(යොහාන් භාසුර)

ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා අද (23) පස්වරුවේ පැවසීය.

ගමන් වාරයක පළමු කිලෝමීටරයේ රුපියල් 100 ක්ව පැවැති ගාස්තුව රුපියල් 110 ක් දක්වා ද, දෙවැනි කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම පැවැති රුපියල් 85ක ගාස්තුව රුපියල් 90 ක් දක්වා ද, ඉහළ දැමූ බවත් මෙම ගාස්තුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට පමණක් අදාල වන බවත් ජාසිංහ මහතා කීය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල කමිටුව ‘සූම්’ තාක්‍ෂණය හරහා රැස්ව මෙම මිල තීරණය කළ බවත් ඉන්ධන මිල ඉහළ යෑමට සමගාමීව ත්‍රිරෝද රථ වෘත්තීය සංගම් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවත් සභාපතිවරයා පැවසීය.