දිනූෂ ප‍්‍රනාන්දුගේ (නොදැවී 81) සහ රනේෂ් පෙරේරාගේ (54) විශිෂ්ට සම්බන්ධතාව නිසා වරාය අධිකාරි පිල අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අවසන් මහා තරගයේදී වරාය අධිකාරි පිල විසින් කඩුලූ 3 කින් නාවික හමුදා පිල පරාජය කරන ලදී. වරාය අධිකාරි පිල ඕවර 25.5 කදී ලකුණු 85 කට කඩුලූ හයක් දැවී දැඩි අවිනිශ්චිත තත්ත්වයක සිටියදී දිනූෂ ප‍්‍රනාන්දු සහ රනේෂ් පෙරේරා හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 120 ක සම්බන්ධතාවක් පවත්වමින් අනපේක්‍ෂිත ජයක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. නාවික හමුදා පිල ඕවර 49.5 කදී 206 (ධනුෂ්ක ගුණතිලක 65, ඩිලාන් චන්දිම 82, අනුක් ද අල්විස් 35/3) වරාය අධිකාරි පිල ඕවර 48.1 කදී කඩුලූ 7 ට 209 (හෂාන් ගුණතිලක 31, දිනූෂ ප‍්‍රනාන්දු නොදැවී 81, රනේෂ් පෙරේරා 54)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd