බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ඡන්ද විමසීමේදී ත‍්‍රිත්ව විදුහලේ දිනුක වික‍්‍රමනායක (1443), ඡන්ද 1000 කට වැඩියෙන් ලබාගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ඡන්ද 1000 කඩයිම පසුකිරීමට සමත් විය.
පස්වැනි සතිය තුළදී ලබාගත් ඡන්ද 1928 ත් සමගින් මුලූ ඡන්ද 9036 ක් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණ හිමි කර ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල් සමත් වී සිටී. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 83 ක් පමණි.
පසුගිය සති කිහිපය ඇතුළත නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණට පැමිණි කැළණිය විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 168 ත් සමගින් සමස්ත ඡන්ද 508 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබේ.
ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡන්ද 3073 ක් ලබා ගෙන තව දුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ඔහු විසින් පසුගිය සතිය තුළදී ඡන්ද 694 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පාඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 9036 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3474 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 2321 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1443 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 868 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 411 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 393 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 174 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 166 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 162 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 123 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 11 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 79 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 48 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 508 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 237 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 105 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 93 |
| භානුක මනිලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 74 |
| චාමිකර අබේසේකර | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 29 |
| සදීප ලක්ෂාන් | බලවන වේයන්ගොඩ විදුහල | 19 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| වලීඞ් ජිෆ්රි | ලේටන් පාර්ක් විදුහල | 3073 |
| සසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 601 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. කවීෂා ගීතාංජන, නුවර හෝටලය, ප‍්‍රධාන වීදිය, හිගුරක්ගොඩ
2. කුමුදුනී අපොන්සු, 274/1, අරුක්ගොඩ, අලූබෝමුල්ල, පානදුර
3. ටී. පී. හුසේන්, 39, සම්පත් උයන, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
4. චරිත් ද සිල්වා, 39, ගුණසේකර වත්ත, රාජගිරිය
**
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුභපැතුම් ඔබට (දී)
ඔහොම යං... ඔහොම යං... (දී)
ජයවේවා.... (දී)
කැළණිය විද්‍යාලෝක නෙවෙයි කැලණිය ශ්‍රී ධර්මාලෝක ම්‍ධ්‍ය මහා විද්‍යාලය කියලා වෙනස් වෙන්න ඕන. (ස)