ගාලු නගරාධිපති පදවියෙන් පහ කිරීමේ නියෝගය ශුන්‍ය සහ බල රහිත කරන ලෙස සර්ටියොරාරි ආඥාවක් නිකුත් කරන ලෙස ගාල්ල හිටපු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ල මහාධිකරණයට ගොනු කළ පෙත්සමට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා ද, දකුණු පළාත් හිටපු පළත් පාලන කොමසාරිස් සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද අද විරෝධතා ගොනු කළහ.
ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ.හිරිඹුරේගම මහතා ඉදිරියේ පෙත්සම විභාගයට ගැනිණි.
විනිසුරුවරයා ඒ දෙදෙනා හැර සෙසු වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කළේය.
ජනවාරි 17 වැනිදා තමා ඉවත් කරමින් ගත් තීරණය නීති විරෝධී බව හිටපු පුරපති කියයි. සාධාරණය ඉටුකරවා ගැනීමට අධිකරණයට පැමිණි බවත් අධිකරණයේ තීරණය හිස නමා භාරගන්නා බවත් මෙත්සිරි ද සිල්වා මහතා පැවසීය.
නඩුව විභාගයට ගැනීම පෙබරවාරි මස 13 දිනට කල්තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරන්ත මහත්තයා, ඒ බන්දුල මහත්තයාගේ දැනුම තමයි ප්‍රදර්ශණය කරලා තියෙන්නේ. මේවාට කියන්නේ දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි. නොදන්නා දේට වඩා දන්නා දේ වැඩියි කියායි. (නි)
ස්වාමින් වහන්සේලා සියලුම දේවල් වලට වඩින එකේ තේරුම මොකක්ද? (නි)
මහජනතාවට සේවය කරන්න නිලතල, බලතල ඕනෑ නැහැ. (නි)
බන්දුල, සුඵවෙන් ජනතා සේවයක් කරනවා නම් නිලතල බලතල ඕන නැහැ ඇත්ත.නෛතික බලයක් නැතිව හිතු මතේ මිනිස්සුන්ට ජනතා සේවයක් කරන්න පුඵවන්ද? නගරාධිපති කෙනෙකුගේ සේවය සාමාන්‍ය පුරවැසියෙකුට කරන්න පුඵවන් ක්‍රමයක් තියෙනවා නම් කියලා දෙන්න ඒක ඔයාගේ විශේෂඥ දැනුම ලෝකයට ලබාදීමක් වෙනවා. .(ස)
අධිකරණයත් හොර ගුහාවක් ඒකත් ආණ්ඩුවට කඩේ යනවා. (ස)
ඕක තමයි කියන්නේ බලය තියෙන කොට මොලේ නෑ... මොලේ තියෙන කොට බලය නෑ කියලා (ස)
හිරන්ත,ඒක ඔයාගේ විශේෂඥ දැනුම .(ස)
සාධාරණයක් අවශ්‍ය බව පේනවා (දී)
හැමතැනම මොනමොනවා හරි ප්‍රශ්න (දී)