රත්මලාන ගොළුමඩමේදී බිරිය හා දරු දෙදෙනා මරා දැමූ බව කියන ඇඟළුම් කම්හල් විධායක මදුර මනරංග ද සිල්වා සිය බිරිය සචේතනා සමග පත්වාගෙන ගිය බැංකු දෙකක ගිණුම් අත්හිටුවන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා කළ ඉල්ලීම අනුව තොරතුරු සපයා ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය පොලීසියට නියෝග කළාය.
නඩුවේ මූලික සාක්කි විභාගය අද අවසන් විය. නඩු භාණ්ඩ පිළිබඳ ඩීඑන්ඒ ජාන හා රසපරීක්ෂක වාර්තා ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සැකකරු යළි ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරණු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පවු මිහිරිය මීසේ.............. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ................... (නි)
ඔහු කොන්ද පණ නැති පුද්ගලයෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
මෙහෙම අය මොනවට ලෝකයට බිහිවුණාද? (නි)
අද මොනතරම් හිතින් දුක් වෙනවා ඇතිද? හිතේ තිබෙන සියළුම දේ ආසානව්ල අමතක රකන් ඔබට නීතියෙන් ගැලවීමක් නැහැ.. මරන දඩුවම පසුපසයි.. ඒක ඒකාන්තයි.,!(නු)
ඒක බොහොම හොද තීරණයක්. (නි)
එක පාර මැරෙන එක කොච්චර වාසනාවක් ද කියල හිතෙනව ඇති හැම තත්පරේම මරී මැරී ඉපදෙනවාට වඩා!! අවාසනාවක්. (ස)
අපි දන්න කෙනෙක් ඉන්නවා ත්‍රිත්ව ඝාතනයක් කරලා නඩු දැම්මට පස්සෙ කිසි ගැටළුවක් නැතිව ගෙදර ගිහිං අගේට ඉන්නවා..!(නු)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
මෙයාට ලොකු ලොකු සම්බන්ධතා නැතුව ඇති. (ස)
මේ වගේ පවුකාරයින් ගැන කියන්න වචන නැහැ. (නි)
දැන් කාඩ් එකෙන් සල්ලි ටික අරගෙනද දන්නෙ නැහැ. (නි)