16 හැවිරිදි දැරියකට දින පොතක් දෙන බව පවසමින් දැරිය නිවසට කැඳවා අතවර කරන්නට තැත්කළැයි කියන ගුරුවරයෙක්(48) ගලහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය එන්නට පෙර අසල්වාසීන් දැරිය මුදාගෙන ඇති බවත්, ගුරුවරයා ද හොඳ හැටි පහර කා සිටි බව පෙනෙන්නට තුබූ බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉෂාරාට එකගයි.. අරාබියේ තිබෙන අමානුෂික නීති ගේන්න ඕන නැහැ.. තියෙන නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕන..!(නු)
ළමයි මොනවාද කරන්නේ කියලා දෙමාපියන් සොයා බැලිය යුතුයි..!(නු)
ඉෂාර, ඔබේ අදහස හරියටම හරි. දැන් මේ අය අරාබි නිතිය ක්‍රියාත්මක කරන්න කියලා කිවුවට ඒකේ බරපතලකම තේරෙන්නේ ඒක ක්‍රියාත්මක වුණොත්. (නි)
ගුරුවරුන් දෙවිවරුන් මෙන් සැළකිය යුතු නමුත්, ගුරුකමට නිගා දෙන මෙවැන්නන් ගුරු වෘත්තියෙන් පන්නා දැමිය යුතුය. (නි)
අනේ ගුරුතුමෝ, දිනපොතට ඉස්සරවෙලා කැලැන්ඩරයක් දෙන්න තරම් මොළයක් නැද්ද? (නි)
ජංජාලයයි. (නි)
තනි අතකින් කවදාවත් අත්පුඩි ගහන්න බැහැ. (නි)
දැන් දැන් වෙන දූෂණ, භීෂණ දිහා බැලුවහම පෙනෙන්නේ මේ රටේ මිනිස්සුන්ට නීතිය ගැන අවබෝධයක් නැති බවයි. (නි)
අපි මෙතන නීති පටළවාගන්න ඕනෑ නැහැ. ඒවාට අධිකරණ තිබෙනවා. (නි)
මීට දෙින දෙකට කලින් මතකනේ කොහෙද මුහුදු වෙරලක උපන් ඇදුමෙන් හිටියයි කියලා.. එයාලා දෙන්නාම බාලවයස්කාරයෝ නේද? ඒත් ඒකට නීතිය මොකක් කියලාද ලියවිලා තියෙන්නෙ බන්දුල.,!(නු)
මේ වගේ අය සිටින තුරා රට යන්නේ ආගාධයටමයි. එනිසා මොවුන්ට නිසි දඩුවම් දියයුතුයි. (නි)
හේමන්ත, සිඩ්නි වල උගන්වපු ගුරුවරයෙකුට එහෙම දෙයක් වුණේ සිංහල සංස්කෘතියට හැදුණු අපේම කෙල්ලෙක් හින්දයි. (නි)
ගැහැණුන්ටම දොස් කියන්න එපා දෝහා. අත් දෙකක් ඕනෑ අත්පුඩි ගහන්නත්. (නි)
ළමයාටත් වේවැල් කසාය දෙන්න වටිනවා..!(නු)
මට පෙනෙන්නෙ බොහෝ දෙනෙක් දැරියට දොස් පවරන බවයි. නමුත් ඇත්තටම මෙහෙම දෙයක් සිදුවුණා නම් ගුරුවරයා එහි වගකීම මුළුමනින්ම බාර ගත යුතුයි. මේ දැරිය ගුරුවරයා පොළඹවා ගැනීමට තැත් කළත්, ගුරුවරයාට ඉතා විශාල වගකීමක් තියෙනවා මෙම දැරිය දැනුවත් කර, අදාල අයවලුන්ට දන්වා දැරියගේ යහපතට හේතු වන ලෙස කටයුතු කරන්න. ගුරුවරයෙකුගෙන් සමාජය බලාපොරොත්තු වන්නේ එවැනි සේවයක්. ළමයිනගේ ළමාකමින් හෝ නොදැනුවත්කමින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම නෙවෙයි. (නි)
