුතු. කෘමි නාශක බෙහෙත් විදින ගොවියන් ද නැත්නම් මෙවැනි අපේ රටට ආවේණික සතුන් රැකගන්න ක්‍රම වේදයක් නොමැති පුටු රත් කරන නිලධාරීන් ද ? සුදුසු දේ නොපමාව නොකලොත් අපේ ම ගොඩක් දේවල් අපිට අහිමිවේවි. (ස)
අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මධ්‍ය යම් කිසි වැඩසටහනක් ඉදිරිපත් කළොත් හොදයි විශේෂයෙන් සර්පයින් සම්බන්ධව. මොක ද නොදැනුවත්කම නිසා බයට මිනිස්සු විෂ රහිත සර්පයන් ගොඩක් මරා දමනවා. ඒක වළක්වන්ට පුළුවන් දැනුම්වත් කළානම් පැහැදිලි රූප සටහන් සමගින් (ස)
කෝට්ටෙ පැත්තෙ ඕනෑ තරම් ඉන්නවා .. (ත)
අර නයි නළගනට භාරදුන්නා නම් හරි. (නි)
කටකලුවා කියන්නෙත් මේ සර්පයාටමද? (නි)
ඔය කිවුවට ටිකක් හරි විෂ ඇති. (නි)
පරිසරයට ආදරය කරන ලංකාදීප මාධ්‍ය ආයතනට ගොඩක් පින් මෙීට ඉස්සෙලත් කබැල්ලෑවා ගන තොතරු දැම්මා. මේ වගේ මේ වගේ නිවුස් ඊ පේපර් එකක් විතරක් නෙමෙයි සති අන්ත ලංකාදීප පත්තරේත් සතිකයට එකක් ගානේවත් දාන්න පුළුවන්නම් ගොඩක් හොදයි. මේ වගේ වඳ වී යන සතුන් ශාක ඕනෑතරම් ලංකාවේ තියෙනවා නේ. මම හිතන්නේ ඒක ඔබ වගේ ප්‍රසිද්ධ මාධ්‍යෙය් වගකීමක්. ඒ වගේම ලොකු සමාජ සත්කාරයක් . (ස)
පක්ෂ මාරු කරන දෙපත් නයි නම් ලංකාවේ පිරිලා ඉන්නවා. (නි)
සතා නැතිවුණත් නාමය නම් දිගටම ව්‍යවහාරයේ පවතීවි. (නි)
දෙපත් නයි මේ කාලේට කොහොමත් හොයාගන්න අමාරුයි., මැතිවරණ කාලෙට බලාගන්න පුළුවන් දිවයින පුරාවටම. (නි)
සංජිට බොහොම ස්තූතියි. (නි)
ඇයි අනේ අර එකතැනක ඉන්නේ දෙපත් නයි 225ක්ම... (නි)