බලධරයන්ගෙන් අවසරයක් නොමැතිව කල්පිටියේ පල්ලිවාසල්තුරෙයි පෙදෙසේ පශ්චාත් යුද චිත්‍රපටයක් රූගත කරමින් සිටි විදේශිකයකු ඇතුළු සොළොස් දෙනෙක් කල්පිටි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
බිම් බෝම්බ ඇති පෙදෙසෙක වතුරකල හිස මත තබාගෙන පරෙස්සමෙන් යන දෙමළ කතුන්ගේ ජවනිකාවක් රූගත කරමින් සිටියදී කැමරා උපකරණද සමග මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
විදේශ අමාත්‍යංශයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් හෝ වෙනත් ආයතනයකින් හෝ ඔවුන් අවසර ගෙන ඇතැයි දැනගන්නට නැත.
තවත් චැනල් ෆෝ වැනි චිත්‍රපටයක් නිපද වීමට ඔවුන් පැමිණියේදැයි සැකයක් පවතින බව ප්‍රදේශවාසීහු කියති.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අධියර සම්බන්ධයෙන් ප්‍රචාරය කළ චිත්‍රපයට ශ්‍රී ලංකාව දැඩි ලෙස විරෝධය පෑවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වදින්න ගිය දේවාලේ හිසට කඩා වැටීම (දී)
අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. උපරිම දඩුවම් දියයුතුයි. (නි)
යුද චිත්‍රපටයක් නිපද වීමට ඔවුන් පැමිණියේදැයි සැකයක් පවතින බව ප්‍රදේශවාසීහු කියති. මේවට හිනා යනවා (දී)
රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් (දී)
මටනම් සැකයි (දී)
හොද කල්පනාවෙන් ඉන්න. මොකකට එනවද දන්නේ නැහැ (දී)
අමාරුවෙන් රට බේර ගත්තේ, දෙන්න එපා ඉඩ ඔය වැඩ වලට (දී)
මොකකට එනවද මන්දා( දී)
මේ වගේ වැඩ වලට ඉඩ දෙන්න එපා (දී)
ඒ අවේනම් හොදකට වෙන්න බැහැ (දී)
අපි දැන් කරන්න ඕනි මේ අයගෙ දුෂ්ට අරමුනු ලොවට හෙලිවන විධියට මේ අය ගැන වෙනම වාර්තා චිත්‍රපටයක් හදන්නයි.(නු)
මේ අයගෙන් තමයි පරිසසම් විය යුත්තෙ..!(නු)
අල්ලලා නඩු දාන්න (දී)
කෝකටත් පරිස්සමෙන් (දී)
ඕවට ඉඩ දෙන්න එපා (දී)
හොයලා බලන්න මොකට ඇවිත්ද දන්නේ නැහැ (දී)