ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ දැමීම සඳහා සය අවුරුදු සැලැස්මක් ඇතිව තමන් මෙවර නිලවරණයට ඉදිරිපත් වූ බව තිලංග සුමතිපාල මහතා පවසයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වසර 2013-2015 පාලන සමය වෙනුවෙන් සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල මහතා අද (27 වැනිදා) පෙරවරුවේදී සිය නාමයෝජනා පත‍්‍රබාර දුන්නේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වන සුමතිපාල මහතා පවසන්නේ කලකට ඉහතදී පරිපාලනමය වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ආසියාවේ ඉදිරියෙන්ම තිබූ නමුත් පසුගිය වසර කිහිපයක කාලයේදී ආසියාවේ සෙසු රටවල් ශී‍්‍ර ලංකාව අභිබවා ඉදිරියට ගොස් ඇති බවයි.
”අප මෙවර නිලවරණයට එන්නේ ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ නම් වූ විශේෂ වැඩසටහනක් සූදානම් කරගෙනයි... ඉදිරියේදී කුමක් වුණත් ඒ සැලැස්ම පවත්වාගෙන යනවා නම් හොඳයි”
”අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලදී අත්පත් කරගන්නා සාර්ථකත්වයට සමාන්තරව, පරිපාලනමය වශයෙනුත්, දේශීය තරගාවලියේ තරගකාරීත්වය මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයත් ඉදිරියට යා යුතුයි.... අප ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ කි‍්‍රයාත්මක කරන්න සූදානම් වන්නේ ඒ අනුවයි” යයි සභාපති තනතුර සඳහා සිය නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුමතිපාල මහතා ලංකාදීපට පැවසීය.
ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම මේවන විට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය (ප‍්‍රසාද ලකුණු 92) දක්වා පහළ වැටී තිබෙන අතර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 5 වැනි ස්ථානයට (ප‍්‍රසාද ලකුණු 110) ඇද වැටී තිබේ. කෙසේ වෙතත් විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තවමත් ශ්‍රේණිගත අංක 1 ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව ඇත.
”ආසියාවේ පළමු වැනි විස්සයි/20 දේශීය තරගාවලිය සංවිධානය කළේ අපියි. ඒ 2004 දී. ඒත් ඒක ඉදිරියට ගෙනියන්න එක එක ආකාරයේ බාධා ඇතිවුණා......අයි. පී. එල්. තරගාවලිය එන්නේ ඊට වසර 4 කට පස්සේ 2008 දී”
”වත්මන් එස්. එල්. පී. එල්. තරගාවලියත් අපේ දැන් තිබෙන දේශීය තරගාවලියට පෑහෙන්නේ නෑ. ඒකත් අපේ දේශීය තරගාවලියට සරිලන ආකාරයෙන් නැවත සකස් කළ යුතුයි” යයි කී සුමතිපාල මහතා..... ”ඒ සේරටම වඩා වයස අවුරුදු 21 න් පහළ තරගාවලියක් ආරම්භ කළ යුතුයි.. පාසල් වල වයස 19 න් පහළ කි‍්‍රකට් කී‍්‍රඩා කරලා ඉස්කෝලෙන් එළියට එන කි‍්‍රකට් කී‍්‍රඩකයා අතරමං වෙළයි ඉන්නේ.....ඔහුගේ කී‍්‍රඩාවේ රිද්මය දිගටම පවත්වාගෙන යන්න තරගාවලියක් සකස් කරලා දෙන්න ඕනේ” යයිද පැවසීය.
පසුගිය වසරේදී (2012) ජනවාරි මාසයේදීත් සභාපති තනතුරට ඉදිරිපත්වීමට සූදානම් වුවත් අවසන් මොහොතේදී ඊට ඉදිරිපත් නොවූ සුමතිපාල මහතාගෙන් මෙවර ඉදිරිපත් වීමට හේතුව විමසා සිටි කල්හි ඒ මහතා මෙසේ පැවසීය.
”ඇත්තම කියනවා නම් මා පසුගිය වසරේදී සභාපති තනතුරට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ නෑ. මගේ උත්සාහය වුණේ ‘ඉන්ටෙරිම් යක්‍ෂයාගෙන්’ (කි‍්‍රකට් අතුරු කමිටු) මිදෙන්න වසර ගණනාවකට පස්සේ ආපු අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් හොඳ කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරන්නයි”
”ඒ වෙලාවේ ආනා පුංචිහේවා, මොහාන් ද සිල්වා වගේ අයත් අපිත් එක්ක හිටියා. ඒත් අවසන් මොහොතේදී ඒ සකච්ඡ කඩා කප්පල් වුණ නිසා උපාලි ධර්මදාස මහතා සභාපති වුණා”
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඡයාරූපය : ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තියා ගනිල්ලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු ගානකට පස්සට යන එක යනවාමයි. මේ දෙන්නම හරියන්නේ නැහැ.(නදී)
ජය වේවා! ඒ කියන්නේ 2015 ලෝක කුසලානය ගැන අපිට බලාපොරොත්තු තියන්න පුලුවන්. (නි)
2020ට පෙර 2015 ගැන සිතිය යුතුයි. (නි)
ඔබට ජය! (නි)
සුළු සුළු ප්‍රශ්න තියෙන්න ඇති. නමුත් ඔහු ක්‍රීඩාවට යමක් කළ හොද පරිපාලකයෙක් .
තිලංග දක්ෂයෙක් තමයි. ඒත් ලෝක කුසලානයේදී දක්වපු දායකත්වය ගැන නම් සතුටු වෙන්න බැහැ. (නි)
නම්බු නාමයට, ප්‍රසිද්ධියට ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපතිකම දීලා වැඩක් නැහැ. නගර බද පාසැල් වල අයත් ඉහළ නංවමින්, ගම්බද පාසැල් වල අයත් උඩට ගනිම්න් වියදම් කළ හැකි මෙවැනි මෝරුන් පත් කිරීම තමයි සුබ.(නදී)
ඔබ ඔය තනතුරට ගැළපෙනවා. මමත් එය පිළිගන්නවා. (නි)
ඒ කාලේ නම් මේ මහත්තයා ගැනත් එක එක කතා තිබුනා.(නදී)
ඔබ තුමාට ක්‍රිකට් බෝඩ් එක නිසා මැඩම්ගේ කාලේ හිරේ යන්නත් වුනා. මේ පාරෙත් පරිස්සමින් හොදේ.(නදී)