IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දකුණේ මහ ඇමති විරෝධතා ගොනු කරයි

ගාලු නගරාධිපති පදවියෙන් පහ කිරීමේ නියෝගය ශුන්‍ය සහ බල රහිත කරන ලෙස සර්ටියොරාරි   ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ල මහාධිකරණයට ගොනු කළ පෙත්සමට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා ද, දකුණු පළාත් හිටපු පළත් පාලන කොමසාරිස් සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද අද විරෝධතා ගොනු කළහ.

ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා ඉදිරියේ පෙත්සම විභාගයට ගැනිණි.

විනිසුරුවරයා ඒ දෙදෙනා හැර සෙසු වගඋත්තරකරුවනට  නොතීසි නිකුත් කළේය.

ජනවාරි 17 වැනිදා තමා ඉවත් කරමින් ගත් තීරණය නීති විරෝධී බව හිටපු පුරපති කියයි. සාධාරණය ඉටුකරවා ගැනීමට අධිකරණයට පැමිණි බවත් අධිකරණයේ තීරණය හිස නමා භාරගන්නා බවත් මෙත්සිරි ද සිල්වා මහතා පැවසීය.

නඩුව විභාගයට ගැනීම පෙබරවාරි මස 13 දිනට කල්තැබීය.

මෙත්සිරි ද සිල්වා මහතා උසාවියෙන් නික්ම යන අයුරු



අදහස් (0)

දකුණේ මහ ඇමති විරෝධතා ගොනු කරයි

මුතුකුඩ Thursday, 07 February 2013 05:22 PM

හිරන්ත මහත්තයා, ඒ බන්දුල මහත්තයාගේ දැනුම තමයි ප්‍රදර්ශණය කරලා තියෙන්නේ. මේවාට කියන්නේ දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. නොදන්නා දේට වඩා දන්නා දේ වැඩියි කියායි. (නි)

:       0       0

නුවන් Thursday, 07 February 2013 06:03 PM

ස්වාමින් වහන්සේලා සියලුම දේවල් වලට වඩින එකේ තේරුම මොකක්ද? (නි)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 12:38 PM

මහජනතාවට සේවය කරන්න නිලතල, බලතල ඕනෑ නැහැ. (නි)

:       0       0

හිරන්ත Thursday, 07 February 2013 01:11 PM

බන්දුල, සුඵවෙන් ජනතා සේවයක් කරනවා නම් නිලතල බලතල ඕන නැහැ ඇත්ත.නෛතික බලයක් නැතිව හිතු මතේ මිනිස්සුන්ට ජනතා සේවයක් කරන්න පුඵවන්ද? නගරාධිපති කෙනෙකුගේ සේවය සාමාන්‍ය පුරවැසියෙකුට කරන්න පුඵවන් ක්‍රමයක් තියෙනවා නම් කියලා දෙන්න ඒක ඔයාගේ විශේෂඥ දැනුම ලෝකයට ලබාදීමක් වෙනවා. .(ස)

:       0       0

ප්‍රසාද් Thursday, 07 February 2013 01:29 PM

අධිකරණයත් හොර ගුහාවක් ඒකත් ආණ්ඩුවට කඩේ යනවා. (ස)

:       0       0

වරුණ Thursday, 07 February 2013 01:29 PM

ඕක තමයි කියන්නේ බලය තියෙන කොට මොලේ නෑ... මොලේ තියෙන කොට බලය නෑ කියලා (ස)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 01:34 PM

හිරන්ත,ඒක ඔයාගේ විශේෂඥ දැනුම .(ස)

:       0       0

කුමාරි Thursday, 07 February 2013 02:04 PM

සාධාරණයක් අවශ්‍ය බව පේනවා (දී)

:       0       0

ඉසුරු Thursday, 07 February 2013 02:07 PM

හැමතැනම මොනමොනවා හරි ප්‍රශ්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site