IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දීපිකා (55) - මනෝදර (38) සම්බන්ධතාව ශ‍්‍රී ලංකා පිලට කඩුලූ 4 කින් ජය ගෙනෙයි

දීපිකා රසාංගිකා (55) සහ ඩිලානි මනෝදර (38) ගොඩනැගු අනගි සම්බන්ධතාව නිසා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 181 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 45.3 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදර පස්වැනි කඩුල්ල සදහා පන්දු 91 කදී ලකුණු 60 ක අනගි සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය දක්වා යෑමට පහසු මාර්ගයක් සකස් කිරීමට සමත් වූහ.

දීපිකා රසාංගිකා විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 91 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස් කිරීමට සමත් වූවාය. ඩිලානි මනෝදර පවුරක් බවට පත්වෙමින්, අවස්ථාවට ගැලපෙන ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 85 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් රැස් කළාය.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීම දිවා තරගයක් ලෙස පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 50 කදී කඩුලූ 8 ට 180

(ඩිනේන්ද්‍රා ඩොටි 35, ෂෙමනි  කැම්බල් 105, උදේශිකා ප‍්‍රබෝදනී 35/3, ශ‍්‍රීපාලි වීරක්කොඩි 19/3)

ශ‍්‍රී ලංකා පිල  ඕවර 45.3 කදී කඩුලූ 6 ට 184

(චමරි අතපත්තු 26, ශෂිකලා සිරිවර්ධන 20, දීපිකා රාංගිකා 55, ඩිලානි මනෝදර නොදැවී 38, ශ‍්‍රීපාලි වීරක්කොඩි 21, ස්ටෙෆෙනි ටේලර් 31/2)


(ඡයාරූප: ශාන්ත රත්නායක)

1. උදේශිකා ප‍්‍රබෝදනි පන්දු යවමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. කැම්බල් ශතකය රැස්කිරීමෙන් පසු..

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දීපිකා සහ මනෝදර සම්බන්ධතාව..

 

 

 

 

 

 

 

 

 

 

දීපිකාගෙන් වේගවත් පහරක්..

 

 

 

 

 

 

 

 

 

 

 

දිලානි මනෝදර

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දීපිකා (55) - මනෝදර (38) සම්බන්ධතාව ශ‍්‍රී ලංකා පිලට කඩුලූ 4 කින් ජය ගෙනෙයි

දිල්රුක් Monday, 25 February 2013 12:45 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දිල්රුක් Monday, 25 February 2013 12:48 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

දිසානායක Monday, 25 February 2013 01:55 AM

කමෝන් නංගිලා! (නි)

:       0       0

හේරත් Sunday, 24 February 2013 04:01 PM

දෙන්නකෝ ඇට්ටි හැලෙන්න. දිනන්න පුලුවන් ජය!(නදී)

:       0       0

සුනිල් Sunday, 24 February 2013 06:05 PM

සුභපැතුම් ඔබලාට (දී)

:       0       0

හෙට්ටිගේ Sunday, 24 February 2013 07:13 PM

ඔබ සැමට ජය.(නදී)

:       0       0

අනුර Sunday, 24 February 2013 07:15 PM

යන්තම් ඇති එකක් දිනුවා. සුභ පැතුම්!(නදී)

:       0       0

සිසිර Monday, 25 February 2013 10:30 AM

දැන් ඉතින් තරගය දවසට බොහෝ දෙනෙකුට බඩගින්නේ ඉන්න වෙනවා. (නි)

:       0       0

සුභාෂිණි Monday, 25 February 2013 11:22 AM

බොරු වියදම් ටිකක් කපා හැරලා මේ කොල්ලෝ ටිකගේ දීමනාව ටිකක් වැඩිකළොත් නේද හොද? (නි)

:       0       0

රත්නි Sunday, 24 February 2013 09:50 PM

අනේ කොහොම හරි මේක දිනාගන්න..!(නු)

:       0       0

හේරත් එස්. Sunday, 24 February 2013 10:10 PM

ඔය තියෙන්නේ... පිති හරඹ මෙයාලා දක්ෂයෝ.... අනිත් තරගයත් ගහන්න.. ජය වේවා..!(නු)

:       0       0

චන්දිම Sunday, 24 February 2013 10:40 PM

ඔබ සැමට ජය! මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site