තිලංග නිවැරදියි. (නි)
අනෙ අම්මෝ! ගෑණු ළමයි අල්ලනවා තියා හිතන්නවත් එපා. හිරේ විලංගුවේ වැටෙන්න තමයි වෙන්නේ. (නි)
නිලංග, මම ඔබ සමග එකගයි. (නි)
මම නිලංග හා එකඟයි. මෙම ගුරුවරයා ගුරු වෘත්තියට නිගා කරන්නෙක්. නමුත් අපි ප්‍රවේශම් විය යුතුයි. හොඳට හොයලා බලන්න ඕනෑ ඇත්තටම මෙහෙම දෙයක් වුණාද කියා. මට පේන්නෙ දැනටම ගුරුවරයාට දඬුවම් දීලා වගෙයි. (නි)
ලංකාවෙ අවුරුදු 16 ළමයෙකුට සමාජය ගැන එතරම් දැනුමක් නැහැ.. දින පොතක් ගන්න ගුරුවරයා ගාවට යන්න ඇති.. ඊට පස්සේ මොනවා වෙයිද ඒ ළමයා හිතන්න නැතිව ඇති.. සේනක ඔයා සිඩ්නිවල ළමයි එක්ක අපේ ළමයි සම කරන්න එපා.. මමත් අවුරුදු 18ක් පිටරටවක ඉන්න කෙනෙක්.. පිටරට අවුරුදු 15 ළමයෙකුට කසාද නොබැද පවුල් කන්න නිදහස තියෙනවා.. අපි සිංහල සේනක.. මතක්කරන්න ඔයාගේ ළමා කාලය..!(නු)
මෙතන අදහස් පල කර ඇති අයගෙන් භාගයක් විතර මේ වගේ වැඩ කරන ලද හෝ කරන්න හිතේ තියාගෙන ඉන්න අය කියලයි මට හිතෙන්නේ. (නි)
අද පාසල් දරුවන් බේරගන්න අමාරු විදුහල්පතිවරුන්ගෙන් සහ පිරිමි ගුරුවරුන්ගෙන්.. මේ අයට දඩුවම් දෙන්න ඕන සෞදි නීතිය අනුව...!(නු)
අනේ මන්දා රේණුකා මොනවා කියනවාද කියලා.. මමත් මේ කියන්නේ උත්සාහ දැරුවේ තනි අතින් අප්පුඩි ගහන්න බැරි බවයි.. මම කවදාවත් ගුරුවරයා හරි කියලා කියන්නේත් නැහැ..!(නු)
මෙහෙම ගියොත් පිරිමි ජාතියම නරකයැයි හංවඩු ගැසේවි. (නි)
මෙතන අප්පුඩි ගැසීමක් සිදුවෙලා නැහැ නේද? (නි)
ඔය අදහස් දාන අයගෙත් හිතේ තියෙන දේ ලොකු වෙනසක් නැහැ..! (නු)
සෞදි නීතිය දෙන්න ඕනි මේ වගේ අයට (ස)
මෙයාට අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න (ස)
ලංකාව සිංහල බෞද්ධ රටක්, අවුරුදු 18 පහුවෙනකන් මේ අය දැරියන් තමයි (ස)
දැංකාලෙ ළමයි නීතිය එයාලාගේ වාසියට හරවාගෙන.. අර ගුරුවරයා හරි කියලා නෙමෙයි මම කියන්න යන්නේ.. නමුත් උනේ මොකද්ද කියලා අපි දන්නෙ නැහැනේ.. මම දන්නවා සිඩ්නිවල සමහර පාසල්වල ඉගෙන ගන්න අදක්ෂ ළමයි ගුරුවරුන්ට තියෙන අකමැත්ත නිසා අකටයුතුකම්කරන ඒවා කියලා බොරු චෝදනා දාලා ගුරුවරයා අමාරුවෙ දානවා.. මේ ගැටවලට අහුවෙච්ච ගුරුවරු ඕන තරම් සිඩ්නිවල ඉන්නවා.. සිංහල කෙනෙකුත් ඔය අතර ඉන්නවා නමුත් අපි කවුරුත් දන්නවා ලංකාවෙ ගුරුවරයා අහිංසක වැදගත් කෙනෙක් බව.. නමුත් අද එයාට රැකියාව අහිමියි..ඕක තමයි ලිංගික අතවර කියන නීතියෙ තියෙන භායානක කම..! (නු)
මේ සිදුවීමත් දිනපොතේ ලියාගන්න..! (නු)
