IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තර්ස්ටන් විදුහලේ ජලීල් ඡන්ද 10,000 පසුකරයි

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිට පසුගිය සති පහක කාලයක් පුරාවටම ඡන්ද සටහනේ සමස්ත ලංකා කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 1750 ත් සමගින් ඡන්ද 10,000 සීමව පසු කිරීමට සමතව සිටියි.

එම කාණ්ඩයේම දෙවැනි ස්ථානයේ පසුවූ රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 18 ක් පමණි. කෙසේ වුවත් ටිරෝන්ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 3492 දක්වා වර්ධනය වී තිබේ.

පසුගිය සතිය තුළදී ඡුන්ද 180 ක් ලබාගෙන සමස්ත ඡන්ද 2500 සීමාව ඉක්මවා යාමට සමත් වූ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත මේ වනවිට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.    

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 198 ත් සමග සමස්ත ඡන්ද 706 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව තිබේ.

ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රි ඡුන්ද 3500 සීමාව පසුකිරීමට සමත්වූයේ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 505 ත් සමගිනි. ඔහු තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවෙයි.

මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 10786
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3492
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 2501
දිනුක වික‍්‍රමනායක ත‍්‍රිත්ව විදුහල 1454
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 899
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 471
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 402
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විදුහල 177
දමිඳු අෂාන් පානදුර රාජකීය විදුහල 174
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 167
තමල්ක ඇතුලත්මුදලි කොළඹ ආනන්ද විදුහල 126
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 121
යොහාන් සිල්වා අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල 79
සන්ජික රිද්ම මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල 54

නැගී එන පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 706
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 345
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 307
චාමික අබේසේකර පානදුර ශ්‍රී සුමංගල විදුහල 104
භානුක මනිලංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 103
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 96
සදීප ලක්ෂාන් බලවන වේයන්ගොඩ විදුහල 19
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

අන්තර්ජාතික පාසල් කාණ්ඩය 

කී‍්‍රඩකයා පාසල ඡන්ද
වලීඞ් ජෙෆ්රි ලේටන් පාර්ක් විදුහල 3578
සසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 1296
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ අන්තර් ජාතික විදුහල 17

ත්‍යාග හිමිකරගත් පාඨකයෝ 

1. ජී. එල්. විජේසිංහ, නො. 578, ගොහගොඩ පාර, කටුගස්තොට
2. එච්. පී. ප‍්‍රසන්න සුජිත්, නො. 138/3, ශාලා මංසන්දිය, උහන, අම්පාර
3. ඬේවින් යසත් සේරසිංහ, නො. 24, වික‍්‍රමසිංහපුර, බත්තරමුල්ල



අදහස් (0)

තර්ස්ටන් විදුහලේ ජලීල් ඡන්ද 10,000 පසුකරයි

සේන Tuesday, 26 February 2013 11:27 PM

ඒකත් හලාල් වෙලාද? (නි)

:       0       0

තිලකගේ Tuesday, 26 February 2013 03:29 PM

මේ සුපිරි ක්‍රීඩකයන්ගේ තරඟ වාර්තා පෙන්වන්න.. අපිත් මනාප දෙන්න..(ස)

:       0       0

චින්තක Wednesday, 27 February 2013 01:12 PM

ඔබට අපෙන් සුභපැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site