කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ මුම්බායිහිදී අද (13) පැවැති තරගයේදී දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 110 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග තුනම පරාජයට පත්වෙමින් එම වටයේ අවසන් ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩිකාවන් වන ශෂිකලා සිරිවර්ධන සහ යශෝධා මෙන්ඩිස් ඇතුළු ක‍්‍රීඩිකාවන් කීපදෙනකු මෙම තරගයට සහභාගි නොවූහ.
දකුණූ අප‍්‍රිකානු කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 227
(මිග්නන් ඩූ ප‍්‍රීෂ් 37, ක‍්‍රිසිල්ඩර් බි‍්‍රට්ස් 52, ශන්ද්‍රි ෆ‍්‍රීට්ෂ් 64, ඩැනි වෑන් නිකිර්ක් 40, චමනි සෙනෙවිරත්න 44/3)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 36.4 කදී 117
(චමරි අතපත්තු 63, සඳමාලි දොළවත්ත 21, ඩැනි වෑන් නිකිර්ක් 18/4)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලෙන්න එපා, අපි සුබපතනවා ඔබට (දී)
ඔය තරම් දුර ආව එක සතුටුයි. ඊටත් වැඩිය අර මුල්වටයෙදි පරද්දපු කන්ඩායම් දෙක ගැන හිතලා බලනකොට ආඩම්බරයි කෙල්ලනේ.....(ස)
ලෝකයේ අඩුවෙන්ම පහසුකම් තියෙන අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් ආ දුර ගැන මගේ රට වෙනුවෙන් මට ආඩම්බරයි. ජයවේවා! (නි)
අනේ මන්දා අපේ ක්‍රිකට්... (නි)
මුල් වටයට නොහිටපු කවුද නෝනා කෙනෙක් ඉන්දියාවට ගියාට පස්සේ වැඩේ අවුල් කළා කියලා තමයි අපිට ආරංචිය ආවේ. (නි)