දීපිකා රසාංගිකා (55) සහ ඩිලානි මනෝදර (38) ගොඩනැගු අනගි සම්බන්ධතාව නිසා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 181 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 45.3 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදර පස්වැනි කඩුල්ල සදහා පන්දු 91 කදී ලකුණු 60 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය දක්වා යෑමට පහසු මාර්ගයක් සකස් කිරීමට සමත් වූහ.
දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 91 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස් කිරීමට සමත් වූවාය. ඩිලානි මනෝදර පවුරක් බවට පත්වෙමින්, අවස්ථාවට ගැලපෙන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 85 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස් කළාය.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීම දිවා තරගයක් ලෙස පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 180
(ඩිනේන්ද්‍රා ඩොටි 35, ෂෙමනි කැම්බල් 105, උදේශිකා ප‍්‍රබෝදනී 35/3, ශ‍්‍රීපාලි වීරක්කොඩි 19/3)
ශ‍්‍රී ලංකා පිල ඕවර 45.3 කදී කඩුලූ 6 ට 184
(චමරි අතපත්තු 26, ශෂිකලා සිරිවර්ධන 20, දීපිකා රාංගිකා 55, ඩිලානි මනෝදර නොදැවී 38, ශ‍්‍රීපාලි වීරක්කොඩි 21, ස්ටෙෆෙනි ටේලර් 31/2)
(ඡයාරූප: ශාන්ත රත්නායක)
1. උදේශිකා ප‍්‍රබෝදනි පන්දු යවමින්...
2. කැම්බල් ශතකය රැස්කිරීමෙන් පසු..
දීපිකා සහ මනෝදර සම්බන්ධතාව..
දීපිකාගෙන් වේගවත් පහරක්..
දිලානි මනෝදර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
කමෝන් නංගිලා! (නි)
දෙන්නකෝ ඇට්ටි හැලෙන්න. දිනන්න පුලුවන් ජය!(නදී)
සුභපැතුම් ඔබලාට (දී)
ඔබ සැමට ජය.(නදී)
යන්තම් ඇති එකක් දිනුවා. සුභ පැතුම්!(නදී)
දැන් ඉතින් තරගය දවසට බොහෝ දෙනෙකුට බඩගින්නේ ඉන්න වෙනවා. (නි)
බොරු වියදම් ටිකක් කපා හැරලා මේ කොල්ලෝ ටිකගේ දීමනාව ටිකක් වැඩිකළොත් නේද හොද? (නි)
අනේ කොහොම හරි මේක දිනාගන්න..!(නු)
ඔය තියෙන්නේ... පිති හරඹ මෙයාලා දක්ෂයෝ.... අනිත් තරගයත් ගහන්න.. ජය වේවා..!(නු)
ඔබ සැමට ජය! මගේ සුභ පැතුම්! (නි)