අවුරුදු 16ක් කියන්නේ යමක් තේරෙන ළමයෙක්.. මෙතන සමහර විට වෙන දෙයක් ඇති.! (නු)
මේ කතාවේ අනිත් පැත්තද දන්නේ නෑ සිද්ධ වුණේ. දැන් කාලේ ළමයිනුත් විශ්වාස කරන් බෑනේ (ස)
අරාබියේ නීතීය ක්‍රියාත්මක කලාම කට්ටිය ගිරිය පුප්පගත්තා. මානව හිමිකමුයි ලොවෙත් නැති දේවල්. දැන් ලොකුවට කියනවා "සෞදි නීතිය දෙන්න ඕනි මේ වගේ අයට, මෙයාට අරාබි නීතිය ක්‍රියාත්මක කරන්න" වගේ කතා. මොකක්ද මේ විහිලුව. අදහස් ඔලුවට ආපු පලියට, ඒවා දාන්න නිදහස තිබ්බට මේවගේ දෙවල් දාන්න එපා. (මං කොච්චරක් නිවැරදිද කියන්න මම දන්නෑ, මට දැනුන දේයි කිව්වේ) අනික දලු දාපු එල්ලුම් ගස ක්‍රියාත්මක විය යුත්තන්ටවත් ක්‍රියාත්මක වුනා නම් මෙහෙව් දේවල්(බාල අපචාර, අනෙකුත් දූශන වංචා සහ නීති කැඩීම්) (නු)
16 කියන්නෙත් රැකවරණය ලැබිය යුතු ළමා වයසක් තමා. (ස)
ස්තුතියි නුවන්.. මම හිතුවෙ 14න් පහළ අය ළමයි කියලා..! (නු)
සේනක සිඩ්නි ළමයිනට අපේ ළමයි සම කරන් එපා.. මෙතන ගැහුණු ළමයා වැරදි තමයි.. ගැහැණු ළමයෙක් තනියම ඔහොම ගමන් යනවාද? (නු)
කොහොමද දැරියක් වෙන්නේ....(ස)
දැන් ළමයි ඹිම තමයි (නු)
ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන කිවුවලු. (නි)
දැන් ඉතින් වරද පැටවෙන්නේ ගුරුවරයා මත තමයි. (නි)
හැම ගුරුවරයෙකුටම දිසාපාමොක්ලා වෙන්න බැහැ කියන එක සේනක මතකතියා ගන්න. (නි)
අපෝ! දැන් කාලේ ගෑණු ළමයින්වත් විශ්වාස කරන්න හොද නැහැ. එයාලා තමයි ගුරුවරුත් අමාරුවේ දාන්නේ. (නි)
ගුරුවරයාට දිනපොත ඉස්කෝලෙට ගෙනියන්නනේ තිබුණේ. (නි)
දිනපොත ගන්න ඇයි තනියෙන් ගියේ? (නි)
ළමයාගේ කල්කිරියාව ගැනත් ප්‍රථමයෙන් සොයාබැලිය යුතුයි. (නි)
මේවා දෙමාපියන්ගෙ වැරදි. පාසැල් විෂය මාලාව ගැන විතරයි හොයන්නෙ. ළමයෙකුට පත්තරයක්, ප්‍රවෘත්තියක් බලන්න ඉඩක් දෙන්නෙ නැහැ. ලෝකෙ කොහොම වෙතත් මේ රටේ වෙන අපචාර ගැනවත් ළමයි දැනුවත් කරන්නෙ නැහැ. මේ අපචාර ගැන දැනුවත් වීමක් තිබුණා නම් ළමයි වුණත් මේවගෙ මෝඩ ගමන් යන්නෙ නැහැ. ළමයින්ට තනියම තීරණ ගන්න දෙන්න එපා. අවස්ථාවාදීන්ට ඉඩ ලබා දෙන්නෙ නොදැනුවත්කමයි. (නි)
මෙහි අදහස් දක්වා ඇති බොහෝ අය දැරියට දොස් පවරා ඇති බව නිරීක්ෂණය වේ .වයස අවුරුදු 17 ට අඩු ගැහැණු අයෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික බලපෑමක් කිරීම දුෂණය ලෙස නීතියේ දක්වා ඇති බව බොහෝ පිරිමින් දන්නේ නැති බව පෙනී යයි . (දී)
අනේ මෙහෙමත් රටක්..!(නු)